නිවිති යනු ෆෝලික් ඇසිඞ්, විටමින් ඒ, බී, සී, ඊ, යකඩ, මැන්ගනීස් සහ පොටෑසියම් වලින් පොහොසත් ආහාරයක්. පුරුද්දක් ලෙස නිවිති අනුභව කරනවානම් ලෙඩරෝග ගණනාවකින්ම ඔබට ආරක්ෂා වෙන්නට පුළුවන්.

fb-like-beg


එපමණක් නොවෙයි නිවිති අනුභවයෙන් විවිධ ආකාරයේ රූපලාවණ්‍ය ප්‍රයෝජන අත්කර ගන්නත් පුළුවන්. සමේ වයස්ගත වීම ප්‍රමාද කරවීම සහ සම පැහැපත් කරවීම ඒ අතරින් විශේෂයි.

යකඩ සවිබල සිරුරකට අත්‍යාවශ්‍යයි. පිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාවය බරපතලම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප‍්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි.

ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා. ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිත කරයි.

ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්.

පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබෙනවා.

නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ විටමින් ඒ මැංගනීස් යකඩ විටමින් සී විටමින්් බී 2කැල්සියම්පොටෑසියම් විටමින් බී 6 ( පිරිඩොක්සීන්) කෙඳි විටමින් බී 1 ( තයමීන්) තඹ පෙ‍්‍රීටීන් පොස්පරස් සින්ක් විටමින් ඊ ඔමෙගා 3විටමින් බී ( නියැසීන්) සිලේනියම්.නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි.

SHARE