නිරෝගිමත් සිරුරකට චොක්ලට්.

ගොඩක් දෙනෙක් හිතන්නේ චෝක්ලට් කියන්නේ ඉතාමත් ප්‍රනීත රසවත් ආහාරයක් පමණයි කියලා. ඒක ඇත්ත, නමුත් ඔබ දන්නවද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක්. එහි කොකෝවා 70% වඩා අතුලත් වෙනවා. මේ නිසාම මෙය ඉතාමත් ගුණවත්. මෙහි තිබෙන ගුණයන් ඔබව අනිවාර්යෙන් පුදුමයට පත් කරවී.

fb-like-beg


01. චොක්ලට්වල ෆ්ලොවනොයිඩ්ස් අඩංගුයි.

ඔබ දන්නවද චොක්ලට් වල අඩංගු වෙනවා සෞඛය වාසි රැසක් ගෙන දෙන flavonoids කියන සංගටකය. මෙම සංගටකය ස්වාභාවිකවම පලතුරු, එළවලු, තේ සහ රතු වයින් වල අඩංගු වෙනවා. මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. මෙයට හැකියාවක් තියනවා රුධිර ප්‍රවාහය වේගවත් කිරීමට සහ ක්ලොස්ට්රෝල් පාලනය කිරීමට


02. හෘර්ද රෝග අවදානම අඩු කරනවා.

කොකෝවා අන්තර්ගත ආහාර ගැනීමෙන් විශාල ලෙස හෘර්ද සනීපාරක්ෂාව වැඩි දියුණු වෙනවා. එයට හේතුව වන්නේ එහි flavonoids අඩංගු වීම. එය ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. මෙහිදී රුධිර කැටි ගැසීම වලක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාවක් චොක්ලට් සතුව තිබෙනවා.


03. කර්ණිකා ක්‍රියාකාරිත්වය සඳහා.

ඇමරිකානු හදවත් රෝග සංවිධානය විසින් පවසන ආකාරයට මිනිසුන් මිලියන 2.7 කට වැඩි පිරිසක් කර්ණිකා ආශ්‍රිත රෝගයන්ට විශාල වශයෙන් බඳුන් වෙනවා. කර්ණිකා ආශ්‍රිතව පවතින රුධිරය කැටි ගැසීම්, රුධිර ගමනාගමනය අඩාල වීම, වගේ හදවත් රෝගයන්ට මෙම චොක්ලට් හොඳ ප්‍රතිකාරයක්. පර්යේෂණයන් මගින් පෙන්වා දෙන ආකාරයට චොක්ලට් බහුලව ආහාරයට ගන්නන් මෙවැනි රෝගයන් වෙත බඳුන් වීමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි.


04. ඔබගේ මානසිකත්වය නාග සිටුවයි.

අපි චොක්ලට් කන්නේ ගොඩක් වෙලාවට සතුටු දායක මොහොතක් සමරන්න නේද. ඇත්තටම චොක්ලට්වලට හැකියාවක් තියනවා මානසිකත්වය එහෙමත් නැත්නම් අපේ මූඩ් එක වෙනස් කරන්න. වඩාත් තද පැහැති චොක්ලට් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යන්ට හැකියාව තියෙනවා ඔබගේ හැඟිම් උද්දීපනයට.


05. ඔබගේ සම රැක ගැනීමට.

පර්යේෂණයන්ගෙන් පෙන්වාදෙන ආකාරයට චොක්ලට් වල අඩංගු flavonoids වලට හැකියාවක් තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා uv කිරනණයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වඩාත් තද පැහැයෙන් යුත් චොක්ලට් තමයි. ඒ වගේම චොක්ලට් වලට හැකියාවක් තියෙනවා සම මතුලිටට රුධිරය ගලා එම වැඩි කර සමේ තෙතමනය ආරක්ෂා කරන්න. හිරු කිරණින් ඇති පාර ජම්බුඋල කිරණවලින් ඔබ සම ආරක්ෂා කරන නිසා පිළිකාවන්ගෙන් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් මේ චොක්ලට්වලට තියෙනවා.


06. පානයට ඉතාමත් සුදුසුයි.

ඔබ දැනටමත් දන්නවා චෝක්ලට් වල අඩංගු කොකෝවා රුධිර වහනයට මනා දායකත්වයක් සපයන බව. ඔබ දන්නවද චොක්ලට් කැබලි ලෙස ආහාරයට ගන්නවාට වඩා දියරයක් ලෙස ලබා ගැනීම ඔබගේ ශරීරයට ඉතාත් ගුණ දායකයි. සුදු චොක්ලට් වල කොකෝවා අඩංගු නොවන නිසා වඩාත් ශරීරයට ගුණදායක වන්නේ තද පැහැයෙන් යුත්ත චොක්ලට් පානය කිරීමයි.


07. ශරීරයේ බර අඩු කර ගැනීමට.

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන අධික තරබාරු බව.මෙය අඩු කර ගැනීම සඳහා ද චොක්ලට් හොඳ විසඳුමක්. තද දුඹුරු පැහැයෙන් යුත් චොක්ලට් වලට හැකියාව තියෙනවා ඔබගේ ශරීරයේ සීනි ප්‍රමාණය අවම කිරීමට. ඒ නිසා ඔබට පුළුවන් දිනකට කුඩා චොක්ලට් කැබලි 3ක් එහෙමත් නැත්නම් 4ක් ආහාරයට ගන්න.


08. මිලදී ගැනීමට පෙර ලේබලය කියවන්න

වෙනත් ඇසුරුම් කරන ලද ආහාර වර්ග මෙන්ම ඔබ චොක්ලට් මිලදී ගැනීමට පෙර ඇසුරුම කියවීම ඉතාම වැදගත්. ඔබ මිලදී ගන්න චොක්ලට් වර්ගය අනිවාර්යෙන්ම කොකෝවා ප්‍රතිශතය වැඩි, සෞඛ්ය ප්‍රතිලාභ වැඩි චොක්ලට් වර්ගයක් විය යුතුයි. ඉතාමත් හොඳ වෙළඳ සන්නමයක් වීමත්, පිරිසිඳු, අදුරු එනම් තද දුඹුරු පැහැයෙන් යුක්ත වීමත් මෙහිදී වැදගත්. සමහර චොක්ලට්වලට අමතර සීනි, පැණි රසකාරක, කිරිපිටි, තෙල්, වගේ දේවල් ඇතුලත් කරනවා. මේ නිසා ලේබලය හොඳින් කියවා කොකෝවා බහුල චොක්ලට් වර්ගයක් තොරා ගන්න.

SHARE