ගැබිනියක් වීම පහසුවෙන් සැලකිය හැකි දෙයක් නොවේ. කාන්තාවකට ජිවිත දෙකක් රැක ගැනීමේ මහා වගකීමක් ගැබිනියක් වූ දින සිට ඇති වෙනවා. බොහෝ කාන්තාවන් තමා ගැබිනියක් බව දැන ගද්දී කළලයේ හදවත, පෙනහළු, වකුගඩු, මොළය සහ ස්නායු පද්ධතිය ආදි ප්‍රධාන අවයව සකස් වී අවසානයි. මේ නිසා දරුවෙක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න, ගැබිනියක් වෙන තුරු සිටීම වැරදියි. ඇය ගැබිනි මවක් වීමට පෙර සිටම තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


ෆෝලික් අම්ලය ලබා ගන්න.

  • ෆෝලික් අම්ලය සිරුරේ සාමාන්‍ය පරිවෘතීය සඳහා උපකාරී වෙනවා. ෆෝලික් අම්ලය සිරුර තුල ස්වභාවිකව නිපදවෙන්නේ නැහැ.
  • රතු රුධිරාණු නිපදවීම සඳහා ෆෝලික් අම්ලය අවශ්‍ය වෙනවා. ෆෝලික් අම්ලය නිසියාකාරව ලබා ගැනීමෙන් ගර්භණි සමයේ ඇති විය හැකි රක්තහීනතාවය නැති කරවනවා.
  • ෆෝලික් අම්ලය කළලයේ ඇති විය හැකි ස්නායු ආශ්‍රිත ආබාධ වළකනවා. දරුවාගේ ස්නායු පටක සෑදෙන මුල් අවස්ථාවේදීම ඇති පමණට ෆෝලික් අම්ලය තිබීම වැදගත් වන්නේ ඒ නිසායි.
  • අඩු බර උපත් වළක්වා ගැනීමටත් ෆෝලික් අම්ලය වැදගත් වෙනවා.

බර ගැන සැලකිලිමත් වන්න.

  • මවකගේ බර අඩු වීමත්, වැඩි වීමත් දරුවෙකුගේ වැඩීමට බාධාවක් වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ බරේ ගැටළුවක් තිබෙනවාදැයි දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්චා කළ යුතුය.
  • බර අඩු කාන්තවන් ගැබ් ගත විට අඩු බර සහිත දරුවන් ඉපදීමේ සහ අඩු මාසයෙන් ප්‍රසූත වේදනා ඇති වීමේ අවදානමක් පවතිනවා.
  • අධි බර කාන්තාවක් ගැබ් ගත් විට රුධිර පීඩනය, ගර්භාවිෂ රෝගය ඇති වෙන්න පුළුවන්. රුධිර පීඩනය මව සහ දරුවා යන දෙදෙනාගේම වකුගඩු වල නිරෝගී බවට බලපානවා.
  • තරබාරුව මඳ සරු බවටත් හේතුවක් වෙනවා.

මානසික ආතතිය අඩු කර ගන්න.

විවිධ හේතු නිසා මානසික ආතතිය ඇති වෙනවා. කාර්යබහුල ජීවන රටාව සහ වගකීම් මෙයට ප්‍රධාන හේතුවක් වෙනවා. එමෙන්ම ගැබ් ගැනීම බලාපොරොත්තුව සිටියත්, එය ප්‍රමාද වීමත් මානසික ආතතියක් ඇති වීමට හේතුවක් වෙනවා. මේ නිසා සුවදායක නින්දක් ලබා ගැනීම, භාවනා ක්‍රම අනුගමනය කිරීම සහ ආගමික ස්ථාන වලට යාම තුලින් මානසික පීඩනය අඩු කර ගන්න.


ඔබ ජිවත් වන පරිසරය ගැන සැලකිලිමත් වන්න.

ගැබ් ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ කරන රැකියාව ගැන විමසිලිමත් වන්න. ඊයම් ආදි රසායනික ද්‍රව්‍ය, X- RAY කිරණ ආදිය සමඟ ගැටෙන රැකියාවක් සිදු කිරීම නුසුදුසුයි.


රුබෙල්ලා එන්නත ලබා ගන්න.

රුබෙල්ලා එන්නත, එසේත් නැති නම් ජර්මන් සරම්ප සඳහා ලබා දෙන එන්නත ගර්භණි සමයේදී ලබා දෙන්නේ නැහැ. මේ එන්නත ලබා ගත යුත්තේ දරුවෙක් අපේක්ෂා කිරීමට පෙරය. මෙය ගැබිණි සමයේදී ලබා දුන්නොත් දරුවාගෙ සෞඛ්‍යයට ගැටළු ඇති වෙනවා.


ව්‍යායාම කරන්න.

ව්‍යායාමය ගැබිණි බවට තර්ජනයක් නොවේ. සෙමින් ඇවිදීම, වැඩි ශක්තියක් නොයොදා පිහිනීම මේ කාලයේදී කිරීමට සුදුසු ව්‍යායාමයන්ය. නමුත් ව්‍යායාම කිරීමේදී කොන්ද ආරක්ෂා කර ගත යුතුය. බිම දිගා වී එකවර නැගිටීම, බිම දිගා වී පාද එසවීම වැනි ව්‍යායාම නොකළ යුතය. ජෝගින් කරනවා නම් මඳක් පරිස්සම් විය යුතුය. නමුත් ගර්භණි සමයේදී දිවීමෙන් වලකින්න.

SHARE