මිනිසුන්ට එක් එක් අවස්ථාවන්හිදී නොසිතු කරදර, අහිමි වීම් සහ වේදනාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී ඇතැම් ආහාර වර්ග ලබා ගැනීම භයානක වන අතර, තවත් ආහාර වර්ග ලබා ගැනීම මඟින් ආතති ස්වභාවය පහව යනවා. ඉතින් ඉක්මනින්ම ඔබේ මානසික පීඩාවන් දුරු කර ගන්න නිවැරදි ලෙස ආහාර තෝරා ගැනීමෙන් ඔබට හැකි වේවි. අද අපි ඔබට goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.


fb-like-beg


ඔබ ආහාරයට එක් කර ගත යුතු දෑ

  • ඇට වර්ග – ඇට වර්ග වල මානසික ආතතිය දුරු කිරීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඒවායේ ඇති විටමින් B මෙයට බලපානවා
  • සැමන් – සැමන් සතියට දෙවතාවක් පමණ ආහාරයට ගත හැකි නම් ඔබේ මානසික ආතතිය පහසුවෙන්ම දුරු වෙනවා. සැමන් වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය තමයි මෙයට හේතු වන්නේ.
  • නිවිති – නිවිති වල මැග්නීසියම් බහුලව අඩංගු වෙනවා. මානසික ආතතිය වැඩි කරවන කොටිසෝල් හෝමෝනය සාමාන්‍ය කරන්නටත්, රුධිර පීඩනය පාලනය කරන්නටත් මේ නිවිති වල අඩංගු මැග්නීසියම් හේතු වෙනවා.
  • ඕට්ස් – ඕට්ස් කියන්නෙත් මනස සනසවාලිමට උදව් කරන ධාන්‍ය වර්ගයක්. මානසීක පීඩනය අඩු කිරීම සඳහා නිපදවෙන හෝමෝනයන් නිපදවීම සඳහා ඕට්ස් උපකාරී වෙනවා. ඒ වගේම රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වෙද්දීත් මානසික පීඩනය වැඩි වෙනවා. ඕට්ස් ආහාරයට ගැනීමෙන් එම ගැටලුවත් විසඳෙනවා.
  • ඩාර්ක් චොකලට් – දිනකට ඩාර්ක් චොකලට් අවුන්ස 1.4 බැගින් සති දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් මනසේ පීඩනය වැඩි කිරීමට හේතු වන කොටිසෝල් හෝමෝනය නිපදවීම පාලනය වෙනවා. ඩාර්ක් චොකලට් මිලදී ගැනීමේදී සීනි රහිත, 70%කට වඩා කොකෝවා අඩංගු වර්ගයකින් තෝරා ගන්න.
  • බිත්තර – බිත්තර වල විටමින් D යහමින් අඩංගු වෙනවා. එමෙන්ම එහි ප්‍රෝටීන් සහ සිරුරට අවශ්‍ය අම්ල වර්ග අඩංගු වෙනවා. බිත්තර වල ඇති Tryptophan අම්ලය මානසික පීඩාවන් දුරු වීමට උපකාරී වෙනවා.
  • කහ – කහ කියන්නේ කුළු බඩුවක්. මේවා ආහාරයට යෙදීමෙනුත් මානසික ආතතිය දුරු වීම ඉක්මන් වෙනවා.
  • යෝගට් – යෝගට් වල සිරුරට හිතකර Lactobacillus සහ Bifidobacteria යන බැක්ටීරියා වර්ග අඩංගු වෙනවා. මේවා මනසේ ආතතිය සහ විඩාව දුරු කර ගැනීමට උපකාර කරනවා.

 

ඔබ වැළකී සිටිය යුතු ආහාර

  • සකස් කරන ලද ආහාර – ස්වභාවික නොවන සැකසු ආහාර මානසික ආතතියකින් පෙලෙන්නෙකුට සුදුසු නැහැ. මේවා සකසන ක්‍රමයත්, මේවාට යොදන අමුද්‍රව්‍යත් කෘතිමය. මේවා ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය වැඩි වෙනවා.
  • සුදු පාන් පිටි වලින් සැකසූ ආහාර -සුදු පාන් පිටි වලින් සකසන ලද ආහාර ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අපහසු කිරීමට බලපානවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ මානසික ආතතිය වැඩි වෙනවා.
  • මත්පැන් – මත්පැන් ඔබේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට, නින්දට හානි කරනවා. ඔබේ සිරුරේ හෝමෝන නිපදවීමේ ක්‍රියාවලිය අවුල් කර දමනවා. ආතති හෝමෝනයක් වන කෝටිසෝල් හෝමෝනය නිපදවෙන ප්‍රමාණය වැඩි වෙනවා. මත්පැන් භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස නින්ද නොයෑම ඇති වෙන නිසාත් මානසික ආතතිය ඉහල යනවා.
  • කැෆේන් – කැෆේන්පමණට වඩා භාවිතයට ගැනීමෙන් මානසික පීඩන තත්වය ඉහල යනවා. කැෆේන් අඩංගු පාන වර්ග අතර කෝපි ඉහලම තැනක් ගන්නවා.
  • සීනි – බොහෝ දෙනෙක් මානසික ආතතිය වැඩි වූ විට සීනි සහිත ආහාර ලබා ගන්නවා. නමුත් එමඟින් සිදු වන්නේ මානසික ආතතිය තවත් වැඩි වීමයි. මේ නිසා එවැනි අවස්ථා වලදී පලතුරු, ඩාර්ක් චොකලට් වැනි යමක් ආහාරයට ගැනීමට පුරුදු වන්න.

 

          

 

SHARE