Love Cake කියන්නෙත් බොහෝමයක් දෙනෙක්ට නම කියූ සැනින් කටට කෙල උනන රසවත් කෑමක්.ඉතින් Good housekeeping අපිත් ඔබට ලේසියෙන් හදා ගන්න පුළුවන් Love Cake වට්ටෝරුවක් අරන් ආවා.හදලම බලන්නකෝ රස කෝමද කියලා.


fb-like-beg

අපිට රසම රස Love Cake එකක් හදා ගනන් පහත ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා

  • බිත්තර 16
  • සීනි ග්‍රෑම් 675
  • බටර් ග්‍රෑම් 450
  • රුලං ග්‍රෑම් 450
  • කජු ග්‍රෑම් 600
  • Pumpkin Preserves ග්‍රෑම් 450
  • සාදික්කා 1/2
  • එනසාල් 2
  • කරාඹු නැටි 2
  • කුරුඳු පවුඩර් තේ හැඳි 1/4
  • ගෝල්ඩන් සිරප් මිලි ලීටර් 25
  • දෙහි ගෙඩියක ගා ගත් පොතු
  • වැනිලා මිලි ලීටර් 25
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 2
  • රෝස් එසන්ස් තේ හැඳි 3

දැන් ඉතින් තියෙන්නෙ හදන්න පටන් ගන්නයි..

  • බිත්තර වල කහමද සුදු මද වෙන් කර ගන්න.කහමද සීනි සමඟ මෘදු ක්‍රීම් එකක් වන තුරුම බීට් කර ගන්න.
  • බැදගත් රුලංද බටර් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
  • ගා ගත් සාදික්කා, කුඩු කරගත් එනසල් සහ කරාඹු නැටි , කජු , Pumpkin Preserves කැබලි සකසා ගන්න.
  • බිත්තර සුදු මද 8 හොඳින් ගසා ගන්න.
  • බිත්තර කහමද සමඟ රුලං බටර් මිශ්‍රණය එකතු කර බීට් කර ගන්න.
  • ඉන්පසු පිලිවෙලින් හොඳින් බීට් කරගත් බිත්තර සුදු මද , කජු කැබලි, Pumpkin Preserves කැබලි , සාදික්කා, එනසල් කරාඹුනැටි කුඩු, කුරුඳු පවුඩර්, ගෝල්ඩන් සිරප්, දෙහි පොතු සහ අනෙකුත් එසන්ස් වර්ග එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව මේ සියල්ල තෙල් කොලයක් ඇතිරූ බටර් ගා තැටියකට දමන්න.අංශක 225 උශ්ණත්වය යටතේ පැය 1 1/2 පමණ බේක් කර ගන්න.

කේක් එක හොඳින් බේක් වී ඇත්දැයි දැන ගැනීමට ටූත්පික් එකකින් ඇන බලන්න.එහි කිසිවක්ම නොතැවරී උඩට එනවා නම් ඒ කියන්නේ ඔබේ කේක් එක සූදානම්…

SHARE