Amaliya Foundation කියන්නේ අධ්‍යාපනය කේන්ද්‍ර කර ගනිමින් නව වැඩ සටහන් මාලා රැසක් ක්‍රියාත්මක කරගෙන යන පදනමක් කිව්වොත් නිවැරදියි. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ සියලුම පුද්ගලයන් සමාජය තුල ගෞරවයෙන් යුතුව ජිවත් විය යුතු බවත්, ඔවුන්ට සමාජයට අර්ථවත් ලෙස දායක වීමට හැකි විය යුතු බවත්ය. ඉතින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් අවුරුදු තුනට අඩු ශ්‍රවණාබාධිත දරු පැටව් වෙනුවෙන් විශේෂිත වූ අධ්‍යාපන ක්‍රම වේදයක් ඉදිරිපත් කරනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


මේ ශ්‍රවණාබාධිත දරු පැටව් වෙනුවෙන් විශේෂිත වූ අධ්‍යාපන ක්‍රමය තුලින් මුලික වශයෙන් සිදු කරන්නේ කුමක්ද ?

ඔවුන් විශේෂ වූ අධ්‍යාපන ක්‍රමවේදයක් භාවිතා කරමින් දරුවාගේ ළදරු වයසේදීම විශේෂිත අධ්‍යාපනය ලබා දී, දරුවාට කතාව, ලිවීමේ හැකියාව,කියවීමේ හැකියාව සහ වචන උච්චාරණය මැනවින් හුරු කරවනවා. එයින් දරුවාව අවුරුදු හයේදී සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරවීමේ හැකියාව ඔබට ලැබෙනවා.

අමාලියා පූර්ව ළමා ඉගෙනුම් මධ්‍යස්ථානය ඔබේ දරුවාට ගැලපෙන්නේ ඇයි ?

  • පන්ති කාමර පහසුකම්

ඔබේ දරුවා සඳහා පන්ති පවත්වන්නේ හොඳින් ඉඩකඩ සහිත පන්ති කාමර වල වන අතර පිරිසිදු වටපිටාවක් ඇත. මීට අමතරව දරුවන් සඳහා වෙන් වූ පුස්තකාලයක් මෙහි තිබෙනවා. එමෙන්ම ළමා හිතකාමී ක්‍රීඩාංගන පහසුකම් අඩංගු ඉගෙනුම් මධ්‍යස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

  • ශ්‍රවණාබාධිත දරුවන් වෙනුවෙන් හොඳින්ම ගැලපෙන “ධ්වනි” අධ්‍යාපන ක්‍රමවේදය

අමාලියා ඉගැන්වීම් මධ්‍යස්ථානය තුළ ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගිනි.එමඟින් දරුවන්ගේ බුද්ධිමය, සමාජීය හා මානසික හැකියාවන් වැඩි කර ගැනීමට ඉඩ සලසන අතර, දරුවන් කෙරේ පෞද්ගලික අවධානය යොමු කෙරෙනවා.

  • දරුවාගේ දියුණුව

අමාලියා මධ්‍යස්ථානය තුල අධ්‍යාපනය ලබන සියලුම දරුවන් කථනය සහ භාෂාමය කුසලතා වඩවා ගන්නා අතර, ශ්‍රවණය අහිමි වීමෙන් ඇතිවන සමාජ බාධක ජයගැනීමට ඉගෙන ගන්නා බව ඔවුන් විස්වාස කරනවා. දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි වීම, දරුවා පාසැල් පරිසරයට හුරු වීම හා පාසැල් පරිසරයක සාර්ථක ලෙස තරඟ කිරීමට අවශ්‍ය නිපුණතා හිමි වීම මෙමඟින් අත් වෙනවා.

මෙම සාර්ථක අධ්‍යාපන අත්වැලෙන් ලැබෙන සවිබල ගැන්වීම නිසා දරුවාට අවුරුදු හය වූ විට සාමාන්‍ය දරුවෙකු මෙන්ම සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සඳහා යොමු වීමේ හැකියාව ලැබෙනවා.

  • දෙමව්පියන්ගේ සහභාගී වීම අවශ්‍ය වීම

මෙම වැඩසටහනේ සමාන කොටස්කරුවන් ලෙස දෙමව්පියන්ව සලකනු ලබනවා. දරුවාගේ මුල් ගුරුවරුන් වන දෙමව්පියන් දරුවාගේ අධ්‍යාපන ජීවිතය තුල විශාල කාර්යභාරයක් හෙබවිය යුතු බව අමාලියා මධ්‍යස්ථානය විස්වාස කරනවා. මේ නිසා ඔවුන් දරුවා සමඟ දෙමව්පියන්ටත් පන්තියට සහභාගී වීම සඳහා ආරාධනා කරනවා. දෙමව්පියන්ට පැමිණීමට නොහැකි අවස්ථාවකදී ඥාතීයෙකුට සහභාගී විය හැක. මෙහි අරමුණ වන්නේ දරුවා නිවසේ සිටින අවස්ථා වලදීත්, දරුවාගේ භාෂා වර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය දෙමව්පියන් හරහා නොමඳව ලබා දීමයි.මේ නිසා ඔවුන් දෙමාපියන්ටත් විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මේ මගින් දරුවා නිවසේ සිටින අවස්ථාවේදීත් දරුවාගේ භාෂා වර්ධනයට දෙමාපියන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා.


මේ සඳහා බඳවා ගන්නේ අවුරුදු තුන සහ තුනට වඩා අඩු දරුවන්වයි.

ඔබට පුළුවන් වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා මේ දුරකථන අංකයට කතා කරන්න. –0770419284

ඒ වගේම ඔබට පුළුවන් මේ වෙබ් අඩවිය පිවසෙන්න – 

http://amaliyafoundation.com/enable.php

 

     

   

 

SHARE