යෝගට් කියන්නේ ගොඩක් ගුණවත් ආහාරයක්. යෝගට් පුරුද්දක් ලෙස ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමි වන බව අනාවරණය වෙලා තියෙනවා. ඒත් ගොඩ දෙනෙක් මැසිවිලි නඟනවා කඩෙන් ගන්න යෝගට් වල විවිධ අඩුපාඩු තියෙන බව කියමින්. ගොඩක් දෙනා නගන චෝදනාවක් තමයි කඩේ යෝගට් වල සීනි වැඩියි කියන එක. ඉතින් අපිට පුලුවන්නම් ගෙදරදීම පිරිසිඳුව සහ ගුණාත්මකව යෝගට් හදන්න මේ ගැටළු නිකන්ම විසඳෙනවා නේද? අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට කියා දෙන්න හදන්නේ මේ ගැන.


fb-like-beg


යෝගට් සාදන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් කිරි ලීටර් 1ක්
  • කඩෙන් මිලදී ගත යෝගට් කෝප්ප 1ක්
  • ජෙලටින් තේ හැඳි 4ක්
  • සීනි අවශ්‍ය පමණ
  • ඔබ කැමති රසකාරකයක් (වැනිලා, ස්ට්‍රෝබෙරි වැනි)

ක්‍රමය

කිරි සහ සීනි බඳුනකට දමා ලිප තබන්න. ඉන් පසුව කිරි එක හැඳි ගාමින්, උකු වන්නට ඉඩ නොදී පෙන නැඟෙන තුරු උතුරුවන්න. කිරි එක උතුරාගෙන එන විට එයට ජෙලටීන් දමා දිගටම හැඳි ගාන්න හැඳි ගාන්න. ඉතුරූ පසු කිරි එක ලිපෙන් බා ගන්න. අනතුරුව කඩේ යෝගට් එක, රසකාරකය යොදා කලවම් කර නිවෙන්නට තබන්න. පැය හතරකට විතර පස්සේ මේ යෝගට් මිශ්‍රණය සවි වෙනවා. ඔබට අවශ්‍ය නම් කිරි එක නිවෙන්න තියන්න කලින් ලස්සන බඳුන් වලට වත් කරලා නිවෙන්නට තියන්න. එතකොට ඔබට පුළුවන් ඒ බඳුන් පිටින්ම පිළිගන්වන්න.

 

යෝගට් ඩ්‍රින්ක් සාදන ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

  • යෝගට් කෝප්ප 2ක් (නිවසේදී සාදා ගත යෝගට් කෝ කඩෙන් මිලදී ගත් යෝගට්)
  • අයිස් කැට කෝප්ප 1ක්
  • නැවුම් කිරි කෝප්ප 1ක්
  • ඔබ කැමති පළතුරක් හෝ රසකාරකයක් (අඹ/ ස්ට්‍රෝබෙරි)
  • සීනි අවශ්‍ය පමණ

ක්‍රමය

පලතුර කුඩා කැබලි වලට කපා ගන්න. සියල්ල බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න. ශීතකරණයේ සිසිල් වන තුරු තබා පිළිගන්වන්න.

 

   

SHARE