ශරීරයේ ඇතැම් ස්ථාන වල රළු ලප ඇති වන්නේ ඇයි?

තැම් අයගේ සමේ සමහර ස්ථාන අනෙක් ස්ථාන වලට වඩා රළු වී, කළු පැහැ ගැන්වී තිබෙනු දකින්න පුළුවන්. මේ කළු පැහැ ලප වෙල්වට් ස්වභාවයක් ගන්නවා. මේ තත්වයට කියන්නේ “Acanthosis Nigricans” කියලයි. මේ තත්වය සමහර විට පිළිකා වැනි භයානක රෝගයක පෙරනිමිත්තක් වෙන්න ඉඩ තියෙන නිසා මේ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අවුරුදු හතළිහට වැඩි හෝ තරබාරු නොවන අයෙකුගේ ශරීරයේ මෙවැනි ලපයක් හදිසියේ ඇති වුවොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. අද අපි goodhousekeeping.lk හරහා ඔබට ශරීරයේ ඇති වන රළු ලප ගැන ලිපියක් ඉදිරිපත් කිරීමට තීරණය කළා.


fb-like-beg


  • මෙවැනි රළු ලප වැඩි වශයෙන් ඇති විය හැක්කේ කිහිල්ල, බෙල්ල, දණහිස ඇතුලත හෝ පිට, මුහුණේ, ඉකිලි වල, කලවා ආශ්‍රිතව, වැලමිටේ ඇතුලත සහ පිටත, පෙකණිය අසල, ප්‍රජනන අවයව වල, අත්ලේ, පිටි අත්ලේ සහ නකල්ස් ප්‍රදේශ වල, දෙපතුල් වල, තොල් වල සහ පපු ප්‍රදේශය වැනි ස්ථාන වලයි.
  • අත්ලේ සහ පතුලේ ඉතා ඝන ලෙස පිහිටන මෙවැනි ලප ගැන සැලකිලිමත් වී වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්, එය පිලිකාවක ලක්ෂණයක්දැයි හඳුනා ගන්න පුළුවන්.
  • මේවා ලප වලට අමතරව ඉන්නන් ලෙසද පිහිටා තිබිය හැක.
  • මෙම රෝගී තත්වය මඟින් රූපය අවලස්සන වේ. මෙම ලප වැඩිපුර ඇති වන්නේ ආසියාතික සහ අප්‍රිකානු රටවල ජීවත් වන පුද්ගලයන් අතරය.

මෙවැනි ලප ඇති වීම පසු පස තිබිය හැකි සාධක

පිළිකා රෝගයක් නිසා –

  • අත්ලේ මෙවැනි ලප පිහිටා ඇත් නම් ආමාශයේ හෝ පෙනහළු වල ඇති වී තිබෙන පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.
  • කිහිල්ලේ මෙවැනි ලප පිහිටා ඇත් නම් එය ආමාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.
  • දෙපතුලේ, තොල් වල හෝ මුහුණේ පිහිටා ඇත්නම් එය අමාශයේ, පියයුරු වල, වකුගඩු වල, පෙනහළු වල, පිත්තාශයේ හෝ ගර්භාශයේ ඇති වූ පිළිකාවක් හඟවන ලක්ෂණයක් විය හැකියි.

  • මානසික ආබාධයක ප්‍රතිඵලයක් ලෙස – උදා : මන්ද බුද්ධික බව
  • තයිරොක්සින් හෝමෝනය අඩු වීම නිසා
  • පිටියුටරි ග්‍රන්ථයේ ඇති රෝගී තත්වයක් නිසා
  • දියවැඩියා රෝගය නිසා ඇති වන ඉන්සියුලින් ප්‍රතිවිරෝධක අවස්ථාවකදී  
  • කුෂින් සින්ඩ්රොම් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස
  • පොලිසිස්ටික් ඕවරි සින්ඩ්රොම් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස
  • අධික ලෙස තරබාරු අයට
  • ජානමය හේතුන් මතද මෙවැනි ලප ඇති විය හැක. සමහර දරුවන්ට මේ ලප උපතින්ම පිහිටයි. නැති නම් ළමා කාලයේදී ඇති වී වයසත් සමඟ පැතිර යා හැක.
  • ශරීරයට නොගැලපෙන ඇතැම් ඖෂධ භාවිතයෙන් මෙවැනි ලප ඇති වීමට ඉඩ ඇත. උපත් පාලන පෙති සහ සිරෝසිස් රෝගයට ලබා දෙන බෙහෙත් නිසා මෙවැනි ලප බොහෝ විට ඇති විය හැක.
  • වකුගඩු බද්ධ කල පසු ඇතැම් අයට මෙවැනි ලප ඇති වේ. – මෙවැනි ලප පිහිටා ඇති අය මේවා ගැන සැලකිලිමත් වී වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. වෛද්‍යවරයෙකු ඔබේ ලප වලට ඇති හේතුව සොයා ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇත.
  • ඔබේ රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම.
  • ඔබ ලබා ගන්නා අනෙකුත් බෙහෙත් වර්ග සහ ඔබේ රෝගය අතර සම්බන්ධයක් තිබේදැයි සෙවීම.
  • සමෙන් කොටසක් බයොප්සි පරීක්ෂණයක් සඳහා යැවීම.
  • බර අඩු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම.
  • මෙට්‍රොමින් ලබාදීම.
  • හේතුව හෝමෝන සම්බන්ධ ගැටළුවක් නම් හෝමෝන සහ විටමින් ලබාදීම.
  • Retin – A ලබාදීම.
  • Salicyclic Asid ලබාදීම.
  • Alpha Hydroxy Acid ලබාදීම.

ඔබට අවශ්‍ය නම්, පිටතට යන අවස්ථා වලදී මෙවැනි කළු ලප මත ඔබේ සමේ වර්ණයට ගැලපෙන මේකප් ආලේප කිරීම මඟින් එය නොපෙනෙන සේ සැකසිය හැක.

SHARE