දෑසන ආහාර වේල ගොඩක් වැදගත් ආහාර වේලක් බව අපි හැමෝම දන්නවා. ගොඩක් වෛද්‍යවරු උදෑසන ආහාර වේල වෙනුවෙන් ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නියම කරනවා. ඕට්ස් වලින් සිරුරට අත් වෙන්නේ මොන වගේ ප්‍රයෝජනයක්ද කියලා දැන ගන්න ගොඩක් අය උනන්දුවෙන් සිටින බව අපට ලැබෙන විමසීම් ලිපි වලිනුත් අපට පැහැදිලි වුණා. ඉතින් අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඕට්ස් ආහාරයට ගැනීමෙන් අත් වන ප්‍රයෝජන ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


ඔබට වඩාත් සොඳුරු සමක් හිමි වේවි

ඕට්ස් සමේ ඇති වන ආසාදන අඩු වීමට බලපානවා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සමක් ඔබට ලබා දෙනවා. ඕට්ස් වල විටමින් සහ අනෙකුත් පෝෂණ ගුණ බහුලව අඩංගු වෙනවා. එහි අඩංගු සින්ක් සම පිරිසිඳු කිරීමටත්, සමේ විෂබීජ ඉවත් කිරීමටත් උපකාරී වෙනවා. සමේ සිදුරු හකුලා සමට තරුණ පෙනුමක් ලබා දෙනවා. ඕට්ස් වල අඩංගු යකඩ සමේ සෛල වලට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. ඕට්ස්හි අඩංගු වන මැන්ගනීස් රුධිර සංසරණය ප්‍රාණවත් කර, සමේ සෛල ප්‍රතිසංස්කරණය කරනවා.

ඔබේ මස් පිඬු වලට ප්‍රෝටීන් ලැබීම වැඩි වෙනවා

ඕට්ස් මේස හැඳි අටකින් ඔබේ සිරුරට දිනකට අවශ්‍ය ප්‍රෝටීන් වලින් 15%ක් ලැබෙනවා. ඕට්ස් වල අඩංගු ප්‍රෝටීන්, විටමින් E, ප්‍රතිඔක්සිකාරක සහ ග්ලූටමයින් ඔබේ මස් පිඬු වේගයෙන් ශක්තිමත් කරවනවා.

ප්‍රතිඔක්සිකාරක මඟින් ප්‍රයෝජන රැසක් අත් කර දෙනවා

ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරකයන් බහුල ආහාරයක්. සමේ ඇති වන කැසීම්, අනෙකුත් ආසාදන සහ රුධිර පීඩනය සුවපත් කිරීමේ මනා හැකියාවක් මේ ප්‍රතිඔක්සිකාරක වල තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එහි අඩංගු බීටා ග්ලුටන් විසින් රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරවනවා. ඕට්ස් සමඟ විටමින් C අඩංගු යමක් ආහාරයට ගැනීමෙන් මේ ප්‍රතිඵල ඉහල යනවා.
උදා : ඕට්ස් සමඟ දොඩම් යුෂ වීදුරුවක්

ඔබව ශක්තිමත් කරනවා

ඕට්ස් වල කාබෝහයිඩ්රේට් යහමින් අඩංගු වන අතර, එය ඔබව ශක්තිමත් කරනවා. ඕට්ස් ආහාරයට ගැනීමෙන් පසු ඔබේ කුස පිරී යනවා. දිගු වෙලාවක් ගත වන තුරු ඔබට නැවත බඩගිනි වන්නේවත්, වෙනත් ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වන්නේවත් නැහැ.

ඔබේ සිරුරේ බර අඩු වෙනවා

දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු වෙනවා. උදේ ආහාරය ලෙස ඕට්ස් ලබා ගැනීම නිසා දවස අතරතුර වෙනත් ආහාර ලබා ගැනීම සීමා වෙනවා. එමඟින් ඔබේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය සීමා වෙනවා. ඕට්ස් වල අඩංගු වන්නේ මන්දගාමී කාබෝහයිඩ්රේට්ය J. එය ඔබේ කුසගින්න පාලනය කරනවා.
ඕට්ස් සිරුරේ සාමාන්‍ය රුධිර සීනි මට්ටම පවත්වාගෙන යාමට, පරිවෘත්තීය වේගවත් කිරීමට, ශරීරයේ මේදය හා විෂ ඉවත් කිරීමට හා අවශ්‍ය ප්‍රමාණයට වඩා ලෙස ආහාර ලබා ගැනීමේ පුරුද්දෙන් අපව මුදවාලීමට කටයුතු කරයි.

කොලෙස්ටරෝල් අඩු වෙනවා

ඔට්ස්හි අඩංගු beta-glucan තන්තු වර්ගය ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වෙනවා. ඕට්ස් වල ලිනොලයික් අම්ලය සහ තන්තු අඩංගු නිසා, ඒවා රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. ඕට්ස් ධමනි බිත්ති වලින් මේදය ඉවත් කර, හෘදයාබාධ සහ ආඝාතය වැනි බරපතල රෝග වැළඳීමේ අවදානමෙන් අපේ ශරීරය ආරක්ෂා කරනවා.

හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරවනවා

ඔට්ස්හි ඇති මේදය සෞඛ්‍යයට හිතකරය. හදවතේ සෛල වලට සහ රුධිර සංසරණය හිතකර බලපෑම් එල්ල කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර වාහිනී බිත්ති වලට සිදු වීමේ සම්භාවිතාව අඩු වෙනවා.

ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා

විශේෂඥයන් විසින් ඕට්ස් ග්‍රෑම් 25-35 දිනපතා ආහාරයට ගැනීම යෝජනා කර තිබෙනවා. මෙය ආහාර ජීර්ණය ක්‍රියාවලිය පහසු සඳහා උපකාරී වේ. දවසකට අපේ සිරුරට අවශ්‍ය යැයි නිර්දේශ කර තිබෙන තන්තු ප්‍රමාණයෙන් 1/5ක්ම ඕට්ස් වල අඩංගු වෙනවා. ඕට්ස් ඔබේ බඩවැල්වල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට ඔබට උදව් වෙනවා.

SHARE