ලොව මිල අධිකම ආහාර වර්ග දහය ගැන දැන ගන්න ඔබ අනිවාර්යයෙන්ම කැමති ඇති. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ඔබව දැනුවත් කරන්න.


fb-like-beg


1 Matsutake Mushrooms

මේ හතු වර්ගය ඉතා දුර්ලභයි. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට මේ වර්ගයේ හතු කිලෝ ග්රෑම් එකක මිල මේ වන විට ඩොලර් 1000ක් පමණ වෙනවා. මේ හතු වර්ගය ප්‍රධාන වශයෙන්ම හට ගන්නේ ජපානයේ වන අතර, ඇතැම් ආසියානු රටවලත් දැක ගන්න පුළුවන්. කෘමි සහ පරපෝෂිත ශාක ආක්‍රමණය නිසා මේ හතු වර්ගය ලෝකයෙන් වඳ වෙමින් පවතිනවා.

2 Kopi Luwak Coffee

ලොව මිල අධිකම කෝපි වර්ගයක් ලෙස ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙම කෝපි කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 750ක් පමණ වෙනවා. එක කෝපි කෝප්පයක මිල ඩොලර් 50ක් පමණ වෙනවා. මෙම කොපි වර්ගය නිපදවන්නේ ඉන්දුනීසියාවෙයි. මේ කෝපි මෙතරම් මිල අධික වුවත්, මෙය සකස් කරන ආකාරය ඇසුවොත් නම් ඔබ මහත් පුදුමයට පත් වේවි. උරුලෑවන් විසින් කෝපි ඇට කා දමා, දමන අසූචි වලින් මෙම ලුවාක් කෝපි වර්ගය සකසයි. උරුලෑවාගේ කුසේදි අඩක් ජීර්ණය වීම හේතුවෙන් මේ කෝපි වලට සුවිශේෂී රසයක් ලැබෙන බව කියවේ.

3 White Pearl Albino Caviar

මේ අතිශය දුර්ලභ ගනයේ ඇලි (සුදු පැහැති) මත්ස්‍ය වර්ගයකගේ බිත්තරයි. මේවායේ රසය සහ පෙනුම ඇති විශේෂයි. සුදු පැහැයේ සිට දිදුලන රත්රන් පැහැය දක්වා මේවා දක්නට තිබේ. මේවා කිලෝ ග්‍රෑමයක මිල $300,000ක් වෙනවා.

4 Nest Soup

මේ අරුම පුදුම සුප් එක හදන්නේ කුරුළු කුඩුවකින්. ආහාර සඳහා මෙම කුරුළු කූඩු කර්මාන්තය චීනය සහ ඉන්දුනීසියාව යන රට වල ප්‍රචලිතය. කුරුළු කූඩු රාත්තලක මිල ඩොලර් 3,000ක් පමණ වෙනවා.

5 Saffron

සැෆ්රන් කියන්නේ මල් වර්ගයකින් ලබා ගන්නා කුළුබඩු විශේෂයකි. මේවා රූපලාවන්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නවා. මේවා වැවෙන්නේ වසරකට දින හතක තුල පමණක් බව කියවෙනවා. සැෆ්රන් කිලෝ එකක් සැකසීමට මල් 300,000ක් පමණ අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේවායේ වටිනාකම ඩොලර් 500 සිට 5000 දක්වා මිල වෙනවා (ප්‍රමිතිය අනුව).

දෙවැනි කොටස සඳහා පිවිසෙන්න

SHARE