පි හැමෝම දන්නවා පාන් පිටි කියන්නේ සිරුරට අහිතකර පිටි වර්ගයක් කියලා. පුරුද්දක් විදිහට පාන් පිටි ආහාර ගැනීමෙන් අධික තරබාරු බව සහ ලෙඩ රෝග ගණනාවක් අත් වීමේ අවදානම පවතිනවා. නමුත් කුරක්කන් පිටි ඉතා ගුණවත් පිටි වර්ගයක්. පාන් පිටි වලින් සාදන කෑම වර්ග බොහොමයක් කුරක්කන් පිටි වලින් සාදා ගන්නත් පුළුවන්. ඉතින් පාන් පිටි ආහාර වෙනුවට කුරක්කන් පිටි වලින් තැනූ ආහාර වලට හුරු වීමෙන් ඔබේ සෞඛ්‍යය ඉහල නංවා ගත හැකියි.

 


fb-like-beg


පාන් පිටි වල ඇති අගුණ

  • පාන් පිටි වල වැඩි කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් පවතින අතර ඒවා ඉක්මනින් දිරවා, ග්ලූකෝස් බවට පත් වී සිරුරට සීනි ලෙස එක් වෙනවා. පාන් පිටි ආහාරයට ගැනීම වැඩි වීමත් සමඟ සිරුරේ සීනි ප්‍රමාණය ඉහල යනවා. 
  • පාන් කෑමෙන් බඩ දැවිල්ල ඇති විය හැකියි. එසේ වන්නේ පාන් පිටි වල අඩංගු ග්ලුටන් නිසායි.
  • පාන් පිටි ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහල යනවා. අධික පිපාසයක් දැනෙනවා.
  • රුධිරයේ ඇති ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කර, තුවාල සුව නොවී දිගුකල් පැවතීමට බලපානවා.
  • අධි බර, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග රැසක් වැළඳෙනවා.

කුරක්කන් පිටි වල ඇති ගුණ

  • කුරහන් වල පෝෂණ කොටස් සහ විටමින් බහුලය.
  • කුරක්කන් වලින් සිරුරට අවශ්‍ය ඉක්මන් ශක්තිය ලබා ගත හැකියි. සිරුරේ ශක්තිය ඉහළ නැංවීමට මෙය උපකාරී වෙනවා.
  • කුරක්කන් වල කුරුට්ටේ විශාල කෙඳි ප්‍රමාණයක් තිබෙනවා. මේ කෙඳි හෙවත් තන්තු මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා. එමෙන්ම මළ බද්ධය රෝගය සුව කරන්නත් කුරක්කන් වලින් සැදු ආහාර වලට පුළුවන්.
  • කුරක්කන් වල අඩංගු විටමින් E මඟින් සිරුරේ ක්‍රියාවලීන්ට උපකාරී වන ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක් ගොඩ නංවනවා.
  • කුරක්කන් වලින් සාදනා ආහාර ජීර්ණය වන්නේ සෙමින්ය. මේ නිසා සිරුරේ ග්ලූකෝස් මට්ටම එක වර ඉහල යන්නේ නැහැ. එමෙන්ම, සෙමින් දිරවීම නිසා පැය ගණනාවක් වුවද වෙහෙසීමේ හැකියාව අත් වෙනවා.
  • කුරක්කන් වල සිරුරට හිතකර ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. මේ ප්‍රතිඔක්සිකාරක මඟින් සිරුරේ විෂ වර්ග ඉවත් කරවනවා.
  • කුරක්කන් ආහාර කය වෙහෙසා වැඩ කරන පුද්ගලයන්ට, පෙනහලු ආශ්‍රිත රෝග වලින් පීඩා විඳින අයට, දියවැඩියා රෝගීන්ට, කිරි දෙන මව්වරුන්ට, මළ බද්ධයෙන් පීඩා විඳින රෝගීන්ට, නීරක්තිය වැළඳුනු රෝගීන් සඳහා ඉතා සුදුසුයි.
  • කුරක්කන් ආහාර නිතර ගැනීමෙන් ශරීරය පෘෂ්ටිමත් වේ.

තනිකරම කුරක්කන් වලින් තැනූ ආහාර වලට හුරු වීම ඔබට අපහසුයි නම්, ආහාර සැකසීමේදී පාන් පිටි යොදන ප්‍රමාණය අඩු කර ඒ වෙනුවට කුරක්කන් පිටි යොදන්න.

කුරක්කන් වලින් තැනිය හැකි ආහාර

කුරක්කන් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් පිටි කෝප්ප 1ක්
  • හාල් පිටි කෝප්ප 1ක්
  • ගාගත් පොල් කෝප්ප 1ක්  
  • අවශ්‍ය පමණ ලුණු
  • පොල් වතුර හෝ ජලය  

ක්‍රමය

හාල් පිටි, කුරක්කන් පිටි, ලුණු සහ පොල් යන සියල්ල එකට  කලවම් කරන්න. පොල් වතුර හෝ සාමාන්‍ය ජලය මිශ්‍රණයට ඉසිමින්, පොඩි කැට සෑදෙන තුරු කලවම් කරන්න. ඉන් පසුව ස්ටිමර් එකට දුහුල් රෙදි කඩක් හෝ ෆොයිල් එකක් තබා පිට්ටු තම්බාගන්න. පොල් කිරි, ඕනෑම හොදි වර්ගයක්, ලුණු මිරිස් හෝ සීනි සමඟ ආහාරයට ගන්න.


කුරක්කන් රොටි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් පිටි කෝප්ප 1ක්
  • පාන්පිටි කෝප්ප 1 1/2ක්
  • ගාගත් පොල් කෝප්ප 1 1/2ක්
  • අවශ්‍ය පමණ ලුණු
  • පොල් වතුර හෝ ජලය

ක්‍රමය

කුරක්කන් පිටි, හාල් පිටි, ලුණු, පොල් සියල්ල එකට කලවම් කරන්න. පොල් වතුර හෝ ජලය ස්වල්පය බැගින් එකතු කර මිශ්‍රණය හොඳින් අනාගන්න. ඉන්පසුව රොටි සාදා තෙල් ටිකක් දැවටු තැටියක තබා පුළුස්සා ගන්න.


කුරක්කන් තලප

අවශ්‍ය ද්‍රව්‍ය  

  • කුරක්කන් පිටි කෝප්ප 2ක්
  • උණු වතුර කෝප්පයක්  
  • අවශ්‍ය පමණ ලුනු

ජලය ලිප තබා උණු කරන්න. වතුර නටන විට කුරක්කන් පිටි එයට එකතු කර ලී හැන්දකින් හැඳි ගාන්න. මෙය ඝනට සෑදිය යුතුයි. මිශ්‍රණය දිය ගතියක් පෙනෙන්නට තිබෙනවා නම් එයට තවත් කුරක්කන් පිටි ස්වල්පයක් එකතු කරන්න. මෙය මස් හොදි සමඟ ආහාරයට ගන්න.

SHARE