නිතරම වෙහෙසවන ඔබේ ඇස් වලට ව්‍යායාම කිහිපයක්

ස් කියන්නේ අපිට වටිනාම දෙයක්. ඒකනේ කියන්නේ ඇස් දෙක වගේ බලාගන්නම් කියල. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථාද තිබෙනවා. දීර්ග වෙලාවක් රුපවාහිනිය හෝ පරිගණකය ඉදිරිපිට සිටීම ඔබේ ඇස් වලට ඉතාමත් අහිතකරයි. දීර්ඝ කාලයක් නොනිදා අවදියෙන් ඉන්නව නම් ඔබේ ඇස් තෙහෙට්ටුවට ලක් වෙනවා. මේ වගේ අවස්ථාවල හොඳම දේ තමයි කෙටි විවේකයක් ගැනීම, ටිකක් නිදාගැනීම. නමුත් සමහර වෙලවට ඔබට නිදහසක් ලබාගත නොහැකි තරම්ම වැඩ අධික නම් ඒ වගේ වෙලාවට සිදු කරන්න පුළුවන් ඉතාමත් පහසු නමුත් ඔබේ ඇස් වලට සහනයක් සපයන දෙයක් ගැන තමයි අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තුලින් කතා කරන්නට හදන්නේ.

අද අපි කතා කරමු නිරන්තරයෙන් වෙහෙසෙන ඔබේ ඇස් වලට සහනයක් ලබා දෙන්න පුළුවන් පුංචි ව්‍යායාම කිහිපයක් ගැන.

fb-like-beg


Exercise 1

ඔබේ වැලමිට මේසය මත තබා දෑස් අත්ලෙන් වසාගන්න. මිනිත්තු කිහිපයක් අඳුරේ ඇස් පියාගෙන සිටින්න. මෙය ඔබේ ඇස වගේම ඔබේ මනසත් සැහැල්ලු කරන ව්‍යායාමයක්


Exercise 2

කෙලින් හිටගන්න. හිස හරවන්නේ නැතුව ඇස් වලින් පමණක් ඔබේ වම් අත පැත්ත පැත්ත බලන්න. නැවත දකුනු අත පැත්ත බලන්න. මෙය තුන් වතාවක් පමණ කරන්න. මෙමඟින් ඔබේ ඇසේ මාංශ පේශි වලට නිසි ව්‍යායාමයක් ලැබෙනවා වගේම ඔබේ ඇස් වල ආතතියෙන් ඔබව ආරක්ෂා කරනවා.


Exercise 3

කෙලින් හිටගන්න. කලින් වතාවේ වම දකුණ බැලුව වගේ දැන් ඉහළ පහළ බලමින් ව්‍යායාමය සිදු කරන්න.


Exercise 4

කෙලින් හිටගන්න. ඔබේ ඇස් පමණක් හරවා ඔබේ දකුණු පස පහල බලන්න. ඔබට පෙනෙන වස්තුවට අවධානය යොමු කරන්න. නැවත ඉදිරිය බලන්න. දැන් වම් පස පහල බලන්න. ඔබට පෙනෙන දෙයට අවධානය යොමු කරන්න. මෙය කිහිප වතාවක් සිදු කරන්න


Exercise 5

කෙලින් හිටගෙන සන්සුන් වෙන්න. දැන් ඉදිරිය බලන්න. ඔබේ ඇස් ක්‍රමයෙන් දකුණේ සිට රවුම් ආකාරයට කරකවන්න. නැවත වමේ සිට දකුනට කරන්න. මෙයාකාරයෙන් මෙම ව්‍යායාමය තුන් වතාවක් සිදු කරන්න.


Exercise 6

කෙලින් හිටගෙන් පැන්සලක් හෝ පෑනක් අතට ගන්න. එය ඔබේ ඇස් ඉදිරියෙන් නාභිගත කරන්න. දැන් මුලින්ම පැන්සල දෙස බලන්න. ඉන්පසුව ඉන් ඉදිරියේ තරමක් දුරින් ඇති වස්තුවක් දෙස බලන්න. නැවත පැන්සල දෙස බලන්න. මෙලෙස මාරුවෙන් මාරුවට තුන් වතාවක් පමණ මෙම ව්‍යායාමයේ නියැලෙන්න.


Exercise 7

කෙලින් හිටගන්න. ඔබේ ඇහි බැම අතරට අවධානය යොමු කරන්න. තප්පර කිහිපයක් ඉන්න. දැන් ඉදිරිය බලන්න. නැවත පෙර පරිදිම ඇහි බැම මැදට ඇස යොමන්න. නැවත ඉදිරිය බලන්න. මෙය කිහිප වතාවක් කරන්න.


Exercise 8

පුටුවක කෙලින් ඉදගන්න. ඔබේ නාසයේ අග දෙස බලන්න. දැන් නැවතත් ඉදිරිය බලන්න. නැවත නාසය දෙස බලන්න. මෙම ව්‍යායාමය 5 වතාවක් පමණ සිදු කරන්න.


Exercise 9

ඔබේ ඇස් තදින් වසන්න. තප්පර කිහිපයක් හිඳ ඇස් අරින්න. නැවත තදින් වසන්න. මෙය කිහිප වතාවක් කරන්න.

SHARE