කෑ

ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි කියලත් ඔබට හිතිලා ඇති. නමුත් අපි ඔබට ඉදිරිපත් කරන මේ ක්‍රම මතක තියා ගන්න හරිම පහසු බව අපි අවධාරණය කරලා කියන්න කැමතියි. ඔබට හැමදාම වැදගත් දේවල් කියා දෙන වෙබ් අඩවියක් විදිහට gooodhousekeeping.lk අපි තීරණය කළා ඔබට මේ ගැන පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

Table Setting Rules වල සරළම ක්‍රමය තමයි මේ.

1 ඔබට පුලුවන්ද FORKS කියන වචනය මතක තියා ගන්න? එහෙනම් ඔබට මේ ක්‍රමවේදය පහසුවෙන්ම මතක තියා ගන්න හැකි වේවි.

F – Fork (ගෑරප්පුව)

O – shape of the plate (පිඟානේ හැඩය රවුම් නේද? “O” අකුරින් කියන්නේ ඒ ගැන)

R – R අකුර අමතක කරලා දාමු

K – Knife (පිහිය)

S – Spoon (හැන්ද)

ඉහතින් දැක්වෙන පින්තුරය සමඟ FORKS වචනය ගලපලා මේ නීතිය මතක තබා ගන්න උත්සාහ කරන්න.

 

2 හොඳයි, ඊළඟට ඔබේ අත් දෙකේ මහපට ඇඟිලි 2 උඩට ඔසවලා හොඳින් බලන්න.

වම් අතේ මහපට ඇඟිල්ල වෙතින් b අකුරත්, දකුණු අතේ මහපට ඇඟිල්ල වෙතින් d අකුරත් දකින්නට උත්සාහ කරන්න. දැන් ඊළඟ නීතියත් හරි.

b – bread and butter (පාන් සහ බටර්)

d – drinks (බීම)

ඉහතින් දැක්වෙන පින්තුරය සමඟ b සහ d ගලපලා මේ නීතිය මතක තබා ගන්න උත්සාහ කරන්න.

 

3 ඊළඟට මේ ටික මතක තියා ගන්න

  • පිහියේ කැපෙන පැත්ත තියන්න ඕනේ පිඟාන පැත්තට හරවලායි.
  • අත්පිස්නාව තියන්න ඕනේ ගෑරප්පුවට වම් පැත්තෙන්. එහෙමත් නැත්තම් පිඟාන උඩින්.

 

හොඳයි, අපි මීළඟ පාඩම ඊළඟ දවසේ ඉගෙන ගමු. ඔබ මේ rule එක හොඳට ධාරණය කර ගත්තොත් මීළඟ පාඩම හරිම පහසු වේවි.

 

SHARE