ස් දෙක කියන්නේ අපේ ශරීරයේ තිබෙන වටිනාම අවයවයක්. ලෝකය දකින්න අපිට උපකාර කරන අපේ දෙනෙත් රැක ගැනීම ඉතාම වැදගත්. ඇසට රෝගයක් වැලඳුනාම කන්නාඩි සහ සැත්කම් මගින් පෙනීම යතා තත්වයට පත් කරන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ඔබේ ඇස් පෙනීම ආරක්ෂා කර ගැනීමට අනිවාර්යයෙන්ම ගත යුතු ආහාර වර්ග කීපයක් ඔබට හඳුන්වා දෙන්න අපි තීරණය කළා.


fb-like-beg


ඒ එක්කම මතක තබා ගන්න අපි වර්තමානයේ ඉලෙක්ට්‍රොනික තිර වලට නිතරම අපේ දෙනෙත නිරාවරණය කරනවා. අධිකව රූපවාහිනී නැරඹීම, පරිඝනක තිරය දෙස බලා සිටීම, ස්මාර්ට් ජංගම දුරකතනයෙන් කියවීම වගේ ක්‍රියාකාරකම් කරද්දී ඇසට විවේකයක් දෙන්නත් අමතක කරන්න එපා.

කොළ පැහැති එළවලු

අපේ ජීවිතේදී කොළ වර්ග සහ කොළ එළවලු කියන්නේ හොඳම මිතුරෝ. අපේ ශරීරයේ මාංශ පේශී දුර්වල වීම වලක්වන ප්‍රති ඔක්සි කාරක නැත්නම් Antioxidants මේ කොළ එළවලු පලතුරු වල යහමින් තිබෙනවා. ඇසේ ඇති මාංශ පේශීන් ශක්තිමත් කිරීමටත් ආසාධන වලින් වලක්වා ගන්නත් කොළ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක වන lutein and zeaxanthin බෙහෙවින්ම සමත්.


කැරට්

පොඩි කාලේ සිටම අපි අහන දෙයක් තමයි කැරට් කියන්නේ ඇස් දෙක රකින ඔසුවක් කියල. ඇසේ නිරෝගීකම රකින බීටා කැරොටින් (beta-carotene) වල නිවස්නය වන කැරට් හිරු එළියෙන් ඔබේ දෙනෙත රැක ගන්නත් සමත් වෙනවා.


ධාන්‍ය වර්ග

ධාන්‍ය වර්ග වල ග්ලුකෝස් ප්‍රමාණය අඩුයි. මේවා නිතර ආහාරයට ගැනීමේදී රුධිර පීඩනය සහ දියවැඩියාව වැළකෙනවා. මේ රෝග දෙක තමයි වයසට යද්දී අක්ෂි දුර්වල කිරීමට සහ පෙනුම විනාශ කිරීමට හේතු වෙන්නේ.


දෙහි , දොඩම් සහ ලෙමන්

විටමින් C බහුල මේ ආහාර ගැනීම ඇස් පෙනීම දියුණු කරනවා. ඒ වගේම ඔබේ මුළු ශරීරයම වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන්න මේ විශ්මිත පළතුරු ගොඩක් සමත් වෙනවා.


මාළු තෙල්

ඔමේගා 3 මේද අම්ලය යහමින් අඩංගු මාළු තෙල් කියන්නේ දෙනෙතේ රුධිර නාල ශක්තිමත් කරන පෝෂක ද්‍රව්‍යයක්. මාළු ආහාරයට නොගන්නා කෙනෙක් මාළු තෙල් වෙනම ගත්තත් පාඩුවක් නැහැ. මොලයේ ක්‍රියාකාරීත්වය පවා ඉහල දමන්නට මාළු තෙල් සමත් වෙනවා. එයත් ඇස් පෙනීම යතා තත්වයට පත් කර වීමට හේතුවක්.


තක්කාලි

විටමින් A සහ C යහමින් අඩංගු තක්කාලි ඔබේ ආහාරයට එකතු කිරීම ඇස් පෙනීම රැක ගැනීමට ලොකු උදවුවක් වෙනවා.


බිත්තර

පරීක්ෂන රැසකින්ම හෙළි වී තිබෙනවා ඔබේ ඇස් පෙනීම රැක ගැනීමට බිත්තර ඉතාම සුදුසු ආහාරයක් කියල. බිත්තර කහ මදයේ අඩංගු lutein, zeaxanthin and zinc වැනි මූලද්‍රව්‍ය මාංශ පේශී වල ඇතිවන හායනය වළක්වනවා. ඒ මගින් අනිවාරයෙන්ම ඔබේ දෙනෙතේ මාංශ පේශී දුර්වල වෙන එක අවම වෙනවා.

SHARE