බි
ත්තර ඇල්බියුමින් කියන්නේ බිත්තර සුදු මදයෙන් හදන ගුණවත් පානයක් කිව්වොත් නිවැරදියි. මේවා ලබා දෙන්නේ ජීර්ණ ශක්තිය අඩු රෝගීන් සඳහායි. ජීර්ණ ශක්තිය අඩු රෝගියෙකුට පහසුවම පෝෂ්‍ය පදාර්ථ රැසක් එකවර ශරීරගත කිරීමට මෙය සමත් වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා බිත්තර ඇල්බියුමින් එකක් සකසා ගන්නා ආකාරය ගැන ඔබට කියා දෙන්නට.


fb-like-beg


අවශ්‍ය ද්‍රව්‍ය (එක් අයෙකුට)

  • බිත්තර සුදු මැද 1ක්
  • කුරුඳු කැබැල්ලක්
  • කරාබු නැටි 1ක්
  • තේ කොළ තේ හැඳි භාගයක්
  • සීනි තේ හැඳි භාගයක්
  • දෙහි යුෂ තේ හැඳි භාගයක්
  • ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • බ්‍රැන්ඩි තේ හැඳි 1ක්

ක්‍රමය

කුරුඳු කැබැල්ල, කරාබු නැට්ට සහ තේ කොළ වලට උණු වතුර දමා පැසෙන්නට මඳ වෙලාවක් තබන්න. විනාඩි පහකට පමණ පසු තේ වෙනම කෝප්පයකට පෙරා ගන්න.

බිත්තර සුදු මදය වෙන් කරගෙන බඳුනකට දමා සීනි, ලුණු, දෙහි යුෂ යොදා හැන්දකින් පෙණ නැඟෙන තුරු ගසා ගන්න.

ඉන්පසුව තේ සහ බිත්තර ද්‍රාවනය එකට මුසු කර කලවම් කර ගන්න.

ඉන් පසුව මිශ්‍රණය නැවත පෙරා ගන්න. අවසානයේ එයටම බ්‍රැන්ඩි තේ හැන්දත් එක් කරන්න.   

බිත්තර ඇල්බියුමින් එකක් ජීර්ණ ශක්තිය අඩු රෝගීන්ට ගැලපෙන්නේ මේ නිසයි

බිත්තර සුදු මදයක අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. එහි මේදය අඩංගු වන්නේත් නැහැ. නමුත් එහි අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය අධිකයි. ඉතින් ජීර්ණ ශක්තිය අඩු රෝගියෙකුට වැඩි පෝෂ්‍ය පදාර්ථ  ප්‍රමාණයක් ලබා ගැනීමටත්, දිරවීම පහසු කිරීමටත් මෙය කදිම ආහාරයක්.

මෙම පානයේ ඇති විටමින් C මඟින් සිරුරට යකඩ උරා ගැනීමත් පහසු කරවනවා.

SHARE