යෝගට් කියන්නේ හරිම රසවත් අතුරුපසක්. අපි කලින් ලිපියක ඔබට පැහැදිලි කළා ගෙදරදීම යෝගට් හදා ගන්න ආකාරය පිළිබඳව. රස වගේම තමයි යෝගට් වල තියෙන ගුණදායක බවත්. රෝග රැසකට හිතකර වන යෝගට් විටමින් වර්ග රැසකින් සහ කැල්සියම් වලින් අනූනයි. ඉතින් අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යෝගට් ආහාරයට ගැනීමෙන් ලැබෙන ලැබෙන ප්‍රයෝජන පිලිබඳ ලිපියකුයි.


fb-like-beg


1 ඇන්ටිබයෝටික් වලින් ඇති වන අහිතකර බලපෑම් නැති කර දැමීම

ඔබට යම් අසනීපයක් වැළඳුනු විට ඊට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරු විසින් ඇන්ටිබයෝටික් ලබා දෙනු ලැබේ. මෙහිදී ඇන්ටිබයෝටික් මඟින් ඔබව රෝගී තත්වයට පත් කල බැක්ටීරියාවන් විනාශ කර දැමීම නිසා ඔබේ රෝගය සුව වේ. නමුත් මෙහි ඇති අවාසිය වන්නේ ඇන්ටිබයෝටික් මඟින් සිරුරට හිතකර බැක්ටිරියාවනුත් විනාශ කර දැමීමයි. යෝගට් ආහාරයට ගැනීම මීට කදිම විසඳුමක් වෙනවා.

2 සිරුර තුල විටමින් B නිපදවීමට සහාය වෙනවා

විටමින් B මඟින් ඔබව ස්නායු සහ ප්‍රතිශක්තිකරණ රෝග වලින් ඈත් කර තබනවා. යෝගට් ආහාරයට ගැනීමෙන් මෙම ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා.

3 සිරුරේ සීනි මට්ටම පාලනය කරනවා

යෝගට් ආහාරයට ගැනීමෙන් දෙවන මට්ටමේ දියවැඩියාව පාලනය වන බව සොයා ගෙන තිබෙනවා. දියවැඩියා රෝගයේදී සිරුරට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවීමක් සිදු වෙනවා. යෝගට් වල අඩංගු ප්‍රෝබයෝටික් බැක්ටිරියා වල ක්‍රියාකාරීත්වයෙන් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය වන බව කියවෙනවා.

4 රෝග වලට එරෙහිව ස්වභාවික පලිහක් ලෙස ක්‍රියා කරනවා

යෝගට් වල අඩංගු වන ලැක්ටික් අම්ලය සිරුරේ පිළිකා සෛල නිපදවීම වලකා, සිරුරේ PH අගය පාලනය කරනවා. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්න යෝගට් හොඳ ආධාරකයක්. පිළිකා රෝග (විශේෂයෙන්ම මහා අන්ත්‍රයේ ඇති විය හැකි පිළිකා සහ පියයුරු පිළිකා), වසංගත රෝග, ආසාදන, ඇදුම රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග වලක්වා ගැනීමට යෝගට් උපකාර කරනවා. දිනපතා නැවුම් යෝගට් එක බැගින් ආහාරයට ගත හැකි නම් ඔබේ සිරුරට මනා ආරක්ෂාවක් හිමි වෙනවා.

5 ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙනවා

Lactobacillus bulgaricus කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති අතුණු වල චලනයන් පහසු කල හැකි ක්ෂුද්‍ර ජීවින් වර්ගයකි. යෝගට් තුල මේවා යහමින් අඩංගු වෙනවා. ඒ වගේම යෝගට් වල අඩංගු ලැක්ටික් අම්ලය ආහාර ජීර්ණ පද්ධතියේ ඇති අතුණු වල ඇති සිරුරට අහිතකර බැක්ටීරියාවන් විනාශ කර දැමීමට සමත් වෙනවා. එමඟින් පාචනය, මල බද්ධය වැනි රෝග ඇති වීමේ අවදානමෙන් මිදෙනවා. ඇත්තෙන්ම යෝගට් ඔබේ අතුණු වල සේදුම්කාරකයක් ලෙස ක්‍රියා කරනවා.

6 අස්ථි සහ නිය ශක්තිමත් වීම

යෝගට් වල අඩංගු කැල්සියම්, විටමින් D ආදී සංඝටක නිසා සිරුරේ නිය සහ අස්ථි සවිමත් වෙනවා. එමෙන්ම අස්ථි දුර්වලතා නිසා හට ගන්නා ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්වය වලකා ගන්නත් යෝගට් ආහාරයට ගැනීම තුලින් හැකියි. යෝගට් කෝප්පයක් තුල දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය අඩංගු වෙනවා.

7 කාන්තාවන් සඳහා

යෝගට් ආහාරයට ගැනීම තුලින් විවිධ දිලිර රෝග, යෝනි මාර්ගයේ ඇති වන සුද යෑමේ ගැටලුව පාලනය වෙනවා.

   

 

SHARE