පේ රටේ ගොඩක් කාන්තාවන් විටමින් ඌණතාවයෙන් පෙළෙනවා. ගොඩක් මව්වරු තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ගුණවත් කෑම බීම දුන්නත්, තමන් ගැන සැලකිලිමත් වෙන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. එහෙමයි කියලා විටමින් පෙති ගිල දමන එකත් සමහරවිට අනතුරුදායක වෙන්න පුළුවන්. සිරුරට අවශ්‍ය විටමින් වර්ග සමබරව ලබා ගත යුතුයි. ඉතින් මේ ලිපිය කියෙව්වම ඔබට තේරේවි ඔබේ ශරීරයේ විටමින් ඌණතාවයක් තියෙනවාද, එහෙනම් ඒ මොන විටමින් වර්ගයද කියලා.

 


fb-like-beg


01. හිස කෙස් වැටීම

හිස කෙස් වැටීමට හේතු වන්නේ සිරුරේ අඩංගු බයෝටීන් (B7) ප්‍රමාණයේ මදි කමයි. මේ ගැටළුව සඳහා සිරුරේ බයෝටීන් මට්ටම වැඩි කර ගත යුතුය. මේ වෙනුවෙන් ආමන්ඩ්, සෝයා ඇට, අර්තාපල් අල සහ කෙසෙල් ආහාරයට ගැනීම වැඩි කරන්න.


02. කෙණ්ඩා පෙරලීම

නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම්, එය ඔබේ සිරුරේ තිබිය යුතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ආදි පෝෂක ගුණ මඳ බව හඟවන සංඥාවක් විය හැකියි. ඇතැම් විට මෙය සිදු වන්නේ අධික ලෙස වෙහෙසීම හා ක්‍රීඩා කිරීම නිසා සිරුරේ අඩංගු මිනරල් වර්ග දහදිය හරහා පිට වීම නිසායි. මේ වෙනුවෙන් ඇට වර්ග (ආමන්ඩ්, හේසල්නට්), වට්ටක්කා, කෙසෙල් සහ ඇපල් වැඩිපුර ආහාරයට ගන්න.


03. මුහුණේ පලු ඇති වීම

මේ තත්වය ඇති වීමට හේතුව වන්නේ සිරුරේ බයෝටීන් හිඟතාවයයි. මේ ගැටළුව විසඳා ගැනීම සඳහා ඔබට පුළුවන් චීස්, හතු, අර්තාපල්, තැම්බූ බිත්තර, නිවිති හා මල්ගෝවා ඔබේ ආහාරයට වැඩියෙන් එක් කර ගන්න. ස්වභාවික ආහාර මඟින් බයෝටීන් සපයා ගැනීමට අමතරව, බයෝටීන් අඩංගු පෝෂණ අතිරේක ලබා ගන්න.


04. අතපය හිරිවැටීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ ඔබේ සිරුරේ B6, B12 සහ B9 (ෆෝලික් අම්ලය) ආදි පෝෂක වල හිඟතාවය නිසායි. සිරුරේ සෛල වලට රුධිරය මඟින් සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීමක් මෙහිදී සිදු විය හැකියි. බෝංචි, දොඩම්, මාළු ඇතුළු මුහුදු ආහාර සහ කුකුළු මස් ආහාරයට වැඩිපුර එක් කර ගන්න.


05. උකුලේ සහ අත් මතුපිට ඇති වන තඩිස්සි වීම්

අත් සහ උකුලේ තඩිස්සි වීම් වැනි පලු හට ගැනීම් සිදු වන්නේ සිරුරේ විටමින් A, විටමින් D සහ මේද අම්ලයේ හිඟතාවය නිසයි. මේ සඳහා ඔබ වැඩිපුර සැමන් මාළු හා ඇට වර්ග ආහාරයට ගන්න. විටමින් A බහුල කැරට් ආදී එලවලුත් ඔබේ බත්පතට එක් කර ගන්න.


06. ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ විටමින් B12 අඩු වූ විටයි. මේ සඳහා කුකුල් හෝ හරක් පීකදු, කිරි, සැමන්, බලමාළු සහ එළු මස් ආහාරයට එක් කර ගන්න.


07. දත් රෝග

දත් රෝග ඇති වීමට හේතුව වන්නේ විටමින් D වල මඳ බවයි. විටමින් D , කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටළුව විසඳා ගත හැකියි. කිරි ආහාර, රතු සහල්, තක්කාලි, බෝංචි, මාළු, දොඩම් සහ මිදි වර්ග වැඩිපුර ආහාරයට ගන්න.


08. කට වටා සමේ ඇති වන පැලීම්

මෙසේ වීමට හේතු වන්නේ විටමින් B3, B2, සහ B12 වල හිඟතාවය නිසායි. මේ වෙනුවෙන් කුකුළු මස්, සැමන් මාළු, බිත්තර, බෝංචි සහ ඇට වර්ග ආහාරයට එක් කර ගන්න. මීට අමතරව විටමින් C අඩංගු ආහාරත් ලබා ගන්න. එය සිරුරට යකඩ උරා ගැනීමට උදව් කරනවා.

SHARE