කොස් ඇට කියන්නේ හරිම රසවත් වගේම, ගුණවත් ආහාරයක්. කොස් ඇට එක එක විදිහට සකසන්න පුළුවන්. කොස් ඇට පෝෂණ ගුණ රැසකින් යුක්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, කොස් ඇට රෝග රැසකට ගුණ දෙනවා. සිරුරේ උෂ්ණය අඩු කරන්න, මුත්‍රා රෝග සුව කරන්න සහ දියවැඩියා රෝගයේ බලපෑම් අඩු කරන්න කොස් ඇට උපකාරී වන බව කියවෙනවා. ඉතින් අද අපි කොස් ඇට වලින් සකසන්න පුළුවන් ව්‍යංජන වර්ග 3ක් ගැන කතා කරන්න තීරණය කළා.


fb-like-beg


කොස් ඇට කිරි ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොස් ඇට 50ක් පමණ
  • සිහින්ව කපා ගත් රතු ළුණු ගෙඩි 2ක්
  • උම්බලකඩ කුඩු මේස හැඳි 2ක්
  • තලා ගත් සුදු ළුණු බික් 5ක්
  • සිහින්ව කපා ගත් අමුමිරිස් කරල් 2ක්
  • පොල්කිරි කෝප්පයක්
  • අබ ස්වල්පයක්
  • බැද ගත් තුනපහ තේ හැඳි 1ක්
  • තුනපහ තේ හැඳි 1ක්
  • මිරිස් කුඩු තේ හැඳි 1ක්
  • බැද ගත් උළුහාල් තේ හැඳි 1ක්
  • කුරුඳු පොත්තක්
  • කහ කුඩු තේ හැඳි භාගයක්
  • ලුණු කුඩු අවශ්‍ය පමණ
  • රම්පා සහ කරපිංචා අවශ්‍ය පමණ
  • තෙල් ස්වල්පයක්  

ක්‍රමය

පොතු ගලවා සුද්ද කර ගත් කොස් ඇට හොඳින් සෝදා ගන්න. ඉන්පසුව කොස් ඇට වලට ජලය ස්වල්පයක් දමා තම්බා ගන්න. තැම්බුණු කොස් ඇට කපා ගන්න.

වෙනම බඳුනකට පොල් කිරි හැර අනෙක් සියල්ල දමා තෙම්පරාදු කර ගන්න. එයට කපා ගත් කොස් ඇට දමා කලවම් කර ගන්න. අවසානයේදී පොල් කිරි දමා සිඳ ගන්න.  

 

කොස් ඇට මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට 25ක් පමණ

  • කපා ගත් රතු ළුණු ගෙඩි 5ක් පමණ
  • තලා ගත සුදු ලුණු ගෙඩි 5ක් පමණ
  • සූදුරු තේ හැඳි 1ක්
  • අබ තේ හැඳි 1ක්
  • කහ තේ හැඳි කාලක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 2ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්
  • කුරුඳු පොත්තක්
  • ගා ගත් පොල් මේස හැඳි 4ක්  
  • කරපිංචා අවශ්‍ය පමණ
  • ලුණු අවශ්‍ය පමණ

ක්‍රමය

පොතු සුද්ද කර ගත් කොස් ඇට හොඳින් සෝදා ගන්න. අනතුරුව සිහින්ව ලියා ගන්න. එයට ලුණු සහ ජලය ස්වල්පයක් දමා තම්බා ගන්න.

ඒ අතරේ පොල් කුඩු කබලේ දමා රත් කර ගන්න. ඉතිරි සියලු අමුද්‍රව්‍ය සහ රත් කර ගත් පොල් කුඩු එකට අඹරා ගන්න. තැම්බුණු කොස් ඇට වල ජලය සිඳී ගිය පසු පොල් කුඩු මිශ්‍රණය එක් කර මිශ්‍ර කර ගන්න.

SHARE