මෙකුගේ සෘණාත්මක චර්යා රටාවක් දුටු විගස බොහෝ දෙනෙක් ඔවුන් සමඟ කෝප ගන්නවා. ඔවුන්ගේ හැසිරීම තුල ඇති අඩුපාඩු ඔවුන් සිතා මතා සිදු කරන වැරදි යැයි සිතාගෙන ඔවුන්ට චෝදනා කරනවා. සමහරුන්ගේ රැකියා අහිමි වීමට පවා මේ තත්වය බලපෑ හැකියි. නමුත් ඇතැම් විට මේ චර්යාත්මක අඩුපාඩු සුළු මානසික ගැටළුවක් විය හැකියි. උපදේශන සේවාවක් හරහා හෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් යමෙකු තුල ඇති මෙවැනි ගැටළු නැති කර ගත හැකි නම් කෙතරම් අගනේද? ඉතින් අපි හිතනවා මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා.


fb-like-beg


1 වැඩ අතපසු කිරීම සහ ප්‍රමාදය

සමහර පුද්ගලයන් සිටිනවා, ඔවුන්ට වැඩිපුර විවේකයක් හැම වෙලාවකදීම අවශ්‍ය වෙනවා. මේ වගේ පුද්ගලයන් මාසයකට ගත යුතු නිවාඩු ප්‍රමාණයට වැඩියෙනුත් නිවාඩු ගන්නවා. වැඩක් භාර දුන්නම භාර දිය යුතු දිනයට වඩා ප්‍රමාද වෙලා තමයි එය අවසන් කරන්නේ. සමහරවිට මෙම ගැටලුව Antisocial personality disorder විය හැකියි.

2 ලැජ්ජාශීලී බව

පමණට වඩා ලැජ්ජාශීලී වීම Schizoid personality disorder මානසික ගැටලුවේ ලක්ෂණයක් විය හැකියි. පිරිසක් ඉදිරියේ කතා කිරීමට සහ ප්‍රශංසාවක් ලද විට ලැජ්ජාශීලී වන වීම මෙහි ලක්ෂණයක්. ඊට අමතරව මවා ගත සිහින ලෝක වල ජිවත් වේ.  

3 වැඩ කල් දැමීම

අත්‍යවශ්‍ය වැඩ රාජකාරි තිබියදී ඒවා පසුවට කල් දැමීමේ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන් සිටිනවා. වැඩ කරන්නේ ඉතා සෙමිනි. තේ පානය කල පසු කෝප්පය සේදීම සහ ආහාර ගැනීමෙන් පසු පිඟාන සේදීම පසුවට කල් දමයි. මේ ගැන උපදෙස් දීමට යමෙකු උත්සාහ කලොත් මොවුන් කෝපයට පත් වේ. ඔවුන් සිතන්නේ එය ඔවුන්ගේ වරදක් නොවන බවයි. මෙම තත්වය Passive-aggressive personality disorder විය හැක.

4 ආවේගශීලී බව සහ කෝප වීම

සමහර පුද්ගලයන්ට තරහක් ඇති වූ විට එය දරා ගැනීමට අපොහොසත් වෙනවා. මොවුන්ගේ මිතුදම් සහ ආදර සබඳතා කෙටි කාලීන වීම විශේෂ ලක්ෂණයක්. විශේෂ හේතුවක් නොමැතිව මනෝ භාවය වෙනස් වේ. මෙම ගැටලුව borderline personality disorder තත්වය විය හැක.

5  තමාටම බැන ගැනීම

ඉබේ සිදු වන වැරදීම් වලදීත් මොවුන් අහේතුකව තමාටම වැරදි පටවා ගන්නවා. මෙම තත්වය පසුකාලීනව විශාදය, නින්ද නොයාම වැනි ගැටළු ඇති කිරීමටත් හේතු විය හැකියි. තමාවම විවේචනය කර ගැනීමට පෙළඹෙන මෙම තත්වය Avoidant personality disorder විය හැක. තමාගේ අඩුපාඩු අතිශයෝක්තියෙන් සිතාගෙන සිටීම සහ අන් අයට පැවසීමත්, වගකීම් සහ නව තනතුරු භාර ගැනීමට තමා නුසුදුසු බව සිතීමත්, වැරදි යමක් කියවෙනු ඇතැයි බියෙන් මිනිසුන් සමඟ කතා බහ නොකර සිටීමත් විශේෂ ලක්ෂණය.

6 සැකය

යමෙකුගේ අසීමාන්තික සැකය ඔහු වටා සිටින අයට විශාල කරදරයක් වන අවස්ථා තිබෙනවා. මෙය Paranoid personality disorder විය හැකියි. මේ අය අන් අයගේ සමාජ ජාලා රහසින් පිරික්සීම, දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ රහසින් පිරික්සීම දැකිය හැකියි. හේතුවක් නොමැතිව තමාගේ සහකරුව සැක කිරීම, මිනිසුන් හැසිරෙන ආකාරය රහසින් නිරීක්ෂණය කිරීම, ඔවුන්ගේ හැසිරීම තුල සැඟවුණු අර්ථයක් තිබේ යැයි සැක කිරීම ආදී ලක්ෂණ පැවතිය හැක.

7 හැම දෙයටම එකඟ වීම  

තමාට මිනිසුන් විසින් කරන සෑම යෝජනාවකටම මේ අය එකඟ වෙනවා. එය සාධාරණ ඉල්ලීමක් වුවත්, නොවුවත් ඔවුන් ඒවාට හිස නාවනවා. තනිවම තීරණයක් ගැනීමට අපහසු වන අතර, සෑම විටම අන් අයගේ අනුමැතිය පතනවා. තමා වටා සිටින සෑම අයෙකුම තමාව රවටන බව සිතමින් දුක් වන අතර, තනිවීමට කැමති නැහැ. අන් අයව සතුටු කිරීමට අනවශ්‍ය ලෙස කැප වන මෙම තත්වය dependent personality disorder ගැටලුව විය හැකියි.

8 පරිපුර්ණ බව

හැම දෙයකම පරිපුර්ණ බවක් බලාපොරොත්තු වන පුද්ගලයන් සිටිනවා. තම අතින් අඩුපාඩුවක් සිදු වේ යැයි බිය වන මොවුන් හැම දෙයක්ම අකුරටම කරන්නටත්, විනය උපරිම මට්ටමේ තබා ගැනීමටත්, තමාගේ හැඟීම් අපහසුවෙන් හෝ පාලනය කර ගන්නටත්, විශ්වාසනීය බව උපරිමයෙන්ම රකින්නටත්, හැකි තරම් ආචාරශීලී ලෙස හැසිරෙන්නටත් දැඩි ලෙස වග බලා ගන්නවා. හැම දෙයක්ම තමා විසින්ම කිරීමට උත්සාහ දරන්නේ, අන් අයට තමා මෙන් පරිපුර්ණව එය කිරීමට නොහැකි බව විශ්වාස කරමිනුයි. එය obsessive-compulsive personality disorder විය හැකියි.

SHARE