හාර පාලනය කියන්නේ බොහෝ දෙනෙකුට බොහොම කටුක අත්දැකීමක් කිව්වොත් නිවැරදියි. බර අඩු කර ගැනීමට අවශ්‍ය නිසා ආහාර පාලනය කිරීම සිදු කළත්, කුසගින්න ඔබව වේදනාවට පත් කරවනවා. ඒ වගේම තමයි රස ආහාර වලට තහංචි පමුණුවලා, රස නැති ආහාර එක දිගට ගැනීම නිසා එය මඳක් අප්‍රසන්න අත්දැකීමකුත් වෙනවා. ඉතින් මේ ගැටලුවට හොඳ විසඳුමක් තමයි ආහාර සංකලනය කියන්නේ. කෑම වර්ග කීපයක සංකලනයක් එකට එකතු කර ආහාරයට ගැනීමට උත්සාහ කිරීමෙන් ඔබට මෙම අප්‍රසන්නතාවය මඟ හැර ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි මේ ආහාර වලින් ආහාර පාලනයේදී ඔබෙන් ගිලිහෙන ශක්තිය නැවත හිමි කර ගැනීමටත් හැකි වේවි.


fb-like-beg


ඕට්ස් සමඟ පී නට් බටර්

ඕට්ස්

ඕට්ස් කියන්නේ ඉතා ඉහල ගුනත්වයක් සහිත ධාන්‍ය වර්ගයක්. සීනි රහිත, විටමින්, මිනරල්, ප්‍රතිඔක්සිකාරක සහ කෙඳි බහුල ධාන්‍යයකි. මෙම ධාන්‍ය වර්ගය සිරුරේ කොලොස්ටරෝල් මට්ටම පහත දමා ගැනීමටත්, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් උදව් වෙනවා. ඕට්ස් සිරුරට හිතකර බැක්ටීරියා වර්ධනය කරන අතර කුසගිනි නැති කර දමනවා.

පී නට් බටර්

පී නට් බටර් සකසන්නේ රටකජු වලිනි. මෙය ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා ඉතා සුදුසු ක්‍රමයක්. පී නට් බටර් වල 25%ක්ම අඩංගු වන්නේ ප්‍රෝටීන්. සිරුරට හිතකර මේද අඩංගු වන අතර, කාබෝහයිඩ්රේට් අඩංගු වන්නේ ඉතා සුළු වශයෙනි.

මේ ආහාර සංකලනය දෙවන මට්ටමේ දියවැඩියා රෝගියෙක්ට ඉතා සුදුසුයි.


කැරට් සහ පී නට් බටර්

කැරට් කියන්නේ පිෂ්ඨය අඩු එළවළුවකි. කැරට් වල පිෂ්ඨය අඩංගු වන්නේ 10%කටත් අඩු ප්‍රමාණයකි. එහි තන්තු බහුලව අඩංගුයි. සීනි අඩංගු වුවත් ඒ සුළු මට්ටමකිනි. විටමින් A, විටමින් B, විටමින් K, පොටෑසියම් සහ බීටා කැරොටින් වලින් පොහොසත්ය.

මේ ආහාර සංකලනය මඟින් ඔබේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුය.


නිවිති, ඇපල් සහ ඉඟුරු

නිවිති

නිවිති වල අඩංගු කාබෝහයිඩ්රේට් ප්‍රමාණය ඉතා අඩුය. එහි දිය නොවන තන්තු බහුලව අඩංගු වේ. මේවායේ කැරොටිනෝඩයිඩ්, විටමින් C, විටමින් K, ෆෝලික් අම්ලය, යකඩ හා කැල්සියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගුය. නිවිති වල ඉහළ නයිට්රේට් ප්‍රමාණයක් අඩංගු වන අතර, එමඟින් රුධිර පීඩනය නිසි මට්ටමේ තබා ගැනීම සඳහා ආධාර කරනවා.

ඇපල්

ඇපල් වල 85%ක්ම අඩංගු වන්නේ ජලයයි. එහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. මෙම පලතුර තන්තු වලින් බහුල නිසා නැවත කුසගිනි දැනෙන්නේ බොහෝ වෙලාවකට පසුවයි (ඇපල් ආහාරයට ගත් පසු ඔබ තුල කුස පිරුණු බවක් ඇති වෙනවා). සිරුරේ සීනි ප්‍රමාණය පාලනය කිරීමට, හදවතේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමට, පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට සහ මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට ඇපල් උපකාරී වෙනවා.

ඉඟුරු

ඉඟුරු වල ඉහල Gingerol ප්‍රතිශතයක් අඩංගු වෙනවා. මෙය ඉතා ඉහල ප්‍රතිඔක්සිකාරකයක්. කුසයේ ඇති විවිධ රෝගාබාධ සුව කර ගැනීමට ඉඟුරු ඉතා හොඳ ඖෂධයක්.


අන්නාසි සමඟ දෙහි යුෂ

අන්නාසි

අන්නාසි වල අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩු වන අතර, ජල ප්‍රමාණය ඉහලය. මෙය බර අඩු කර ගැනීම සඳහා ඉතා සුදුසු ආහාර වර්ගයක් වෙනවා. අන්නාසි වල ඉහල තන්තු ප්‍රමාණයක් අඩංගු නිසා ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය මට්ටම ඉහල නංවනවා.

දෙහි යුෂ

දෙහි වල පෝෂණ ගුණ රැසක් අඩංගු වන අතර, සිරුරේ බර සහ ආහාර ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය අඩු කර ගැනීමට උපකාර කරනවා. දෙහි වල අඩංගු සිට්‍රික් ඇසිඩ් සිරුරේ මේද දහනය කිරීමට ක්‍රියා කරනවා. දෙහිවල ඇති ෆ්ලේවොනොයිඩ් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරනවා.


බිත්තර සහ අලිගැටපේර

බිත්තර  

බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. එමෙන්ම බිත්තර මඟින් ඉක්මනින් කුස පුරවා ගැනීමේ හැකියාව තිබෙනවා. සිරුරට අවශ්‍ය ශක්තිය සහ ස්ථායිතාවය ලබා දෙන අතර, කුසගිනි නැති කිරීමට සමත් වෙනවා. බිත්තර ආහාරයට ගැනීම මඟින් අඩු කැලරි ප්‍රමාණයකින් ඉහල පෝෂක ගුණයක් ලබා ගැනීමටත්, සිරුරේ බර අඩු කර ගැනීමටත් ඇති හොඳ මාර්ගයක්.

අලිගැටපේර

අලිගැටපේර පෝෂණීය සංඝටක වලින් අනූන වූ පළතුරක්. එය ඔබේ බර අඩු කර ගැනීමට ඉතා කදිමයි.

SHARE