ස්සරහට එන්නෙ උත්සව කාලේ..ඒ වගේම පොඩිත්තන්ගේ නිවාඩු කාලේ.ඉතින් ඒ කියන්නේ ගෙදර රස කැම බීම හැදෙන කාලයක්.ඉතිං Good Housekeeping අපි මේ කියලා හදන්නේ පොඩ්ඩොත් එක්ක එකතු වෙලා ඔබේ නත්තල් මේසය , එහෙමත් නැත්තම් හවස තේ මේසය ලස්සන කරන්න පුළුවන් ලස්ස්න කේක් ගෙඩියක් සාදා ගන්න ආකාරය ගැන ඔබට කියලා දෙන්නයි


fb-like-beg

ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනාද බලමු..

කාමර උශ්ණත්වයේ තියෙන බටර් කෝප්ප 1/2
දුඹුරු සීනි කෝප්ප 1/2
Light Molasses හෝ Dark Corn Syrap (උක් පැණි) හෝ කෝප්ප 1/4
කුරුඳු තේ හැඳි 1
කාරාඹු නැටි තේ හැඳි 1 1/2
ඉඟුරු කුඩු තේ හැඳි 1
බේකිං සෝඩා තේ හැඳි 1
පිටි කෝප්ප 2
වතුර මේස හැඳි 2

සැරසිලි සඳහා මෙන්න මේ දේවල් වුවමනා වෙනවා :-

දියකර ගත් White Chocolate හෝ Royal Icing
අවශ්‍ය පමණ ජුජුබ්ස් , පෙපර්මින්ට් සහ licorice


Royal Icing සාදා ගන්නේ මෙහෙමයි :-

ඒ සඳහා අපිට පහත ද්‍රව්‍ය ඕන කරනවා

සීනි පවුඩර් කෝප්ප 3 – 3/4
වතුර කෝප්ප 3/4
ලොකු බිත්තර දෙකක වෙන් කර ගත් සුදු මද
ආමන්ඩ් සාරය, වැනිලා හෝ ලෙමන් යුෂ තේ හැඳි 1යි

ඉහත සඳහන් කර ඇති සියළු අමුද්‍රව්‍ය බාජනයකට දමා සිහින්ව මිරිකා ගත හැකි වන සුමට මිශ්‍රනයක් වනතුරු මිශ්‍රණ යන්ත්‍රයකින් හොඳින් මිශ්‍ර කර ගන්න.මිශ්‍රණය ඝණ වැඩි නම් ඔබට තව ලෙර්මං යුශ එකතු කරමින් මෘදු වනතුරු මිශ්‍ර කරගන්න පුළුවන්.


ඔන්න අපි දැන් අපේ පුංචි ඉඟුරු පාන් ගෙදර හදා ගන්නයි හදන්නේ..

තරමක් විශාල මික්සින් බෝල් එකකට බටර්, දුඹුරු සීනි, උක් පැණි, කුරුඳු, ඉඟුරු, එනසාල් , බේකිං සෝඩා සියල්ල දමා මිශ්‍රණය සුමට වන තුරු හොඳින් මිශ්‍ර කර ගන්න.හොඳින් මිශ්‍රණය පිපෙන තුරු මිනිත්තු 30ක් පමණ ශීතකරණයක හෝ සිසිල් ස්ථානයක තබන්න.

ඉන්පසුව අංශක 375 දක්වා අවන් එක රත් කර ගන්න.

ඔන්න දැන් අපි මේ පුන්චි ලස්සන ගෙදර අවශ්‍ය හැඩතල කපා ගන්නයි හදන්නේ.මේ ගෙදර හදා ගන්න ඉස්සෙල්ලම අපි පහත තියෙන ප්‍රමාන වලින් හැඩතල කපා ගන්න ඕනි.ඔබට මෙම හැඩතල එකවර කපා ගැනීමට අපහසු නම් කාර්ඩ් බෝඩ් පතුරම් සකසා ගැනීමෙන් වඩාත් පහසු වේවි.හැඩතල සකසා ගැනීමෙන් පසු තුනී කරගත් පිටි මිශ්‍රණයෙන් පෙර සකසා ගත් පහත හැඩතල තබා තියුණු පිහියකින් කපා ගන්න.පසුව අංශක 375 රත් කරගත් අවන් එකේ දමා විනාඩි 15 පුළුස්සා ගන්න.

නිවසේ ඉදිරිපස සහ පසුපස සකසා ගැනීම සඳහා අඟල් 3 x 5 ප්‍රමාණයේ සෘජුකෝණාස්‍ර 2ක්
වහල සාදා ගැනීමට අඟල් 3 x 5 1/2 ප්‍රමාණයේ සෘජුකෝණාස්‍ර 2ක්
නිවසේ කෙලවරවල් සාදා ගැනීම සඳහා යට සිට අඟල් 3ක් පළල , වහලයේ මුදුන සිට කෙලවර දක්වා අඟල් 3ක් උස අඟල් 5 1/2 බෑවුම් වන කැබලි දෙකක්
ඇතුල් වීමේ දොරටුවේ වහලයේ කෙලවරවල් සාදා ගැනීම සඳහා අඟල් 1 1/2 x 1 ප්‍රමාණයේ කුඩා සෘජුකෝණාස්‍ර 2ක්.
එහි ඉදිරිපස සකසා ගැනීම සඳහා යට සිට අඟල් 3ක් පළල , වහලයේ මුදුන සිට කෙලවර දක්වා අඟල් 3ක් උස අඟල් 5 1/2 බෑවුම් වන කැබැල්ලක්.

ඉහත හැඩතල පිපෙන තුරු විනාඩි 15ක් පුලුස්සා ගත් පසු අවන් එකෙන් පිටතට ගන්න.ඔබ කලින් සකසා ගත් හැඩතල පතුරම් නැවතත් මෙම කැබලි උඩ තබා වැඩිපුර පිටතට පැන ඇති කැබලි තියුණු පුහියකින් කපා ඉවත් කර නැවත හැඩ සකසා ගන්න.ඉන්පසු බේක් ශීට් එක කුකින් උඩම නිවෙන්නට හරින්න.

ප්ලාස්ටික් පේස්ට්‍රි බෑග් එකකට රෝයල් අයිසිං දමා සිහින් විවරයක් ඇති නොසල් එකක් භාවිතා කර කැබලි මත සැරසිලි කිරගන්න..දොර ජනේල් ආදි සියල්ල ඇද හොඳින් හයි වෙනතුරු වේලෙන්නට තබන්න.කැබලි හොඳින් හයි වුණු පසු රෝය අයිසිං භාවිතා කර පරෙස්සමට එකිනෙක අලවා ගන්න.රෝයල් අයිසිං සවි වන තුරු මුක්කුවක් ලෙස ආධාරක තබන්න.(මේවා හොඳින් ඇලවී සවි වීමට මිනිත්තු කීපයක් පමණයි යන්නේ.)වහලය සහ ඉදිරිපස ප්‍රවේශයද අලවාගෙන ඒවාද බිත්ති වලට සවි කර ගන්න.

දැන් තියෙන්නේ සරසා ගන්න.ජුජුබ්ස් , පෙර්පර්මින්ට් ආදිය භාවිතා කරමින් ඔබට කැමති පරිදි මේ ගෙදර ලස්සන කර ගන්න පුළුවන්.

හරි ..සේරම ඉවර කලාද.ඔන්න දැන් ඔබටත් තියෙනව ඔබේ පොඩිත්තව පුදුම කරන්න පුළුවන් ලස්සන ඉඟුරු පාන් ගෙදරක්..