තුරුපස ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි කෑමක් තමයි වටලප්පන් කියන්නේ. ඒ තරමට වටලප්පන් රසයි සහ හැම දෙනාම ඒවට කැමතියි. වටලප්පන් හදන්න නම් ටිකක් අමාරුයි. ඒත් කල්පනාවෙන් හැදුවොත් නියම පදමට හදාගන්න එක ඒ තරම් අසීරු දෙයක් නෙවෙයි. ඉතින් අපි බලමු කොහොමද මෙච්චර රසවත් වටලප්පන් සාදා ගන්නේ කියා.

fb-like-beg


අවශ්‍ය ද්‍රව්‍ය

  • හකුරු 250g
  • බිත්තර 5
  • මිටි කිරි අඬු කෝප්ප 1 1/4
  • වැනිලා ස්වල්පයක්
  • කරදමුංගු 2
  • කරාඹුනැටි 3
  • කජු මද 10
  • වියලි මිදි 10g

සාදන අයුරු

  • මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල හොදින් දිය කර ගන්න. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන්දි
  • ය කරගත්තු මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කෑලි තියෙන්න පුලුවන්.
  • දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න.
  • හොඳින් බීට් වුණ බිත්තර වලට දිය කරගත්තු හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින් බීට් කරගන්න.
  • අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න.
  • සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍යනම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක වලින් බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති වෙනවා වගේම හොද රසයකුත් වටලප්පමට එක්කරනවා.
  • අලුමිනියම් බදුනක හරි තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න.
  • බඳුනේ කට තෙල් කරදාසියකින් හරි ඇලුමිනියම් පත්‍රයකින් හරි වසාගන්න.
  • පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න.
  • හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුල බහා විනාඩි 30- 45 ක් (හොදින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න.
  • කජු සහ වියලි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.
SHARE