දවල් ආහාර ඇසුරුම් කරන්න පරිසර හිතකාමී ආදේශක

බ දන්නවා ඇති මෑතකදී ලංකාවේ පොලිතින් වර්ග කිහිපයක් භාවිතය තහනම් වුනු බව. පොලිතින් තහනම් කිරීම හැරුණු කොට පොලිතින් හා සම්බන්ධයෙන් නව නීතිරීති මාලාවක්ද පැනවුනා. ඇත්තටම මේක ඉතාමත් හොඳ තීරණයක්. පොලිතින් කියන්නේ ඇත්තටම ඔබට මට වගේම සමස්ත පරිසරයටම කරදරයක්. පොලිතින් ලෙහෙසියෙන් දිරාපත් වෙන්නේ නැති නිසා නිරන්තරයෙන් පොළොවට එකතු වෙන පොලිතින් නිසා පරිසරය නිස්සාර කරනවා. ඒ නිසා වගා කටයුතු වලින් නිසි පලදාවක් ලබාගැනීමට නොහැකි වෙනවා. මේ විදියට ගියොත් කාලයක් යන විට අපේ අනාගත පරපුරට යහපත් පරිසරයක් නැවුම් වාතාශ්‍රයක් ලැබීමට තිබෙන අයිතිය නැතිවී යනවා.

fb-like-beg


කාලාන්තරයක් පුරාවට දිරාපත් වීමකින් තොරව පරිසරයේ රැඳී තියන මේ පොලිතින් පස් සමග මුසු වෙලා පසේ තිබෙන සරු බව නැති කරනවා. තැන තැන විසිකරන පොලිතින් සතුන් ආහාරයට ගැනීම නිසා අහිංසක සත්තු මැරෙනවා. ජලාශ සහ ජල පෝෂක ස්ථාන වලට මේ පොලිතින් එකතු වීම නිසා ජල පද්ධති අපිරිසිදු වෙනවා. ලෙහෙසියට පහසුවට පොලිතින් භාවිත කරත් ඇත්තටම පොලිතින් අපේ ජිවිත වලට් සිදු කරන හානිය සුළු පටු නෑ. එහෙම බැලුවම පොලිතින් තහනම් කිරීමට ගත්තු තීරණය ඉතාමත් බුද්ධිමත්.

පොලිතින් ගැන කතා කරනකොට ඔබට මුලින්ම මතක් වෙන්නේ සිලි මලු සහ ලන්ච් ෂිට් වෙන්න් ඇති. ලන්ච් ෂිට් තමයි වැඩි වශයෙන් කාර්යාලයට, පාසලට ආහාර රැගෙනයාම සඳහා භාවිත කරන්නේ. ඇත්තෙන්ම මේ පහසු නමුත් අහිතකර දෙයක්. අද අපි Goodhousekeeping.lk තුලින් කතා කරමු ඔබේ සහ ඔබේ පවුලේ අයගේ දහවල් ආහාරය ලන්ච් ෂිට් හෝ පොලිතින් නොමැතිව ගෙන යා හැකි පරිසර හිතකාමී ක්‍රම මොනවාද කියලා?


01) ඇලුමිනියම් පෙට්ටියක්

ඔබ දැකලා ඇති ආහාර ගෙන යාම සඳහාම නිර්මාණය කරලා තියෙන ඇලුමිනියම් කෑම පෙට්ටි. මෙවා ඇත්තෙන්ම ලන්ච් ෂිට් වලට වඩා හිතකරයි. සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති මේවා රැගෙනයාම හරිම කරදයක් කියල. ඒ වුනාට ඔබ දන්නවාද උණුසුම් කෑම වර්ග ලන්ච් ෂිට් වල එතුවම උෂ්නයත් සමග ඒ පොලිතින් එක දියවෙන්නට ගන්නවා. එතකොට ඔබ ගන්න ආහාරයත් සමග ඒ විෂ ද්‍රව්‍යත් ශරීර ගත වීම නිසා ලන්ච් ෂිට් ඔබේ සෞඛ්‍යට ඉතාමත් අහිතකරයි. ඒ නිසා පුන්චි කරදරයක් උනත් ඇලුමිනියම් කෑම පෙට්ටියකට මාරු වෙන්න. ඇලුමිනියම් කෑම පෙට්ටියකින් ලැබෙන තවත් වාසියක් තමයි ඔබට ඔබේ කෑම වල රස්නය වැඩි වෙලාවක් රැඳී තිබෙන නිසා උණු උණුවෙම ආහාර ගන්න පුළුවන්.


02) කෙසෙල් කොළ

කෙසෙල් කොලේ කියන්නේ 100%කම ස්වභාවික දෙයක්. කෙසෙල් කොලේ තියෙන epigallocatechin gallate ඉතාමත් හොද ප්‍රතිඔක්සිකාරකයක්. ඔබ කෙට්ටු වෙන්න, සුන්දර වෙන්න බොන ග්‍රීන් ටි වල තියන ප්‍රධාන සංඝටකය තමයි මේ. එතකොට කිසිම වියදමක් නැතුව ඔබට කෙසෙල් කොලේ බත් කෑමෙන් ඒ ප්‍රයෝජනයත් භුක්ති විදින්න පුළුවන්. මේ සංඝටකයෙන් අපි ගන්න ආහාර වල ඇති විෂ කොටස් විනාස කරන නිසා ලෙඩ රෝග රාශියකින් අත් මිදෙන්නත් පුළුවන්.

කෙසෙල් කොලයක් අරගෙන හොඳින් පිරිසිදු කොට කෙසෙල් කොලේ රත් කරන්න. කෙසෙල් කොලේ අඩංගු වෙන ස්වාභාවික ඉටි එවිට දියවෙන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි රත් කරපු කෙසෙල් කොළ නවද්දී ඉරෙන්නේ නැත්තේ. අනික කෙසෙල් කොලේ බත් එක පොලිතින් ලන්ච් ෂිට් වල එතුව බත් එක වගේ නෙවෙයි හරිම රසයි හරිම සුවදයි. එකට හේතුව කෙසෙල් කොලේ තියෙන සංඝටක මගින් ආහාර නරක්වීම පමා කරනවා.

තවත් අමතර වාසි රැසක්ම ඔයාට කෙසෙල් කොලේ කෑම ගැනීමෙන් ලබා ගන්න පුළුවන්.

Chlorophyll කියන සංඝටකය නිසා බඩවැල් වල ඇතිවන තුවාල සහ සමේ රෝග සුව වෙනවා, රුධිරය පිරිසිදු කරනවා , ආහාර රුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරනවා, වකුගඩුවේ ඇති වන ගල් සහ මූත්‍රාශයේ ඇතිවන අනෙකුත් රෝග වලක්වනවා, ප්‍රතිශක්තිකරන පද්ධතිය උත්තේජනය කරනවා.


03) ප්ලාස්ටික් කෑම පෙට්ටියක්

ප්ලාස්ටික් කෑම පෙට්ටියක් ඔබට ඔබේ දහවල් ආහාරය රැගෙනයාම සඳහා භාවිත කරන පුළුවන් නම් ඉතාමත් හොඳයි. කෑම පෙට්ටියක් භාවිත කරන එක නම් වැඩි දෙනෙක්ගේ කැමැත්තක් නෙවෙයි. ඒ වුනාට කෑම පෙට්ටිය ඔබට සැරෙන් සැරෙන් භාවිත කරන්න පුළුවන් නිසා එක වරක් භාවිත කොට ඉවත් කරන ලන්ච් ෂිට් වගේ අහිතකර නෑ. ඒ වගේම තමයි කෑම පෙට්ටියක් මිලදී ගන්නකොට හොඳ වර්ගයේ ප්ලාස්ටික් එකක් තෝරාගන්නත් වග බලා ගන්න. ප්ලාස්ටික් විවිධ වර්ග වලින් මිලදී ගන්නට පුළුවන්. සමහර ප්ලාස්ටික් ශරිරයට අහිතකරයි.


04) නැවත නැවත භාවිත කල හැකි කඩදාසි

හිතන්න ඔබ ආහාරය සඳහා රැගෙන යන්නේ සැන්ඩ්විච් වගේ දෙයක් නම් ඔබට පුළුවන් එය ලන්ච් ෂිට් එකක හෝ ෂොපින් කවරයක හෝ බහාලනවාට වඩා ටිෂු කොලයක එහෙමත් නැත්නම් තෙල් කඩදාසියක වගේ ඔතාගෙන යන්න. තෙල් සහිත ආහාරයක් ඒ වගේ ටිෂු එකක් හරි කඩදාසියක හරි එතිමේදී එහි තියන අතිරේක තෙල් වුනත් ඉවත් වෙනවා. මෙයත් එක අතකින් වාසියක්.


05) විදුරු කෑම පෙට්ටියක්

විදුරු කියන්නේ පහසුවෙන් කඩෙන බිදෙන විදුරු නම් නෙවෙයි. ඔබ දැකලා ඇති තරමක් ශක්තිමත් විදුරු වලින් නිර්මාණය කරන ලද කෑම පෙට්ටි. මෙයත් ලන්ච් ෂිට් වෙනුවට හොඳම විකල්පයක්. මේ කෑම පෙට්ටිය නම් ටිකක් පරිස්සමට් තමයි භාවිත කරන්න ඕනේ. ලන්ච් ෂිට් එකේ කම එක ඔතන් යනවට වැඩ අමුතු ලස්සනක් වගේම සෞඛ්‍යාරක්ෂිත බවත් රැකෙනවා.

SHARE