කොත්තමල්ලි යනු ආහාර රස කිරීමට යොදන කුළු බඩුවක් ලෙසයි බොහෝ දෙනෙක් සිතා සිටින්නේ. නමුත් කොත්තමල්ලි යනු පාරම්පරික ඖෂධ සැකසීම සඳහා යොදාගත් ඔසුවක් ද වනවා. ඊට අමතරව කොත්තමල්ලි කොළ ආසවනය කොට ලබා ගන්නා තෛලයෙන් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම ද අද වන විට සිදු කෙරෙනවා.

fb-like-beg


දැන් කොත්තමල්ලි සතු ඖෂධ ගුණය පිලිබඳ මදක් විමසා බලමු.

කොත්තමල්ලි ඇට සහ කොළ වල ප්‍රෝටීන්, කාබෝහයිද්රේට්, විටමින් A, විටමින් B, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ආදී පෝෂක ගුණවලින් සමන්විත වනවා.එමෙන්ම වාෂ්පශීලී තෙල්, මේදය, ටැනින් අම්ල අන්තර්ගත වනවා.

සම මත ඇතිවන ආසාදන තත්වයන්ගෙන් සුවය ලැබීමට කොත්තමල්ලි ඉතාම හොඳ ප්‍රතිකර්මයක් වනවා. එමෙන්ම කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ගුණයක් ද කොත්තමල්ලි සතුයි. ඊට අමතරව කොත්තමල්ලි තම්බා පානය කිරීම හා අඹරා ආලේප කිරීම මගින් සහනය සලසා ගත හැකි තත්ත්ව කිහිපයක් පහතින් දැක්වෙනවා.

විජලනය – දැඩි උණ හා වෙනත් අසනීප තත්වයන් නිසා ඇතිවන විජලනය පාලනය කිරීමට කොත්තමල්ලි තම්බා පානය කිරීම ඉතා ඈත අතීතයේ සිටම සිදු වී තිබෙන්නක්. ඊට අමතරව වකුගඩු වල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීමටද කොත්තමල්ලි මහෝපකාරී වනවා.

වමනය හා බඩේ රුජාව

ආහාර අරුචිය – කොත්තමල්ලි කොළ වලින් සාදාගන්නා සම්බල් අනුභව කිරීමෙන් ආහාර අරුචිය නැති වනවා.

අධි රුධිර පීඩනය

මුඛය තුළ ඇති වන තුවාල හා උෂ්ණ බිබිලි – කොත්තමල්ලි තැම්බූ ජලයෙන් කට සේදීම මගින් මෙම තත්වයන් මග හරවා ගත හැකියි.

නීරක්තිය – කොත්තමල්ලි වල ඉතා බහුල වශයෙන් යකඩ අඩංගු වන නිසා නීරක්තියෙන් මිදීමට එය මහඟු ඔසුවක්. ශරීර ශක්තිය වැඩි දියුණු කිරීම, ශරීරයේ පද්ධති වල යහපත් ක්‍රියාකාරීත්වය මෙන්ම අස්ථි සවිමත් කිරීමේ ගුණයද මේ නිසාම කොත්තමල්ලි සතුයි.

අසාත්මික තත්වයන් – කොත්තමල්ලිඇට වලින් සාදා ගන්න තෙල් ආලේප කිරීමෙන් සිරුරේ මතුපිට ඇතිවන ආසාත්මික තත්වයක් සඳහා සහනය සලසා ගත හැකියි. තම්බා පානය කිරීමෙන් අසාත්මික තත්වයන් නිසා උගුරේ ඇති වන ඉදිමුම, කූද්දටි වැනි තත්වයන් පාලනය කරගත හැකියි.

බැක්ටීරියා සහ ක්ෂුද්‍රජීවීන් ශරීර ගත වීම නිසා ඇතිවන ලෙඩ රෝග.

ඔසප් දිනවලදී ඇති වන වේදනාව

මුත්‍රා ආසාදන

ඇස් රෝග – කොත්තමල්ලි තැම්බූ ජලයෙන් ඇස් සේදීම මෙහිදී සිදු කරනවා.

සන්ධි ප්‍රදාහය

කුරුලෑ – කොත්තමල්ලි කොළ හා කහ එකට අඹරා මුහුණේ ආලේප කළ යුතුයි.

කොත්තමල්ලි වෙළෙඳපොලෙන් පහසුවෙන් මිලදී ගැනීමට හැකියි. එය පරිභෝජනයට ගැලපෙන ආකාරයට සකසා ගැනීම ද කිසිසේත්ම අපහසු දෙයක් නොවෙයි. එම නිසා මෙතරම් ගුණ දෙන කොත්තමල්ලි භාවිතයට ඔබ හුරු නොවන්නේ ඇයි?

SHARE