පි ගොඩක් වෙලාවට කතා කරන්නේ බර අඩු කර ගැනීම පිළිබඳවනේ. නමුත් මහත් වෙන්න සිහින දකින පිරිසකුත් අප අතරේ ඉන්නවා. අන්න ඒ කට්ටියටයි අපේ මේ ලිපිය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මහත් වෙන්න උත්සාහ කරද්දී හොඳින් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. සීනි සහ මේදය අඩංගු ආහාර බර වැඩි කර ගැනීමට උපකාරී වුවත්, සිරුරට අහිතකරයි. ඒවා අනවශ්‍ය ලෙස භාවිතා කිරීම ලෙඩ රෝග රැසකට අත වැනීමක් කිව්වොත් නිවැරදියි. මේ නිසා බර වැඩි කර ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන දැනුවත් වීම වැදගත් වෙනවා.


fb-like-beg


අර්තාපල් අල

අර්තාපල් කියන්නේ බර වැඩි කර ගැනීමට උපකාරී වන ආහාරයක්. පිෂ්ඨයෙන් පරිපුර්ණ වුනු අර්තාපල් ඉක්මනින් දිරවනවා. මෙහි ඇති පිෂ්ඨය ඉක්මණින්ම ග්ලුකෝස් බවට හැරෙනවා. ඒ වගේම අර්තාපල් විටමින් C සහ පොටෑසියම් වලින් අනුනයි.

වියලි පලතුරු

වියලි පලතුරු වල ජලය ඉවත් කර ඇති නිසා සියලු ගුණ සාන්ද්‍රණය වී තිබෙනවා. මේවායේ විටමින් වර්ග සහ සීනි යහමින් අඩංගුයි. මේ වියලි පලතුරු ඔබට යෝගට්, සලාද හෝ සීරියල් වැනි ගුණවත් ආහාර සමඟ මුසු කර ආහාරයට ගත හැකි නම් ඉතා අගනේය.

අලිගැටපේර

අලිගැටපේර කියන්නේ බර වැඩි කර ගැනීමට උපකාරී වන ගොඩක් ගුණවත් සහ සෞඛ්‍යසම්පන්න පළතුරක්. මෙහි සිරුරට හිතකර මේදය යහමින් අඩංගුයි. කෙසේ වෙතත් අලිගැටපේර ආහාරයට ගැනීමේදී සීනි මුසු නොකර ආහාරයට ගත හැකි නම් එය තවත් සෞඛ්‍යසම්පන්න වෙනවා.

කෙසෙල්

අනෙකුත් පලතුරු වර්ග වලට සාපේක්ෂව කෙසෙල් වල අඩංගු කැලරි ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය වැඩියි. කෙසෙල් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය තත්වය රැක දීම, සුවදායි නින්දක් ලබා දීමටත් උපකාර කරනවා.

චීස්

චීස් අවුන්සයක කැලරි 110ක් අඩංගු වෙනවා. ඒ වගේම චීස් කැල්සියම් සහ ප්‍රෝටීන් වලිනුත් අනුනයි. ඔබේ බර වැඩි කර ගැනීමට චීස් හොඳ උපකාරක ආහාරයක්.

කජු වර්ග

කජු, රට කජු, ආමන්ඩ් ඇට ඇතුළු ධාන්‍ය වර්ගත් ඔබේ සිරුරේ බර වැඩි කර ගැනීමට උපකාර කරනවා. මෙම ඇට වර්ග වල හදවත හිතකර මේද වර්ග සහ තන්තු යහමින් අඩංගුයි. බොහෝමයක් ඇට වර්ග වල ඔමේගා 3 අම්ලයත් අඩංගු වෙනවා.

පලතුරු බීම

පලතුරු බීම වල සීනි වගේම පෝෂක වර්ග රැසක් අඩංගු වෙනවා. පුරුද්දක් ලෙස පලතුරු බීම පානය කිරීමෙන් ශරීරයේ බර ක්‍රම ක්‍රමයෙන් වැඩි කර ගත හැකියි.

යෝගට්

යෝගට් වල ප්‍රෝටීන්, සිරුරට හිතකර මේදය සහ සීනි අඩංගු වෙනවා. එහි ඇති කැලරි ප්‍රමාණයත් ඉහලයි.

ගව මස්

ගව මස් මේදය, ප්‍රෝටීන් සහ යකඩ වලින් අනුනයි. ගව මස් ආහාරය ගැනීමෙන් රතු රුධිරානු වර්ධනය, මාංශ පේශි වර්ධනය වීම, දේහ බර වැඩි වීම ආදී ප්‍රයෝජන අත් වෙනවා.

       

SHARE