ර්භණි සමයේදී ඇවිදීම අත්‍යවශ්‍යද? එය අත්‍යවශ්‍ය නැති වුණත්, එයින් ගර්භණි මවකට ප්‍රතිලාභ රැසක් අත් කර ගන්න පුළුවන්. ගර්භණි සාමය තුලු ඇවිදීමට හුරු වීම මවගේත්, දරුවාගේත් යන දෙදෙනාගේම සෞඛ්‍ය මට්ටම ඉහල නංවනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


කායික යෝග්‍යතාවය

ගැබිණි මවක් ඇවිදීමෙන් ඇයගේ සිරුර ක්‍රියාශීලි වෙනවා. කායික යෝග්‍යතාවය රැක දෙමින්, ශරීරයට අවශ්‍ය ව්‍යායාම සිදු කෙරෙනවා. එය හදවතේ රුධිර සංසරණය ප්‍රාණවත් කර, මාංශ පේශි වල සවිමත් බව රැක දෙනවා. මවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට මේ ඇවිදීමේ හොඳ පුරුද්දට හැකියි.


නිරෝගී දරුවෙක්

ඇවිදීම මවගේ හා දරුවාගේ ශරීරයේ බර ප්‍රමාණය නිසි මට්ටමේ තැබීම සඳහා ඉවහල් වෙනවා. එමඟින් ස්වභාවික, පහසු සහ නිරෝගී දැරූ උපතක් සිදු වෙනවා.


ගර්භණි සමයේ ඇති වන දියවැඩියා අවදානම අවම වීම

ගර්භණි සමයේ රුධිරගත සීනි මට්ටම ඉහල ගිය හොත්, දෙවන මට්ටමේ දියවැඩියාව වැළඳීමට ඉඩ තිබෙනවා. මෙය මවටත්, දරුවාටත් යන දෙදෙනාටම අවදානම් සහගත තත්වයක් වෙනවා. මවගේ දියවැඩියා තත්වය නිසා දරුවා ස්නායු අබාධ වලට ලක් වීම, දරුවාගේ ප්‍රමාණය විශාල වීම, දරුවා අංග විකලතා සහිතව උපත ලැබීම වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඇවිදීම මඟින් මේ අවදානම පහ කර ගන්න පුළුවන්.


ගැබිණි සමයේ ඇති විය හැකි වලිප්පු අවදානම අඩු කිරීම

ඇතැම් මව්වරුන්ට ගැබිණි සමයේදී වලිප්පු රෝගය වැළදෙනවා. මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වීමත්, රුධිර පීඩනය ඉහල යාමත් මෙයට බලපානවා. ඇවිදීම මඟින් සිරුරේ බර පාලනය වීම, රුධිර පීඩනය පාලනය වීම, සිරුරේ මේද ප්‍රමාණය අවම වීම වැනි වාසි රැසක් අත් වෙනවා. මේ මඟින් ගැබිණි සමයේ ඇති විය හැකි වලිප්පු අවදානම අඩු වෙනවා.


මානසික පීඩනය අවම වීම

ගැබිණි සමයේදී මානසික පීඩනය ඇති වීම සාමාන්‍ය දෙයක්. ගැබිණි මවකගේ මනෝභාවය වරින් වර වෙනස් වෙනවා. මේ මොහොතේ සතුටුඉන් සිටින ඇය ඊළඟ මොහොතේ මනසින් කඩා වැටීමේ අවදානමක් පවතිනවා. මේ ක්‍රියාවලිය සිදුවන්නේ ඇගේ ශරීරයේ හෝමෝන වෙනස් වීම සමඟයි. ඇවිදීමේදී ඇයව උද්දීපනය කරන හෝමෝන වර්ග සිරුරට මුදා හැරෙනවා. ඒ මඟින් ඇගේ සිතේ ඇති වන පීඩාකාරී සිතුවිලි නැති වෙනවා.


ස්වභාවික දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඉහල යනවා

උදැසන ඇවිදීමට හුරු වීම මඟින් ස්වභාවික සහ වේදනා අවම දරු උපතක් සිදු වීමේ වැඩි සම්භාවිතාවක් ඇති වෙනවා. ඇවිදීම නිසා උකුලේ පිහිටි මාංශ පේශි වල නම්‍යතාවය ඉහල යනවා. ඔබේ සිරුරට නියමිත හැඩයක් ලැබෙන විට, ඔබට නිරෝගී ප්‍රසුතියක් සඳහා සුදුසුකම් ලැබෙනවා.


සිරුරේ වේදනාවන් සහ අපහසුතාවයන් සමනය වෙනවා

ගැබිණි මව ක්‍රියාශීලි නැති නම්, ඇගේ සිරුරට විවිධ අපහසුතාවයන් දැනෙන්නට පටන් ගන්නවා. ඇවිදීමට හුරු වීම මඟින් මේ වේදනාවන් සහ අපහසුතාවයන්


වෙනත් ප්‍රයෝජන

ඇවිදීමේ පුරුද්ද නිසා ගැබිණි මවකගේ තෙහෙට්ටුව, කෙණ්ඩා පෙරලීම, උදෑසන අප්‍රසන්නතාවය, මලබද්ධය, නහර ගැට ගැසීම, රාත්‍රියේදී නින්ද නොයෑම වැනි ගැටළු රැසකට සුවය ලැබෙනවා.


ඇවිදීම කොපමණ වේලාවක් කළ යුතුද?

ඔබ ගැබ් ගැනීමටත් කලින් සිට ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන්නෙකු නම්, ඒ පුරුද්ද දිගටම කරගෙන යන්න. ඔබ ඇවිදීම ආරම්භ කරන්නේ අලුතින් නම්, සතියට දවස් 3ක විනාඩි 15 – 30 අතර කාලයක් ඒ සඳහා වෙන් කරන්න. ක්‍රම ක්‍රමයෙන් විනාඩි 60ක් වන තෙක් එය වැඩි කරන්න.


සැයු :

  • ඇවිදීම සඳහා සාමාන්‍ය පාවහන් භාවිතා නොකරන්න. ඒවා පැළඳ ඇවිදීම නිසා ඔබ ලිස්සා වැටෙන්නට ඉඩ තිබෙනවා. ඔබේ වළලුකර සහ දෙපයේ ආරක්ෂාව තර කර ගැනීම සඳහා ඇවිදීම සඳහාම වෙන් වූ සපත්තු භාවිතා කරන්න.
  • ඇවිදීමට යාමේදී වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකරන්න. විජලනය වීම වලක්වාලීම සඳහා ඔබට ජලය අවශ්‍ය වෙනවා. ඔබෙත්, කුසේ සිටින දරුවාගේත් සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට ජලය අවශ්‍ය වෙනවා.
  • අව්වේ ඇවිදීමට යාමෙන් වලකින්න. මඳ හෝ අව්වක් තිබෙනවා නම්, සන්ක්‍රීම් එකක් ගල්වා හිස්වැස්මක් පළඳින්න.
  • පියවර තැබීමේදී මුලින් විලුඹත්, දෙවනුව ඇඟිලිත් තබන්නට කල්පනාකාරී වන්න.
SHARE