දි

ගු නින්දකට පසු සුවදායි හැඟීමක් දැනීම නම් හරිම සාමාන්‍යයි. හැබැයි සමහරුන්ට නම් නින්දෙන් අනතුරුව මේ සුවදායි හැඟීම දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට දැනෙන්නේ මහත් වෙහෙසක් සහ කෙඩෙත්තු ස්වභාවයක්. ඇත්තටම මෙහෙම වෙහෙසකාරී බවක් දැනෙන්නේ කුමන හේතුවක් නිසා වෙන්න ඇතිද? ඔවුන් තුල යම් රෝගී තාවයක් සැඟවී තිබිය හැකිද? අද අපි මේ ගැන කතා කරන්න තීරණය කළා.

 


fb-like-beg


 

1 රක්තහීනතාවය

රක්තහීනතාවය ඇති වන්නේ රුධිරයේ අඩංගු යකඩ ප්‍රමාණය මඳ වීම නිසායි. එමඟින් රතු රුධිරානු සෛල නිපදවීම පාලනය වෙනවා. මෙමඟින් මාංශ පේශි වලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එම හේතුව නිසා ඔබ ශක්තිය වැය නොකලත් ඔබට වෙහෙසක් දැනෙන්නට පටන් ගන්නවා.

2 දියවැඩියා රෝගය

දියවැඩියා රෝගයේ මුල සිරුර තුල ඉන්සියුලින් නිපදවන ප්‍රමාණයේ වෙනස්කම් ඇති වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ සීනි මට්ටම වේගයෙන් ඉහල නඟිනවා. දියවැඩියා රෝගයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසත් නිතරම වෙහෙස දැනීම සිදු විය හැකියි.

3 Celiac රෝගය

මේ රෝගය Gluten ප්‍රෝටීනය හා බැඳුනු රෝගයක්. Gluten ප්‍රෝටීනය කියන්නේ ධාන්‍යමය ආහාර වල අඩංගු වන ප්‍රෝටීන් වර්ගයක්. ඇතැම් පුද්ගලයන්ට පිෂ්ඨය සහිත ආහාර ලබා ගත් විට සිරුරට මහා කෙඩෙත්තු ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා. මෙයට විසඳුම වන්නේ රාත්‍රී ආහාරය සඳහා පාන් ඇතුළු පිෂ්ඨය සහිත ආහාර වලින් වැලකි සිටීමයි.

4 අක්මාවේ ගැටළුවක්

පිත මඟින් සිදු කෙරෙන්නේ සිරුරේ ඇති විෂ සහිත ද්‍රව්‍ය, කොලෙස්ටරෝල් සහ ගෙවී ගිය රුධිර සෛල ආදිය පිට කර හැරීමයි. නමුත් අක්මාවේ නාල අවහිර වූ විට හො බිඳී ගිය විට මේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසත් සිරුරට නිතර නිතර වෙහෙසක් දනිය හැකියි.

5 තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු ඇති වීම මඟින් සිදු වන්නේ නිපදවෙන තයිරොයිඩ් හෝමෝනය අඩු වීමයි. තයිරොයිඩ් හෝමෝනයෙන් සිදු කෙරෙන්නේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. තයිරොයිඩ් හෝමෝනය නිපදවීම අඩාල වූ විට ඔබේ සිරුරට කෙඩෙත්තු ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා.

6 ඇල්සයිමර් රෝගය

නිදිමත ස්වභාවය, නින්දට ගොස් ඇහැරුණු පසුත් එම වෙහෙසකාරී ස්වභාවය මඟ හැරී නොතිබීම ඇල්සයිමර් රෝගයේ රෝග ලක්ෂණයක්. දිවා කාලයේ නිදි මත දැනීමත්, වෙහෙසකාරී ස්වභාවයක් දැනීමත් මෙම රෝගයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

7 Restless legs රෝගය

මෙම රෝගය ඇත්තවුන් නින්දේදී එක දිගටම දෙපා සොලවනවා. එය ඉබේටම සිදු වන්නක්. නමුත් මෙම ගැටලුව නිසා නින්දෙන් අවදි වූ පසු ඔබට වෙහෙසක් දැනෙන්නට පටන් ගන්නවා.

8 Sleep apnea

මෙම රෝගය ඇති විට සිදු වන්නේ නින්දේදී හුස්ම ගැනීමේ මාර්ගය අවහිර වීමයි. තත්පර 20ක් වැනි කෙටි කාලයක් තුලදී මේ අවහිරතාවය ඇති වී නැති වෙනවා. නමුත් රාත්‍රිය පුරා මෙය සිය වතාවක් පමණ සිදු වෙනවා. මේ හේතුව නිසා නින්ද වරින් වර කැඩී යාමත්, නින්දෙන් අවදි වූ පසු වෙහෙසකාරී ස්වභාවයක් දැනීමත් සිදු වෙනවා.

SHARE