“ පුතේ මට තාත්තාව බැඳලා මාසයක් විතර යන තුරු හරියට නින්ද ගියේ නැහැ. “
මේක අපේ අම්මා නිතරම කියපු කතාවක්. ඒ තාත්තා රාත්‍රියට නින්දෙන් ගොරවපු නිසා. මේක ගොඩක් පවුල් වල අහන්න ලැබෙන නෝක්කාඩුවක්. මේක අපි විහිලුවකට ගත්තට රෝග තත්වයක් විය හැකියි. මේකට වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ “Obstructive Sleep Apnoea” කියලයි. ( OSA) නින්දෙන් ගොරවන හැමෝටම මේ රෝගය නැහැ. මේ ගෙරවීම ඇති වෙන්නේ නින්දේදී ස්වසනය හරි හැටි සිද්ධ නොවෙද්දී. මේ විදිහට සිද්ද වෙන්නේ නාසයෙන් ලබා ගන්නා වාතය නිසි ලෙස පෙනහල්ලට ගමන් නොකිරීම නිසයි.


fb-like-beg

1 ) ගොරවන හැටි

සාමාන්‍යයෙන් ඔබ නින්දට යද්දී උගුරේ ස්වසන නාලය ආශ්‍රිත පේශි ලිහිල් වෙනවා. ඇතැම් අයගේ මේ ලිහිල් වීම වැඩියි. එවිට ස්වසන නාලය අවහිර වෙනවා. රාත්‍රිය පුරා ඇතැම් විට පෙනහල්ලට ඔක්සිජන් ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර වෙනවා. එවිට නිදා සිටින පුද්ගලයා ඇහැරෙනවා. මෙය ඉතාම අහිතකර තත්වයක් කියන්න පුළුවන්.


2) ගෙරවීමෙන් ශරීරයට ඇති වන බලපෑම

අපේ ශරීරයේ සිදුවන සියලු ක්‍රියා සඳහා ඔක්සිජන් අත්‍යාවශ්‍ය වේ. ඔක්සිජන් නොලැබීමෙන් ඕනෙම අවයවයක ශෛල මිය යා හැක. ගෙරවීම ඇති වෙන්නේ ඉහත සඳහන් කළ පරිදි හුස්ම ගැනීම අඩපන වීම නිසයි. එහිදී මොලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් මොලයේ ශෛල මිය යාමට ලක් වේ. මෙයට අමතරව හර්දයට සහ රුධිර වාහිනී වලට රුධිරය නොලැබී යාමෙන් එවැනි අවයව පවා දැඩි ලෙස හානි වීමේ අවදානමකට මුහුණ දේ.


3) නින්දෙන් ගෙරවීම්ට වැඩි අවධානමක් ඇති අය

අධික තරබාරු පුද්ගලයන්
නාසයේ සහ උගුරේ ආබාධ සහිත පුද්ගලයන් ( ඇදයක් වැනි විකුර්ති පිහිටීමක්)
නින්දට පෙර මත්පැන් පානය කරන ඇය.
නිරන්තරව දුම් පානය කරන්නන්
සෙම් ගෙඩි සහිත පුද්ගලයන්
උඩුබැලි අතට නිදා ගන්නා පුද්ගලයන්
නිදි බෙහෙත් ගන්නා අය


4) ඔබ නින්දෙන් ගොරවන බව දැන ගන්නේ කෙසේද?

සහකරු හරි වෙනත් පවුලේ සාමාජිකයෙක් හරි කියාවි
දිවා කාලයේදී දැනෙන තද නිදිමත.
එදිනෙදා වැඩ කටයුතු කිරීමට ඇති නොහැකියාව
උදෑසන ඇතිවන අධික හිසරදය

මෙවැනි රෝග ලක්ෂ අපවතී නම් , වහාම වෛද්‍ය වරයෙක් හමුවීම තමයි සුදුසුම.


05) රෝග විනිශ්චය හා ප්‍රතිකාර

රෝගියාගේ ලක්ෂණ අධ්‍යනය කිරීමෙන් පසුව උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙක් යටතේ Polysomnography (PSG) නමැති පරීක්ෂාව සිදු කෙරේ. මෙම රෝගී තත්වය නිශ්චිතවම ඇති විට ඒ වෙනුවෙන් ප්‍රතිකාර නියම කෙරේ. ඇතැම් විට උගුරේ අබාධ ඇත්නම් සුව කිරීම සඳහා සැත්කම් වලට යොමු වේ. සාමාන්‍ය තත්වයක් යටතේ මේ රෝගය සැදී ඇත්නම් බොහෝ විට අධික බර , මත්පැන් පානය සහ වැරදි ඉරියවු වැනි හේතු ප්‍රතිකාර වලින් තොරවම සමනය කළ හැකියි.

SHARE