ඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු මේ සඳහා හේතු විය හැකි නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවයත් හැඳින්විය හැකියි. මේ ලිපියෙන් ඔබව දැනුවත් කෙරෙන්නේ රක්තහීනතාවය ගැනයි.

fb-like-beg


රක්තහීනතාවයේ ලක්ෂණ

නිරෝගී පුරුෂයෙකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12g/dl – 14g/dl අගයයි. එය නිරෝගී කාන්තාවගේ නම් 11.5d/dl – 13.5 d/gl අගයක් ගත යුතුවනවා. මෙම අගයන්ර්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය එසේත් නැතිනම් නීරක්තිය ලෙස හඳුන්වනවා.

නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී – 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්ත හීනතාවයට බලපාන හේතු සාධක ලෙස දැක්විය හැකියි. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යනවා.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වෙනවා. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.


රක්තහීනතාව ඇතිවීමට බලපාන හේතු

  1. රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය නොවීම. – මෙම තත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රතු රුධිරාණු නිෂ්පාදනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක නොලැබීමයි. ඒ අතර යකඩ ඌණතාව, විටමින් ඕ 12 ඌණතාව හා ෆෝලික් ඇසිඩ් ඌණතාව ප්‍රධාන වෙනවා.
  2. ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් – මේ නිසා රතු රුධිරාණු නිපදවීම අඩපණ වෙනවා. මෙයට ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්වයන් මෙන්ම ඇට මිදුළු ක්‍රියාකාරිත්වය අඩපණ කරවන ඖෂධ වර්ග භාවිතයද හේතු වන්නට පුළුවන්.
  3. රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම – උදා: එරිත්‍රෝපොයෙටින් හොර්මනයේ ඌණතාවය. මෙය දිගුකාලීන වකුගඩු රෝග තත්වයන් ඇති වීමටද හේතුවක් වනවා.
  4. තයිරොයිඩ් ඌණතාව.
  5. ඇන්ඩ්‍රජන් හෝර්මොනයේ ඌණතාවය.
  6. අර්ශෂ් හා පණු රෝග.
  7. රුධිර වහනයන්. උදා : ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම.
  8. සිරුරේ අභ්‍යන්තරව ඇතිවෙන රුධිර වහනයන්. – මේවා පිටතින් හඳුනාගන්නට බැහැ,. වෛද්‍ය පරීක්ෂණවලින් පමණයි හඳුනා ගත හැකි වන්නේ.

ඉතින් ඉහත සඳහන් කළ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබටත් ඇත්නම් එය කිසිසේත්ම නොසලකා හැරීම කළ නොකළ යුතුයි. වහාම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම මෙන්ම යකඩ හා වෙනත් අවශ්‍ය පෝෂක සංඝටක ලැබෙන ආහාර නොකඩවා ගැනීම ඔබ විසින් කළ යුතුයි.

SHARE