තායිලන්තය කියන්නේ රසවත් ආහාර සැකසීම පිළිබඳව ගොඩක් ප්‍රසිද්ධ රටක්. ඔවුන්ගේ රටේ ආහාර එතරම් රසවත් වෙන්න හේතුව තමයි ඔවුන් ඔවුන්ටම ආවේනික වූ විශේෂ ක්‍රමවේදයන් ඊට භාවිතා කිරීම. උදාහරණ ලෙස පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස හා දැවිල්ල යහමින් යෙදීමත්, වර්ණවත් ලෙස ආහාරය සැකසීමත් දක්වන්න පුළුවන්. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ තායි කුකුල් මස් කාරියක් සාදන ආකාරය ඔබට කියා දෙන්නට තීරණය කළා.


fb-like-beg


තායි කුකුල් මස් කරිය (Thai Chicken Curry With Coconut Milk)

හතර දෙනෙකුට

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළවලු තෙල් මේස හැඳි 1ක්
  • සිහින්ව කපා ගත් සුදු ළුනු බික් 4ක්
  • ඝනව කපා ගත් බී ළුණු කෝප්ප භාගයක්
  • ඝනව කපා ගත් Bell pepper 2ක්
  • ඝනව කපා ගත් හතු කෝප්ප එකහමාරක්
  • කුකුල් මස් රාත්තලක් (මෙය සිහින් තීරු ලෙස කපා ගත යුතුය. පළල අඟල් භාගයකුත්, දිග අඟල් 2කුත් පමණ වන සේ)
  • red curry සෝස් අඬු කෝප්පයක්  
  • පොල් කිරි කෝප්පයක්
  • කුඩා කොටු කපා ගත් බතල කැබලි කෝප්පයක්
  • කුඩා කොටු කපා ගත් කැරට් කැබලි කෝප්පයක්
  • ලුණු අවශ්‍ය පමණ

ක්‍රමය

කැරට් සහ බතල කැබලි වෙන වෙනම තම්බාගෙන පසෙකින් තබන්න.

මැටි ඇතිලියකට එළවලු තෙල් දමා ලිප තබන්න. තෙල් රත් වීගෙන එන විට එයට සුදු ළුණු සහ ළුණු දමා බැද ගන්න. ඉන්පසුව Bell pepper, හතු සහ කපා ගත් කුකුල් මස් කැබලි එයටම දමා බැද ගන්න. ඉන් අනතුරුව එයට red curry සෝස්, ලුණු සහ පොල්කිරි එක් කරන්න. කිරි බුබුළු දමමින් නටන විට, කලින් තම්බා ගත් බතල සහ කැරට් කැබලි එකතු කරන්න.

 

   

 

SHARE