මන්ඩ් කියන්නේ සම සුරකින විස්මිත බෙහෙතක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධයි. මධ්‍යධරනී රටවල අතීතයේ සිටම කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ සම සුන්දර කරන්න වගේම නිරෝගී කම රකින්නත් ආමන්ඩ් බහුලව භාවිතා කළා. පසුව මේ මහා වටිනා ඔසුව ලෝකේ පුරාම දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගත්තා. ආමන්ඩ් වල ඇති සම සුරැකීමේ විශේෂ හැකියාව සහ එහි ඇති වටිනා පෝෂක ද්‍රව්‍ය නිසා ලෝකයේ බොහෝ ළදරු නිෂ්පාදන සහ රූපලාවණ්‍ය නිෂ්පාදන වෙනුවෙන් බහුලවම එය යොදා ගන්නවා. ඒ මගින් ස්වාභාවිකවම සුන්දරත්වය රැක දෙනවා. ඒ විතරද ආමන්ඩ් ආහාරයට ගැනීමත් සිදු කරන්නේ ඒ මගින් ශරීරයේ නිරෝගී බව සුරකින නිසයි. අපි දැන් බලමු ආමන්ඩ් වල ඇති විස්මිත ගුණ මොනවද කියල.


fb-like-beg


බිලිඳාගේ සම සුරකින වටිනා සංඝටක වල එකතුවක් ආමන්ඩ් වල අඩංගුයි

ආමන්ඩ් වල තිබෙනවා ඔබේ බබාගේ මෘදු සම විශේෂයෙන් සුරකින සංඝටක රාශියක්. විටමින් E, කොපර්, මැග්නීසියම්, ප්‍රෝටීන්, මේද අම්ල, ජෛව ක්‍රියාකාරී අණු සහ ප්‍රතිඔක්සිකාරක ආමන්ඩ් වල ඇති තරම් තිබෙනවා. මේ සියලුම සංඝටක මගින් ඔබේ බිළිඳාගේ සම වඩා සුන්දර කරවනවා.

ආමන්ඩ් වල වැඩියෙන්ම අඩංගු ස්වාභවික විටමින් E පැටියාගේ සම සුමුදු කරවනවා. මෙහි විටමින් K ත් අඩංගුයි. ආමන්ඩ් ඔයිල් වල ඇති මේ විටමින් වර්ග දෙක සම පැහැපත් කරවනවා. ආමන්ඩ් ඔයිල් අලේප කිරීම අතීතයේ සිට මධ්‍යධරනී රටවල මවු වරුන් පුරුද්දක් ලෙස සිදු කළා. ඒ මගින් බිළින්දන්ගේ සහ මවුවරුන්ගේ සමට තෙතමනයක් ලබා දීල පෝෂණය කරනවට අමතරව සමේ ඇති ලප සහ කැළැල් වැනි තත්වයන් පවා සමනය කළා. ආමන්ඩ් වල ඇති පවිත්‍ර කිරීමේ හැකියාව නිසා සමේ පිරිසිඳු බව රැකලා සමේ රෝග වලින් පවා දරුවා ආරක්ෂා කරනවා. ඒ වගේමයි ආමන්ඩ් කියන්නේ ඉතාම විශිෂ්ට Moisturizer එකක් නැත්නම් තෙතමන කාරකයක්. වියලි බවෙන් තොර තෙතමනය රැකුන සම බිළින්දාට සුව පහසුයි. වියලි සම ඉක්මනින් රැලි ගැසිලා වයසට යාමට ලක් වෙනවා. නමුත් ස්වභාවික අමුද්‍රව්‍යක් වන ආමන්ඩ් ඔයිල් යොදා සමේ තෙතනමය රැක ගනිද්දී ඔබේ සම වයසට යාම හොඳින් පාලනය වෙනවා.

ආමන්ඩ් ඔයිල් වල යහමින් අඩංගු තවත් ද්‍රව්‍ය දෙකක් තමයි කොපර් සහ ප්‍රතිඔක්සිකාරක. කොපර් සහ ප්‍රතිඔක්සිකාරක සම අලුත්වැඩියා කිරීම් හොඳින් කරනවා. ඉර එලිය සහ පරිසරයේ උණුසුමෙන් දරුවාගේ සමට වෙන හානි වලක්වන්න මේ ප්‍රතිඔක්සිකාරක වලට විශේෂයෙන් පුළුවන්.

සමේ මේද අම්ල සුරකින සම වියලි බවෙන් තොරව නැවුම්ව තබා ගන්නට හේතු වෙන බයොටීන් සංඝටකයත් ආමන්ඩ් වල අඩංගුයි. ආමන්ඩ් වල ඇති බයොටීන්, විටමින් E, කොපර් සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක දරුවාට පැහැපත්, සුමුදු, නිරෝගී සමක් ලබාදෙන්න දායක වෙනවා.


ආමන්ඩ් ඔයිල් දරුවන්ගේ සමට වඩාත් හිතකරයි

ආමන්ඩ් ඔයිල් තරම් දරුවාගේ සුමුදු සමට ගැලපෙන වෙන කිසිවක් නැහැ. චර්මරෝග වෛද්‍යවරු විසින් නිතරම ආමන්ඩ් ඔයිල් දරුවන්ට නිර්දේශ කරනවා. ආමන්ඩ් ඔයිල් වල මෘදු, ප්‍රියකරු සුවඳක් තිබෙනවා. විටමින් E, B1, B2, A, සහ B6 අඩංගුයි. සංවේදී ළදරු සමට සත්කාර කිරීමට එය ගොඩක් සුදුසුයි.

පැටියාගේ සමේ දිනපතා ආලේප කරහම සමේ වර්ණය වැඩි වෙලා සුමුදු වෙනවා. ඒ වගේම තෙතමනය රකිනවා. එය පැටියට පහසුවක් වගේම ආරක්ෂාවක්. ආමන්ඩ් ඔයිල් හිසේ ආලේප කරද්දී දරුවාගේ කොණ්ඩය හොඳින් වැවෙනවා. ශරීරය සම්බාහනය කරන්න ආමන්ඩ් ඔයිල් යොදා ගැනීමෙන් සම සුන්දර වෙනවට අමතරව පැටියට වේදනාවන් පවා සමනය වෙන බව පැවසෙනවා.


ආමන්ඩ් 100% ක් ආරක්ෂිතයි

ඈත අතීතයේ සිට පාවිච්චි කර ඇති නිසා එහි ගුණාත්මක බව ගැන විතරක් නෙවේ ආරක්‍ෂිත කම ගැනත් කිසිම සැකයක් ඇතිකර ගන්න බැහැ. ආමන්ඩ් ආහාරයට ගැනීම බහුලව සිදු කරන්නේ එහි ඇති පෝෂණීය වටිනාකම් නිසාමයි. එය ජනප්‍රිය රසවත් ආහාරයක්. චොක්ලට් වගේ පැණිරස නිෂ්පාදන, බේකරි නිෂ්පාදන, සලාද වලට ආමන්ඩ් යොදා ගන්නවා. ඒ විතරද නිකන්ම ආමන්ඩ් ආහාරයට ගන්නවා. ආමන්ඩ් වලින් හදන තෙල් තමයි වෙනත් නිෂ්පාදන වලට නම් යොදා ගන්නේ. ඒ තෙල් කුඩා දරුවන්ගේ ආහාර පිසීමේදී යොදා ගන්නේ වැඩි පෝෂණයක් දරුවාට ලබා දීමටයි.

දරුවන්ට වගේම අම්මිටත් සමේ ලස්සන රැක ගන්න සහ නිරෝගී ජීවිතයක් අත් කර ගන්න ආමන්ඩ් එකතු කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා.

SHARE