පි බොහොම දෙනෙක් ෆෘට් සැලඩ් කන්නේ අතුරුපසක් විදිහටයි. හැබැයි අද අපි කියා දෙන ෆෘට් සැලඩ් එක නම් උදෑසන හෝ රාත්‍රී ආහාර වේල සඳහා ගන්න පුළුවන් සැලඩ් එකක්. මේ සැලඩ් එක ශරීරයේ බර අඩු කර ගන්න උනන්දු අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවේ, හැමදාම කන බත් වෙනුවට මේ සැලඩ් එක පුරුද්දක් විදිහට දවසට වරක් කෑවම ඔබේ සමත් අනිවාර්යයෙන්ම පැහැපත් වේවි. 

 


fb-like-beg


 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ ඇපල් ගෙඩියක්
  • රතු ඇපල් ගෙඩියක්
  • අන්නාසි ගෙඩියකින් කාලක්
  • ගස්ලබු ගෙඩි කාලක්
  • ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්
  • අඹ ගෙඩියක පාළුවක්
  • කොළ මිදි ගෙඩි 6/7ක්
  • දම් මිදි ගෙඩි 6/7ක්
  • ඔලිව් ගෙඩි 6/7ක්
  • දෙහි ගෙඩි දෙකක යුෂ
  • යෝගට් කෝප්පයක්
  • මී පැණි මේස හැඳි 1ක්

 

ක්‍රමය

සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.

යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.

 

SHARE