ගේ බිරිඳගේ මවට මානසික රෝගයක් වැළඳී ඇති බව හෙළි වුනා. ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව මා මිතුරු වෛද්‍යවරයා නිර්දේශ කළා. මටත් ඕනේ වුනේ ඇයට ඖෂධ ලබා දීලා, ඇයව සුව කර ගන්නයි. ඒත් මගේ බිරිඳ එය ඇසුණු මොහොතේ සිට කලේ හඬා වැටීමයි.

“අනේ මට පුලුවන්ද අම්මට කියන්න අපි බේත් ගමු කියලා. මේ මහලු වයසේදී මම කොහොමද මේ බව කියලා අම්මගේ හිත රිදවන්නේ?” ඇය දිගින් දිගටම හඬා වැටුනේ එහෙම කියමින්.

 


fb-like-beg


 

එය සිදු වුනේ හරි පුදුමාකාර විදිහට. මගේ බිරිඳ ඇගේ පවුලේ එකම දරුවායි. ඇගේ මව පියෙකුවත් නැතුව ඇයව රැක බලාගෙන තිබුණා. මට මගේ බිරිඳව හමු වුන දවස් වල නම් ඇගේ මව ඉතාමත් කාරුණික කාන්තාවක්.

ඇය මගේ බිරිඳටත් වඩා කාරුණික චරිතයක් වෙලා හිටපු බව කියන්න මම කවදාවත් පැකිලෙන්නේ නැහැ. ඇය මට සැලකුවෙත් ඇයගේම දරුවෙකුට වගේ. විවාහයෙන් පස්සේ මම මගේ බිරිඳ එක්ක මාස 3ක සංචාරයක් සඳහා පිටරට ගියේ මගේ සියලු ව්‍යාපාර කටයුතු මගේ අයියලා දෙන්නට භාර දීලයි. ඒ ගියේ මගේ බිරිඳගේ මවගේ ආශිර්වාදයත් ලබාගෙනයි.

ඒත් අපි ආයේ ලංකාවට එද්දී ගොඩක් දේවල් වෙනස් වෙලා. මගේ බිරිඳගේ අම්මාගේ කාරුණික ස්වරුපය සම්පුර්ණයෙන්ම අතුරුදහන් වෙලා. ඇය මමත්, මගේ බිරිඳත් දිහා බලන්න ගත්තේ තරහින්. හරියට අපි ඇයට වරදක් කළා වාගෙයි.  

මමත් මගේ බිරිඳත් මනෝ වෛද්‍යවරයෙකු වෙත ගිහින් අම්මාගේ චරිත ලක්ෂණ වල වෙනස් වීම ගැන කිව්වා. ඔවුන් කිව්වේ ඇයට විශාදය නමැති මානසික ගැටළුව පැන නැඟී ඇති බවත්, හැකි ඉක්මනින් ඇයව වෛද්‍යවරයා වෙත ගෙන එන්න කියලයි. තමන්ගේ එකම දියණිය විවාහ දිවියට ඇතුළු වීම සහ මාස 3කට විදේශගත වීම නිසා දැනුනු තනිකම, දියණියගේ ජිවිතයට නව පුද්ගලයෙකු පැමිණීම නිසා තමා තනි වනු ඇතැයි දැනෙන අහේතුක බිය ආදී හේතුන් නිසා තමයි ඒ අම්මාට මෙවැනි තත්වයකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබුනේ.  

ඒත් මගේ බිරිඳ ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඉතින් අපිට ඇගේ අම්මව වෛද්‍යවරයෙකු වෙත පෙන්වන්න අවස්තාව ලැබුනේ නැහැ. කාලය ගත වෙලා ගියේ දහසක් ප්‍රශ්න මැද්දේ. ඒ අම්මාගේ රැවුම් ගෙරවුම් මැද්දේ මගේ බිරිඳ එන්න එන්නම සිත් පීඩාවට පත් වුනා. ඒත් මගේ බිරිඳ අම්මාට වචනෙකින් රිදෙව්වේ නැහැ. ඇය ඒ සියල්ල දරාගෙන හැකි උපරිමයෙන් තමන්ගේ අම්මාට සැලකුවා.

එක දවසක ඇය අපි කවුරුත් නොහිතපු විදිහට නිදි පෙති අධික මාත්‍රාවකින් අරගෙන තිබුනා. අපි ඇයව රෝහලට අරගෙන යනකොටත් ඇය අපේ අතරින් සමු අරන් තිබුණා.

මගේ බිරිඳ හඬා වැටුනත් සියල්ල සිදු වී අවසන් වෙලා තිබුණා. ඇය සියදිවි නසා ගන්නට පෙර ලිපියක් ලියලා තිබුනා. එහි තිබුනේ ඇගේ එකම දියණිය විවාහයෙන් පස්සේ ඇයට වෙනස්කම් කරන්න පටන් ගත්තු නිසා ඇති වුනු සිත් වේදනාවෙන් ඇය ජිවිතයට හානි කර ගන්න තීරණය කළා කියලයි.

ඉතින් සමාජයෙන් මගේ බිරිඳට එල්ල වුනේ සුළුපටු පීඩනයක් නෙවෙයි.

“ඒ මනුස්සයා තාත්තත් නැතුව ඔය කෙල්ලව හදා ගත්තේ. මොන හිතකින්ද ඔය කෙල්ල තමන්ගේ අම්මව වෙනස්කම් කරලා මරා ගත්තේ?”

කිසිම දෙයක් හොයලා නොබලපු සමාජය මගේ බිරිඳට ඇඟිල්ල දික් කලේ එහෙමයි. මගේ බිරිඳ තමන්ගේ අම්මට මොන තරම් ආදරයෙන් සැලකුවද කියලා දැනගෙන හිටියේ මම විතරයි. ඒත් මට ඒ බව සමාජයට පැහැදිලි කරලා දෙන්න හැකියාවක් තිබුනේ නැහැ. ඇත්තටම කවුරුවත් මාව විශ්වාස කලේ නැහැ. ඔවුන් හිතුවේ මම මගේ බිරිඳව සමාජ අපවාදයෙන් බේර ගන්න බොරු කියනවා කියලයි.

මගේ බිරිඳ එන්න එන්නම මානසිකව වැටෙද්දී මට මගේ බිරිඳවත් මනෝ වෛද්‍යවරයෙක් වෙත ගෙනියන්න සිදු වුනා. ඔහු ලබා දුන්නු උපදේශන වලින් සහ බෙහෙත් වලින් මගේ බිරිඳ කෙමෙන් කෙමෙන් සුව අතට හැරුනා. ඒ වෛද්‍යවරයා මට අවසානයේදී අඬ ගහලා මෙහෙම කිව්වා.

“පුතා මම එදා කිව්වා නේද අම්මව ඉක්මනටම මගේ ගාවට අරගෙන එන්න කියලා. ඔයාලා අම්මව අරගෙන ආවා නම් මේ තරම් විනාශයක් සිදු නොවෙන්න තිබුනා. මානසික රෝගයක් වැලඳෙනවා කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවෙයි. එදා ඔයාලා අම්මව මගේ ගාවට අරගෙන නොඑන්න ගත්තු තීරණය නිසයි මේ හැම දේම වුනේ. ඒත් මේ වෙලාවේදී පුතා වයිෆ්ව මගේ ගාවට අරගෙන එන්න ඕනේ කියලා තීරණය කරපු එකෙන් අනාගතයේදී වෙන්න තිබුණු විනාශයන් රැසක් නැවතුනා කියලා පුතාට සතුටු වෙන්න පුලුවන්. වයිෆ්ව හොඳට බලා ගන්න.”

දැන් මගේ බිරිඳට සම්පුර්ණයෙන්ම සුවයි. ඒත් අපිට තව දුරටත් ලංකාවේ ඉන්න පුළුවන් වුනේ නැහැ. මගේ බිරිඳගේ අම්මා අවසාන මොහොතේදී ලියපු ලියුම ගැන ඒ වෙනකොටත් කටින් කට කට පැතිරිලයි තිබුනේ. ඉතින් මම මගේ දේපල විකුනලා, පිට රටින් රැකියාවක් හොයාගෙන මගේ බිරිඳවත් අරගෙන පදිංචියට ආවා.

SHARE