ක්කාලි සෝස් කියන්නේ බොහෝ දෙනෙක් කැමති ආහාරයක්. රස අඩු ආහාරයක් වුනත් තක්කාලි සෝස් එක්ක ආහාරයට ගන්නකොට කන්න පුළුවන් වෙනවා. තක්කාලි සෝස් ආහාර රසගන්වනයක් ලෙස භාවිතා වෙනවා. බේකරි ආහාර සහ තක්කාලි සෝස් කියන්නේ හොඳින්ම ගැලපෙන ආහාර යුගලක්. ඒ විතරක් නෙවෙයි, මස් වර්ග ඇතුළු ඇතැම් ව්‍යංජන සකසද්දීත් තක්කාලි සෝස් යොදා ගන්නවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා තක්කාලි සෝස් සාදන ආකාරය ගැන කියා දෙන්න.


fb-like-beg

 


අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු තක්කාලි කිලෝ 1ක්
  • සුදු ළුණු යුෂ තේ හැඳි 1ක්
  • තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්
  • මිරිස් කුදු මේස හැඳි 2ක්
  • විනාකිරි කෝප්ප 4ක්
  • සීනි ග්රෑම් 250ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්  
  • ඉඟුරු යුෂ මේස හැඳි 1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි භාගයක්

ක්‍රමය

තක්කාලි උතුරන වතුරට දමා ස්වල්ප වෙලාවකින් පිටතට ගෙබ පොතු ගලවා ගන්න. ඉන්පසුව හොඳින් පොඩි කර ගන්න. තක්කාලි ඉස්ම පෙරේනයකින් පෙරාගෙන ඇට ඉවත් කර ගන්න. මැටි බඳුනකට තක්කාලි යුෂ සහ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල දමා උකු වන තුරු පිස ගන්න. නිවුණු පසු බෝතලයකට දමා අසුරා ගන්න (ඊට පෙර වීදුරු බෝතලය ජීවානුහරණය කල යුතුය).   

SHARE