සිනහව, සතුට කියන දෙය ගොඩක් පුද්ගලයින් උවමනාවෙන්ම තමන්ගෙන් ඈත් කරගෙන තියන දෙයක්. සමහර වෙලාවට හිනා උනත්, ඒ ඇත්තටම නෙවේ. සිත යට තියන දුක හංගගෙන තමයි හිනා වෙන්නේ. අපට සතුටින් සිටිනට අවශ්‍යම හෝමෝනයක් තමයි oxytocin කියන්නේ. මේ හෝමෝනය අපේ ශරීරය තුළ නිපදවීම අපව නිරන්තරයෙන් සතුටින් තියන්න හේතු වෙනවා. විද්‍යානුකුලව කොහොමද මේ හෝමෝනය නිපදවන්නේ, එහෙමත් නැත්නම් කොහොමද ඔබ සතුටින් ඉන්නේ කියලා ඔබත් එක්ක කතා කරන්නයි අපි අද යන්නේ.

fb-like-beg


1. සිපගැනීම

සිප ගැනීම තුලින් ඔබගේ සතුට සඳහා අවශ්‍ය oxytocin නමැති හෝමෝනය නිපද වෙනවා. එය ඔබව වගේම ඔබගේ සහකරුවාව සතුටින් සිටීමට හේතුවක් වෙනවා. මේ තුලින් ඔබගේ මනස නිරවුල්කර ඔබව උද්යෝගිමත්ව තැබීම සිඳු කරනවා.


2. සතුන් සුරතල් කිරීම.

සතුට සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීමට තවත් එක හේතුවක් තමයි සතුන් සමඟ කාලය ගත කිරීම. මේ හේතුව නිසා ඔබගේ සිත තුළ ඇති දුක වෙනුවට ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුටක් ඉපදේවි.


3. හිනාවෙන්න.

හිනාව කියන්නේ හොඳම බෙහෙතක්. ඔබ හැම වෙලාවේම හිනා වෙලා ඉන්න උත්සහ කරන එයින් නිරන්තර සතුටක් ඔබට ලැබේවි.


4. ඇහුන්කන් දෙන්න.

Oxytocin හෝමෝනය නිපදවීම සඳහා තවත් එක හේතුවක් තමයි, ඔබ තවත් අයෙකුට සවන්දීම. කිසිදු තරහක් සිතේ හට ගන්නට නොදී ඔබ සවන්දෙන්න පුරුදු වෙන්න.


5. උදව් කරන්න.

තව කෙනෙකුට උදව් කරනවා කියන්නේ ඔබගේ සිතේ නිරන්තරයෙන් සතුටක් ඇති වෙනවා කියන එකයි.


6. ව්‍යායාම කරන්න.

ව්‍යායාම කිරීම තුලින් ඔබගේ ශරීරය පුරා රුධිරය බෙදාහරින අතර endorphins නමැති හෝමෝනය නිපඳවීම සඳහා එය ඔබට උපකාරී වෙනවා. මෙම හොමොනයත් ඔබව සතුටින් තැබීම සඳහා ඉතාමත් වැදගත් හෝමෝනයක්. ඔබ නිතර ඇවිදින්නට පුරුදු වෙන්න. එය ඔබගේ ශරීරයට වගේම මනසටත් ඉතාමත්ම හොඳයි.


7. හැමවෙලේම අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න.

ඔබට පුළුවන් හැමවෙලාවෙම අලුත් දෙයක් කිරීම සඳහා ඔබගේ සිත යොමු කරන්න. නමුත් අලුත් දෙයක් කිරිමේදී කිසිම ආතතියෙන් සිදු කරන්න එපා. එය ඔබගේ සිතට වදයක් නම් එක කරන එක නවත්වන්න.


8. සමාජ ජාල භාවිත කිරීම.

ගොඩක් දෙනෙක් හිතන්නේ නිරන්තරයෙන් සමාජ ජාල භාවිත කිරීම ඉතාමත් නරක දෙයක් කියලා. නමුත් එය ඔබගේ සිතට සතුටක් ගෙන දීම සඳහා වැදගත් තවත් එක් කරුණක්. ඔබ එහි නිරන්තරයෙන් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමේදී, ඔබගේ ශරීරය තුළ oxytocin නිපද වීම සිදුවෙනවා. මෙම සමාජ ජාලයන් තුළ ඔබට පහසුවෙන් මුණ ගැසිය නොහැකි පුද්ගලයන් පහසුවෙන් මුණ ගැසිය හැකි තැනක්. ඒ නිසා මේ සුහඳ හමුව ඔබව නිරන්තරයෙන් ඔබව සතුටට පත් කරවී.


9. උණු වතුරෙන් නෑම.

උණු වතුරෙන් නෑම තුළින් ඔබගේ මාංශ පේශීන් ලිහිල් වීම සිඳු වෙනවා. මෙය ඉතාම වැදගත් oxytocin ඔබගේ ශරීරය පුරා රැගෙන යන්න. මෙය ඔබව අනිවාර්යෙන්ම සතුටින් සිටින්න අනුගමනය කල හැකි තවත් එක ක්‍රමයක්.


10. ඔබ කැමතිම ආහාර ගන්න.

මෙය ඔබගේ oxytocin මට්ටම ඉහළ නැගීම සඳහා වැදගත් හේතුවක්. මොකද ඔබ අකමැති කෑම ආහාරයට ගන්න එක නම්, ඔබව තවත් පිඩාවට පත් කරන්න හේතුවක්. ඒ නිසා ඔබ සැමවිටම ඔබගේ සිතට කැමති ආකාරයෙන් ආහාර රස විඳින්න පුරුදු වෙන්න.

SHARE