ගැබ් ගත් සෑම කාන්තාවකගේම සිහිනය වන්නේ නිරෝගී දැරූ උපතක්. ඒත් දරුවා ලැබෙන තුරුම ඔවුන් යම් අවදානමකින් පෙළෙනවා. දරුවා ලැබෙන තුරු ඇය බොහෝ පරිස්සම් විය යුතුයි. නිවැරදිව ස්කෑන් පරීක්ෂාවන් සිදු කර ගත යුතුයි. විශේෂයෙන්ම දියවැඩියාව, හදවත් රෝග සහ අපස්මාරයෙන් පෙලෙන ගැබිණි මව් වරුන්ට ගැටළු ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ඇති විය හැකි සංකුලතා කිහිපයක් ගැන ඉදිරිපත් කරන්න goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.


fb-like-beg


ගර්භාෂයෙන් පිටත දරුවෙකු පිළිසිඳ ගැනීම

  • මෙය එක්ටොපික් ගර්භය ලෙස හඳුන්වනවා. මෙවැනි දෙයක් සිදු වන්නේ සංසේචනය වූ ඩිම්බය ගර්භාෂය තුල තැම්පත් නොවී, වෙනත් තැනක තැම්පත් වීමයි. ගර්භාෂයෙන් පිටත දරුවෙකු පිළිසිඳ ගැනීම් වලින් බොහෝමයක් ඇති වන්නේ පැලෝපිය නාලය තුලයි. පැලෝපිය නාලය තුල සිදු වන තැම්පත් වීම් නාල ගර්භය ලෙස හඳුන්වනවා. මීට අමතරව ඩිම්බ තැම්පත් වීම ගර්භාෂය සහ පැලෝපීය නාලය සම්බන්ධ වන ස්ථානයේ, ඩිම්බ කෝෂ වල, උදාර කුහරය තුල හා ගැබ්ගෙල මත සිදු වෙන්න පුළුවන්.
  • මේවායින්, පැලෝපීය නාල තුල දරුවෙකු පිළිසිඳ ගැනීම ඉතා භයානකයි. සති 8කට හෝ 10කට පසුව එය පුපුරා අධික රුධිර වහනයක් ඇති වී, මවගේ ජිවිතයට පවා අනතුරක් විය හැකියි.
  • මෙවැනි පිහිටීමක් සිදු වන්නේ ශ්‍රෝණි පටක වල ඇති වන ආසාදන තත්වයක් නිසා වෙන්න පුළුවන්.
  • නාල ගර්භයක් ඇති වූ විට යටි බඩේ වේදනාව, මාස් ශුද්ධිය නොමැති වුවත් යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම, අඩු වෙමින් වැඩි වෙමින් පවතින උදර වේදනාව, එක් උරහිසක වරින් වර ඇති වන වේදනාව වැනි ලක්ෂණ ඇති වෙනවා. මෙවැනි සංකුලතා ඇති වෙනවා නම්, ඇයව වහා වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුය.
  • වෛද්‍යවරයෙකු විසින් කාන්තාව ගැබ් ගෙන ඇත්දැයි දැන ගැනීමට සහ කළලය පිහිටි ස්ථානය දැන ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනු ඇත. ස්කෑන් පරීක්ෂාවකින් දරු කළලය පිහිටි ස්ථානය නිශ්චිතවම දැන ගන්න පුළුවන්.
  • මෙවැනි තත්වයකදී සැත්කමක් මඟින් උදරය විවෘත කර, නාල ගර්භය පුපුරා යාමට පෙර ඉවත් කිරීම සිදු කරයි. මීට අමතරව ඖෂධ භාවිතා කර, නාල ගර්භයේ වැඩීම නවත්වන ප්‍රතිකර්ම ක්‍රමද පවතී

ගබ්සාව

  • සති 28කට පෙර දැරූ ගැබ ඉබේම ඉවත් වීම ගබ්සාවක් ලෙස හඳුන්වනවා. බොහෝ විට ගබ්සාව සිදු වන්නේ කලලයට සති 10- 12 කාලය තුළදීයි.
  • ගබ්සාවක් සිදු වීම සම්පුර්ණයෙන් හෝ අසම්පුර්ණයෙන් සිදු විය හැක. අසම්පුර්ණ ගබ්සාව හඳුන්වන්නේ තද්දිත ගබ්සාව යනුවෙනුයි. මෙහිදී, ගැබ් ගත් මුල් සමයේ සිදු වන රුධිර පිට වීමකින් තද්දිත ගබ්සාව හඳුනා ගන්න පුළුවන්.

ගබ්සාවක් ඇති වීමට බලපාන කරුණු

♦ ගර්භාශයේ හැඩය නියමිත හැඩයට වඩා වෙනස් වීම

ගර්භාශයේ සාමාන්‍ය හැඩය ත්‍රිකෝණාකාරයි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය දෙකට බෙදී සාමාන්‍ය හැඩය වෙනස් වෙනවා. මෙය නිසා ගබ්සා වීම් විය හැකි වුවත්, මෙය ගබ්සා වීමට ප්‍රධාන ලෙස බලපාන හේතුවක් නෙවෙයි.

♦ ජානමය ගැටළු

ඇතැම් ජානමය ගැටළු වල ප්‍රතිඵලයක් ලෙස කළලය ගර්භාශයේ තැම්පත් වීමට බාධා ඇති කරනවා.

♦ හෝමෝන වල ගැටළු

ගැබ් ගත් මුල් කාලය ඇතුලත සිදු වන හෝමෝන වල වෙනස් වීම් නිසාත් ගබ්සාවන් සිදු විය හැකියි.

♦ ආසාදන තත්වයන්

ගර්භාෂය තුල ඇති වන ආසාදන තත්වයන් සහ කළලයේ ඇති වන ආසාදන තත්වයන් නිසාත් ගබ්සා වීම් සිදු විය හැකියි.
සැ.යු : නමුත් සුද යාම වැනි දිලිර ආසාදන නිසා ගබ්සා වීම් සිදු නොවේ.

♦ රෝගී තත්වයන්

ප්‍රතිකාර නොකළ තයිරොයිඩ් රෝග, පාලනය නොකළ දියවැඩියාව, දිගුකාලීන වකුගඩු රෝග සහ රුධිර කැටි ගැසීම වැනි රෝගී තත්වයන් නිසා ගබ්සා වීම් සිදු විය හැකියි.

♦ ගැබ් ගෙලේ දුර්වලතා

ප්‍රසුත වේදනාව ඇති වන තුරු ගැබ් ගෙල වැසී පවතිනවා. නමුත් ගැබ් ගෙල දුර්වල නම්, එය හේතුවක් නොමැතිවම විවෘත වෙනවා. ගැබ් ගෙලේ ලිහිල් වීම නිසා ගබ්සා ඇති වෙන්න පුළුවන්. ගැබ් ගෙලේ අර්ධ විවෘත වීමක් තිබුණොත්, වේදනාවක් හට ගන්නේ නැතිවම දරුවා පිටතට පැමිණිය හැක (අඩු මාසයෙන්). මෙම තත්වය හඳුනා ගත් විට ගැබ් ගෙලට මැහුමක් දමා ප්‍රතිකාර කළ හැක.

SHARE