මහර අවස්ථා වලදී අපට අපේ බර අඩු කර ගැනීමට හදිසියේම අවශ්‍ය වෙන මොහොතවල් තියෙනවා. ළඟ එන මංගල උත්සවයකට, කාර්යාලීය උත්සවයකට හදිසි ආරාධනාවක් ලැබුණු අවස්ථාවකදී තමයි ඔබට ඔබේ බර අඩු කර ගෙන, හැඩැති සිරුරක් සකස් කර ගන්න ඕනේ කියලා මතක් වෙන්නේ. ඇත්තටම මේ වගේ හදිසි අවස්ථාවකදී අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා.

 


fb-like-beg


සැහැල්ලු දින හත කියන්නේ කුමකටද ?

සැහැල්ලු දිනයක් කියන්නේ විශේෂ ක්‍රමවේදයකට අනුව ඔබේ ආහාර රටාව වෙනස් කර ගැනීමයි. එක දිගට දින හතක් සැහැල්ලු ලෙස ගත කිරීම මඟින් ඔබට මේ කදිම ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන් වේවි. මේ සැහැල්ලු දින හතෙන් පසුව ඔබේ බර අඩු වෙනවා වගේම, ඔබේ සිරුරේ අඩංගු විෂ සහිත දෑ ඉවත් වී, ඔබේ පෙනුම තරුණ වේවි. මෙය සති දෙකකට වතාවක් අත්හදා බැලීමට ඔබට හැකි නම් ඔබට දිගුකාලීන ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වේවි.

මේ සැහැල්ලු දින කීපයේදී ඔබ කළ යුත්තේ කුමක්ද ?

  • සැහැල්ලු ලෙස ගත කිරීමට අපේක්ෂා කරන දිනය හෝ දින තෝරන්න.
  • ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න.
  • සෑම පැයකම ආහාර 100g – 150g අතර ප්‍රමාණයක් ආහාරයට ගන්න.
  • මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර උදෑසන හිස් බඩ ලෙමන් යුෂ සමග වතුර වීදුරුවක් බොන්න.
  • දිනය තුල ජලය හා හරිත තේ වරින් වර පානය කරන්න.
  • මේ දිනවල ව්‍යායාම නොකරන්න.

ඔබේ ආහාර පිළිවෙත තුල මේවා අනුගමනය කළ යුතුය

තෙල් රහිත සැහැල්ලු දවසක්

මෙහි අරමුණ වන්නේ ඔබේ සිරුරේ මේදය බිඳ දැමීමට සමත් වන එන්සයිම සක්‍රීය කිරීමයි. මේ වෙනුවෙන් ඔබ ඔබේ සැහැල්ලු දිනයේදී ලබා ගන්නා මේද ප්‍රමාණය කපා හැරිය යුතුයි. මේද රහිත කිරි මිලි 500ක් ගෙන කොටස් පහකට වෙන් කර ගන්න. කෝපි සමඟ මිශ්‍ර කර, සීනි නොයොදා වේල් 5කට  පානය කරන්න.

කාබෝහයිඩ්රේට් රහිත සැහැල්ලු දවසක්

මේ දවසේදී කාබෝහයිඩ්රේට් වලින් වැලකි සිටීමට උනන්දු වන්න. එහි අර්ථය ඔබ කුසගින්නේ සිටිය යුතුයි යන්න නොවේ. ඔබ කැමති කාබෝහයිඩ්රේට් අවම ආහාර තෝරා ගන්න.

ඔබ ඇපල් කෑමට කැමති ඇපල් කිලෝ ග්‍රෑම් එකහාමාරක් මිලදීගෙන කොටස් පහකට බෙදාගෙන දවස පුරා ආහාරයට ගන්න. ඇපල් අමුවෙන් හෝ අවන් එකේ දමා බේක් කරගෙන කන්න. එසේත් නැතිනම් ඒවායින් ජූස් (සීනි රහිතව) සාදා ගන්න.

ඔබ පැණි කොමඩු වලට කැමති නම් පැණි කොමඩු කිලෝ 2ක් මිලදීගෙන කොටස් පහකට බෙදාගෙන වේල් කීපයක් ආහාරයට ගන්න.

ඔබ ඕට්ස් වලට කැමති නම් ඕට්ස් ග්‍රෑම් 200කින් කැඳ සාදාගෙන, දවස පුරා පානය කරන්න.

ප්‍රෝටීන් සහිත සැහැල්ලු දවසක්

බර අඩු කර ගැනීමට ප්‍රෝටීන් සහිත දවස ගොඩක් උපකාරී වෙනවා. එයට හේතුව වන්නේ ප්‍රෝටීන් ආහාර දිරවීමට වැඩි කාලයක් ගත වෙන නිසා ඔබට නැවත බඩගිනි ඇති වීමේ අවස්ථාව ඉතා අඩුයි. මස් හා මාළු ආහාරයට ගන්නා අතරතුර හොඳින් ජලය පානය කරන්න. මේදය අඩු මස් හෝ මාළු වර්ගයකින් ග්‍රෑම් 400ක් පමණ මිලදී ගන්න. ඒවා ලුණු අඩුවෙන් දමා ජලයෙන් පිස ගන්න. මස් දීසිය කොටස් පහකට පමණ බෙදාගෙන වේල් පහකට ලබා ගන්න.

ඔබට අවශ්‍ය නම් මේ ආහාර කලවම් කර ලබා ගන්න

ගොඩක් දෙනෙක් කියන කථාවක් තමයි එකම ආහාරය දවස පුරා ලබා ගැනීමට අපහසු බව. ඔබටත් එවැනි ගැටළුවක් තිබෙනවා නම්, මේ ආහාර කලවමේ ලබා ගන්න.
මේදය රහිත කිරි යොදා ඕට්ස් ග්‍රෑම් 100කින් පමණ කැඳ එකක් සාදා ගන්න. කැඳ වේල් අතරතුරට ඇපල් වේල් කිහිපයකුත් යොදා ගන්න.

සැයු: මෙම ක්‍රමය බොහෝ විට ඔබට කෙටි කාලීන ප්‍රතිඵල ලබා දෙනු ඇති අතර, ඔබට යම් සෞඛ්‍ය ගැටලුවක් තිබේ නම්, මෙම පිළිවෙත ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසිය යුතුය.    

SHARE