සා

මාන්‍යයෙන් අවුරුදු 40 පසු වූ පසු හතලිස් ඇඳිරිය ඇති වීම සාමාන්‍ය බව පැවසෙනවා. දෑසේ ඇති වන තද වේදනාවක්, දෑස් වල ඇති වන දැවිල්ලක් හතලිස් ඇඳිරිය ඇති වූ අයෙකු තුල දැකිය හැකි වෙනවා. එවැනි අවස්ථා වලදී කණ්නාඩියක් පාවිච්චි කිරීමට සිදු වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණ ගැසීමත් නුවනට හුරුයි. ඉතින් අද අපි තීරණය කළා හතලිස් ඇඳිරිය ඇති වීමට බලපාන හේතු ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

සිරුරට ලැබෙන පෝෂණය අඩු වීම

ටික ටික වයසට යනකොට බොහෝ දෙනෙක් ගුණවත් ආහාර ලබා ගැනීම මඟ හරිනවා. නිසි පෝෂණයක් නොලැබෙන විටත් හතලිස් ඇඳිරිය ඇති වීම ඉක්මන් වෙනවා. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර ගණයට වැටෙන අධික ලුණු, සීනි හො තෙල් සහිත ආහාර වලින් ඔබ වැළකිය යුතුයි. එමෙන්ම කෘතීම රසකාරක යෙදු ආහාර වලිනුත් ඈත් වෙන්න. විටමින් ඒ සහ සී අඩංගු නැවුම් පලතුරු, එළවලු සහ කොළ වර්ග ආහාරයට ගැනීම වැඩි කරන්න.

දුවිල්ලට නිරාවරණය වීම

ඔබ නිතරම ගැවසෙන්නේ දුවිලි පිරුණු පරිසරයක නම් ඔබේ දෙනෙත් වල වියලි බවක් ඇති වෙන්නට පුළුවන්. එමඟින් හතලිස් ඇඳිරිය ඇති වීම ඉක්මන් වෙනු ඇත.

වයසත් සමඟ හෝමෝන වල වෙනස්කම් සිදු වීම

මැදි වයසට පැමිණෙන විට සිරුරේ සිදු වන හෝමෝන වල වෙනස්කම් වල බලපෑමෙන් මෙම තත්වය උදා විය හැකියි.

ඖෂධ වර්ග වල බලපෑම

ඇතැම් ඖෂධ වර්ග වල බලපෑම නිසාත් දෙනෙතේ තිබිය යුතු තෙත් ස්වභාවය නැති වී යන්න පුළුවන්. වේදනා නාශක පමණට වඩා භාවිතා කිරීම, මානසික ගැටළු, දියවැඩියා රෝගය සහ අධි රුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් නිර්දේශ කරන ඇතැම් ඖෂධ වර්ග මෙම තත්වයට හේතු වෙනවා.

අව් කන්නාඩි නොපැළඳීම

දැඩි හිරු එලිය දෑස් වලට හානිකර බව හොඳින්ම දැන සිටියත් අව් කණ්නාඩියක් පළඳින්නට උනන්දු වන්නේ කීයෙන් කී දෙනාද? දැඩි හිරු රැස් වලින් ඔබේ දෙනෙත් ආරක්ෂා කර ගැනීම පිණිස අව් කන්නාඩි පැළඳීම කෙරෙහි උනන්දු වන්න.

පරිඝනක සහ ජංගම දුරකථන තිර

වැඩි වෙලාවක් පරිඝනකය දිහා බලාගෙන ඉන්න එක දෙනෙත් වලට හානි දායකයි. පරිඝනක භාවිතයේදී පළඳින්නට වෙනම කන්නාඩි වර්ග තිබෙනවා. ඒ වගේම අඳුරේ සිට මෙම තිර දිහා බලාගෙන ඉන්න එක දෙනෙත් වලට හානිදායකයි. බොහෝ දෙනෙක් නිදි ඇඳේ ඉන්න ගමන් කලුවරේම ජංගම දුරකථනය භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එම පුරුද්ද ඉතා අහිතකරයි.

මත්ද්‍රව්‍ය භාවිතය

දුම්වැටි සහ මත්පැන් භාවිතා කිරීමත් ඔබේ දෙනෙත් වලට හානි කරනවා.    

පෙර කල අක්ෂි ශල්‍යකර්ම

අවුරුදු 40 වීමට පෙර කිසියම් හෝ හේතුවක් නිසා ඔබ අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ නම් මෙම තත්වය ඇති වීම ඉක්මන් විය හැක.

SHARE