ඔබේ බිලිඳා ගේ සමට හිතකර ආමන්ඩ් ගැන ඔබ දන්නවාද?

බේ දරුවා ඔබේ ජීවිතයේ වටිනාම සම්පත බව අපි දන්නවා. එයා නිරෝගීව, සතුටින්, ලස්සනට ලොකු වෙනවා දකින්න අපි ඕනෙම විදිහේ සත්කාරයක් කරන්න පැකිලෙන්නේ නැහැ. ආමන්ඩ් ශාකයේ ඇට සහ ඒ මගින් ලබා ගන්නා තෙල් ලෝකය පුරාම වැඩිහිටියන්ගේ විතරක් නෙවේ බිලිඳුන්ගේත් සම සුරැකීමටත් නිරෝගී බව වැඩි දියුණු කරන වටිනා ආහාරයක් ලෙසත් යොදා ගන්නවා. ලංකාවේ අපි ආමන්ඩ් ගැන එතරම් දැනුමත් නැහැ. ඒ නිසා අපි Goodhousekeeping.lk තීරණය කළා මේ මාහැඟි ඖෂධයේ ගුණ ගැන ඔබව දැණුමත් කිරීමට.


fb-like-beg


ආමන්ඩ් කියන්නේ විටමින් ගබඩාවක්

ලෝකේ පුරාවටම ආමන්ඩ් නාමය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි ඇති සෞක්‍යය රකින සුවිශේෂ සංයෝග නිසාමයි. අතීතයේ පටන් මේ වටිනා ඇට වර්ගය ළදරුවන් සදහා විශේෂයෙන් යෝග්‍ය බව සැලකුණා. ආමන්ඩ් ආහාරයට ගැනීම සහ බාහිර ආලේපනය ලොව පුරා සිදු කරනු ලබනවා. ආමන්ඩ් ඇට, ආමන්ඩ් කිරි, ආමන්ඩ් ඔයිල් වගේ නොයෙක් ආකාරයෙන් භාවිතයට ගත්තත් මෙහි ඇති අගය අඩු වෙන්නේ නැහැ. විටමින් E, කොපර්, මැග්නීසියම්, ඉතාම ගුණාත්මක ප්‍රෝටීන්, නිරෝගී බව ඇති කරන මේද අම්ල විතරක් නෙවෙයි ජෛව ක්‍රියාකාරී අණු සහ ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගුයි.

ආමන්ඩ් කියන්නේ විටමින් E අඩංගු ගබඩාවක්. ඔබේ සමේ සෛල අතර සම්බන්ධ වෙන කොලජන් අණු වල කාර්යක්ෂමතාව වැඩි කිරීමට ආමන්ඩ් වල යහමින් අඩංගු ස්වභාවික විටමින් E සමත් වෙනවා. විටමින් E නිසි පරිදි ලැබෙද්දී සමේ රැලි, ඉරි, ලප හට ගැනීමේ සම්භාවිතාවය අවම වෙනවා. විටමින් E කියන්නේ අති විශිෂ්ට ප්‍රතිඔක්සිකාරකයක්.


ආමන්ඩ් ඔබේ පැටියාගේ සමට දෙන ප්‍රතිලාභ මොනවද බලමු

♦ ආමන්ඩ් සම පිරිසිඳු කරනවා

ආමන්ඩ් ඔයිල් කියන්නේ ඉතාම විශිෂ්ට පිරිසිඳු කාරකයක්. ඒ මගින් බිලිදාගේ සම මෘදුව වඩා හොඳින් පවිත්‍ර කරනවා. ඒ විතරක් නෙවේ එහි ඇති Antioxidants නැත්නම් ප්‍රතිඔක්සිකාරක සම අභ්‍යන්තරය පෝෂණය කරනවා. ඒ නිසා සම පිරිසිඳු වෙද්දී පැටියා සතුටින් සැහැල්ලුවෙන් ලොකු වෙනවා.

♦ පැහැපත් සුමුදු සමක් ලබා දේ

ආමන්ඩ් වල යහමින් ඇති විටමින් E සහ K වලට සම පැහැපත් සහ සුමුදු කරවන්න විශාල හැකියාවක් තියෙනවා. ආමන්ඩ් ඔයිල් රාත්‍රියට ගැල්වීම මඟින් සම නිරෝගී වෙනවා. බිලිඳු සමට මෙන්ම ඔබේ සමටත් ආමන්ඩ් ඔයිල් ඉතා හිතකරයි. ආමන්ඩ් ගැල්වීම මඟින් සම පැහැපත් වීමට අමතරව සම නිරෝගී වෙනවා. දරුවාගේ සමට අවශ්‍ය පෝෂණය ලබාදීම මඟින් සම දීප්තිමත් කර සමේ රෝග පවා පාලනය කරවනවා.

♦ බබාගේ සමේ තෙතමනය රකිනවා

පරිසරයේ ඇති උණුසුම නිසා පුංචි පැටියාගේ ලපටි සම ඉක්මනින් වියලෙන්න බලනවා. ආමන්ඩ් කියන්නේ ඉතාම හොඳ Moisturizer එකක් එහෙම නැත්නම් තෙතමන කාරකයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ලපටි සමේ තෙත් ගතිය ආරක්ෂා කරන්න මෙයට හොඳ හැකියාවක් තියෙනවා. ආමන්ඩ් වල යහමින් අඩංගු තවත් විස්මිත සංඝටකයක් වන බයොටීන් සමේ ඇති මේද අම්ල සුරකිනවා. එම නිසා දරුවාගේ සහ ඔබේ සම සුමුදුව සහ වියලිබවෙන් තොරව පවත්වා ගැනීමට ආමන්ඩ් වලට විශේෂ හැකියාවක් තිබෙනවා. ආමන්ඩ් ආහාරයට ගත්තොත් සම විතරක් නෙවෙයි නියපොතු, කොන්ඩේ පවා නිරෝගී වෙනවා.


ආමන්ඩ් බාහිර ආලේපනය සහ ආහාරයට ගැනීම

ලෝකයේ බොහෝ රටවල ආමන්ඩ් ආහාරයට ගන්නවා වගේම ආමන්ඩ් ඔයිල් බාහිර ආලේපනයටත් යොදා ගන්නවා. කුඩා දරුවන්ගේ ළදරු ආහාර වලට ආමන්ඩ් කුඩු කරලා යෙදීමෙන් දරුවට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඒ මගින් දරුවාගේ සම සහ හිස කෙස් නිරෝගී කරවනවා. මොලයේ ක්‍රියාකාරීත්වය ඉහල දමන්න එහි අඩංගු විටමින් E, කොපර්, මැග්නීසියම්, ඉතාම ගුණාත්මක ප්‍රෝටීන්, නිරෝගී බව ඇති කරන මේද අම්ල, ජෛව ක්‍රියාකාරී අණු සහ ප්‍රතිඔක්සිකාරක හොඳ දායකත්වයක් සපයනවා. මේ පෝෂණ ද්‍රව්‍ය නිසා දරුවාගේ ආමාශයේ ක්‍රියාකාරීත්වය වැඩිවෙලා ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් දරුවා ලෙඩ රෝග වලට ගොදුරු වීමත් අඩු වෙනවා.

ඒ වගේම දවසට වතාවක් ආමන්ඩ් ඔයිල් වලින් සම්බාහනයක් කලොත් එය දරුවා හොඳින් පිරිසිඳු වීමටත්, දරුවාගේ සමේ නිරෝගී පැහැපත් බවක් එක් කර දීමට හේතුවක් වෙනවා. එයින් දරුවාගේ සමේ තෙතමනයත් හොඳින් රැකෙනවා. සම විශේෂයෙන් පෝෂණය කරන්න ආමන්ඩ් ඔයිල් සම්බාහනය ගොඩක් වැදගත්.

ආමන්ඩ් අම්මටයි බබාටයි දෙන්නටම හොඳයි

ආමන්ඩ් කියන්නේ කුඩා දරුවන්ට විතරක් නෙවේ හැම කෙනෙක්ටම ඉහත ප්‍රතිලාභ අඩු නැතිව දෙන මාහැඟි ශාකයක්. ඉතින් බබාගේ සමේ සුන්දරත්වය, තෙතමනය, පෝෂණය, සුවපහසුව ගැන හිතන ඔබත් ආමන්ඩ් ඔබේ ජීවිතේට එක් කර ගත්තට කිසිම වරදක් නැහැ.

SHARE