පැණි කොමඩු ශ්‍රී ලංකාවේ බහුලව වැඩෙන, එමෙන්ම වෙළෙඳසැල්වලින් ද ඉතා පහසුවෙන් මිලදී ගත හැකි පලතුරක්. ජලය අධිකව අඩංගු වන පැණි කොමඩු උෂ්ණ කාලයට සිරුරට සුවයක් ලබා දෙන බව නොකියාම බැහැ. සාමාන්‍ය අයට වගේ නෙවෙයි ගර්භණී සමයේදී පැණි කොමඩු ආහාරයට ගන්නවානම් රුධිරයේ ඇති සීනි මට්ටම පිලිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔබ දියවැඩියාව වැනි රෝගයකින් පෙලෙන ගර්භණී කාන්තාවක් නම් වෛද්‍ය උපදෙස් යටතේම පැණි කොමඩු ආහාරයට ගන්න කියා තමයි උපදෙස් දෙන්නට වන්නේ.

fb-like-beg


පැණි කොමඩු සකසා ගත හැකි ආකාර

පැණි කොමඩු යනු විටමින් සී, විටමින් ඒ, විටමින් බී6, පොටෑසියම් සහ මැග්නීසියම්වලින් පරිපූර්ණ පලතුරක්. එහි තන්තුද අඩංගු වනවා. විශේෂයෙන්ම ගර්භණී සමයේ මුල් මාස කිහිපය තුළ ඇතිවන ශාරීරික අපහසුතාවලට පැණි කොමඩු පරිභෝජනයෙන් විශාල සහනයක් ලබා ගත හැකියි. එසේ පරිභෝජනය කිරීමට පැණි කොමඩු සකසා ගත හැකි ආකාර කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • එළවලු හා පලතුරු සලාදයන්ට පැණි කොමඩු කැබලි කිහිපයක්ද එකතු කිරීම
  • මස් මාංශ අනුභව කරන විට අතුරු ආහාරයක් (side dish) වශයෙන් පැණි කොමඩු ආහාරයට ගැනීම.
  • උදෑසන හා රාත්‍රියට ශීත කරන ලද පැණි කොමඩු මදක් smoothie පානය කිරීම.
  • පැණි කොමඩු යුෂ උදෑසනට පානය කිරීම. – මෙමගින් උදෑසන සිදුවන වමනය යාමට සහනයක් සැලසෙනු ඇති.

ගර්භණී සමයේ පැණි කොමඩු පරිභෝජනය නිසා ලැබෙන ප්‍රතිලාභ

  • පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවට සහනය ලැබේ.
  • උදරයේ ඇතිවන ඇසිඩ් ස්වභාවයට සහනය ලැබේ.
  • උදෑසන වමනය යාම පාලනය කෙරේ.
  • අත්, පා ඉදිමීම පාලනය කෙරේ.
  • සම දුර්වර්ණ වීම පාලනය කෙරේ.
  • බහිශ්‍රාවිය පද්ධතියේ සහ අනෙකුත් අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය පහසු කෙරේ.
  • විජලනය සඳහා සහනය ලබා දේ.
SHARE