රාත්‍රියට සැහැල්ලු ආහාර වේලක් ගන්න එක ශරෙර සෞඛ්‍යට ඉතාම හොඳයි කියල තමයි වෛද්‍යවරු පවසන්නේ. ඒත් ඉතින් සැහැල්ලු ආහාර කියල හැමදාම එකම ජාතියේ කෑම කනකොට ඒකත් එපා වෙනවනේ. ඉතින් ඒ නිසා පි තීරණය කළා වෙනස් විදිහකට හදාගන්න පුළුවන්, රසයෙන් වගේම ගුණයෙනුත් පරිපූර්ණ සහල්ලි ආහාර වට්ටෝරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට.


චිකන් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය,

  • පාන් පෙති 06
  • චීස් ග්‍රෑම් 50
  • අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 250
  • ළූණු ග්‍රෑම් 100
  • සුදු ළූණු සහ ගම්මිරිස් මේස හැඳි 01 බැගින්
  • අමු මිරිස් කරල් 02
  • ලුණු රස අනුව
  • තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 300
  • බිත්තර 03
  • කිරි කෝප්ප 01
  • තක්කාලි සෝස් මේස හැඳි 05
සාදන ආකාරය,
  • බටර් තැවරූ බඳුනක් ගෙන වැටි ඉවත් කළ පාන් පෙති අතුරන්න
  • ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් කොටසක් පාන් මත ඉසින්න
  • බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න
  • එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න
  • තම්බා පොඩි කරගත් මස්වලට කැපු ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, අමු මිරිස් හා තක්කාලි සෝස් මේස හැඳි 02 ක් එකතු කර එම මිශ්‍රණය පාන් මතට දමන්න.
  • එයට උඩින් නැවතත් චීස් ඉසින්න
  • තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න
  • අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න

fb-like-beg


අල සලාද

අවශ්‍ය ද්‍රව්‍ය,
  • අල ග්‍රෑම් 250
  • චීස් ග්‍රෑම් 50
  • පිටි කිරි කෝප්ප 1/4
  • බටර් මේස හැඳි 02
  • මිංචි කොළ ස්වල්පයක්
සාදන ආකාරය,
  • අල තම්බා කැබලිවලට කපා ගන්න
  • බඳුනක් ලිප තබා බටර් දමා රත් කර එයට කිරි, ලුණු, ගම්මිරිස් එක්කර ටික වෙලාවක් රත් කර ගන්න.
  • ලිපෙන් ඉවතට ගෙන නිවාගත් මිශ්‍රණය ශීතකරණයේ තබන්න.
  • ආහාරයට ගැනීමේදී අල කැබලි උඩින් කිරි මිශ්‍රණය දමා උඩින් මිංචි කොළ ඉසින්න.

අල සහ කැරට් ෆයි

 

අවශ්‍ය ද්‍රව්‍ය,
  • ගාගත් අල ගෙඩි 02
  • ගාගත් කැරට් අල 02
  • ලොකු ළූණු ගෙඩි 03
  • බිත්තර 03
  • පාන් කුඩු කෝප්ප 1/4
  • පාස්ලි කෝප්ප 1/3
  • චීස් ග්‍රෑම් 200
  • ලුණු ස්වල්පයක්
  • සුදු ළූණු
සාදන ආකාරය,
  • චීස් ග්‍රේට් කරගෙන ළූණු සිහින්ව කපා ගන්න
  • පාස්ලි කෑලි කරගන්න
  • දැන් මේ සියල්ල බඳුනකට දමා හොඳින් කලවම් කර බටර් තැවරූ බන්දේසියක දමා සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ විනාඩි 40ක් පමණ පුළුස්සා ගන්න
  • සෝස් සමඟ පිළිගන්වන්න

 

SHARE