කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි පුරුදු නිසා පියයුරු වල නියමිත හැඩය නැති වෙනවා. එය කාන්තාවගේ සමස්ත ශරීර හැඩයටම එකතු කරන්නේ අවලස්සනක්. ඉතින් අද අපි තීරණය කළා බහුතරයක් කාන්තාවන් අතින් සිදු වන මේ වැරදි ගැන කතා කරන්න.


fb-like-beg

 


උණු ජලයෙන් ස්නානය කිරීම

උණුසුම සමට කොහොමත් අහිතකරයි. දිගු කාලයක් තිස්සේ උණුසුම් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම නිසා පියයුරු වල සම ඇදීමකට ලක් වීමටත්, එල්ලා වැටීමටත් අවදානමක් පවතිනවා. ඒ වෙනුවට සිසිල් ජලය භාවිතා කරන්න. ඔබට හැකි නම්, දිනපතා අයිස් භාවිතා කරමින් ඔබේ පියයුරු තවන්න. මෙම සත්කාරය ඔබේ පියයුරු වල නියමිත හැඩය දිගු කාලයක් පවත්වා ගැනීමට උපකාරී වේවි.

කුදු වී සිටීම

කුදු වී සිටීමේ ආදීනව ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් කියන්නේ එය කොන්දේ අමාරු ඇති වීමට බලපාන බව විතරයි. ඒත් කුදු වී සිටීමේ පුරුද්ද කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීමටත් හේතු වෙනවා. එමෙන්ම කුදු වී සිටින විට, කාන්තාවකගේ පපු පෙදෙසේ පෙනුම පවා විකෘති වී පෙනීම වලක්වන්න බැහැ.

පමණට වඩා තද බ්‍රා ඇඳීම

පමණට වඩා තද බ්‍රා ඇඳීම මඟින් ඔබේ පියයුරු මත අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා. දවස පුරා එවැනි බ්‍රා එකක් හැඳ සිටීම ඉතා අහිතකරයි. සමහර කාන්තාවන් තද බ්‍රා ඇඳීමෙන් තමන්ගේ රූපය සුන්දර කර ගැනීමටයි උත්සාහ කරන්නේ. නමුත් ඉන් පසුකාලීනව පියයුරු එල්ලා වැටීම, පියයුරු වෙත සැපයෙන රුධිර සංසරණය අඩාල වීම, දවස පුරා ඔබට අපහසුවක් ඇති කිරීම වැනි අහිතකර ප්‍රතිඵල අත් කර දෙනවා.

ක්‍රීඩා කිරීමේදී ස්පෝර්ට් බ්‍රා නොඇඳීම

ක්‍රීඩා කිරීමේදී ඇඳිය යුතු විශේෂිත බ්‍රා වර්ගයක් තිබෙනවා. ඒවා ක්‍රීඩා කිරීමේදී ඔබේ පියයුරු වලට සිදු විය හැකි හානි වලට ඔරොත්තු දීමට හැකි වන ආකාරයෙනුයි සකසා ඇත්තේ. ඔබ ඒවා නොඇඳ, සාමාන්‍ය බ්‍රා ඇඳ ක්‍රීඩා කරන්නේ නම් ඒ පුරුද්ද අදම නවත්වන්න. තියුණු චලනය වීම් නිසා පියයුරු වල මෘදු පටකයන් වලට හානි සිදු විය හැකියි.

හිරු එලියට පියයුරු නිරාවරණය කිරීම

පියයුරු අවට සම මෘදු හා සංවේදී වෙනවා. හිරු එලියට හසු වීමෙන් පියයුරු වල සම පිළිස්සීමට, අඳුරු වීමට, වියලි වීමට, සමේ ඇදෙන සුලු ගතිය විනාශ වීමට වැඩි අවදානමක් පවතිනවා. මේ නිසා ඔබ ඇඳුම් ඇඳීමේදී ඒ ගැන සැලකිලිමත් වන්න.

ආහාර වේල් මඟ හැරිම

ගොඩ දෙනෙක් හදිසියේ කෙට්ටු වීමේ අරමුණින් දැඩි ලෙස ආහාර පාලනය කරනවා. ඔවුන්ට තමන් කෙට්ටු වෙන්න ඕනේ කියලා මතක් වෙන්නේ උත්සවයක් වැනි අවස්තාවක් ලඟා වූ විටයි. හදිසියේ බර පහල දමා ගැනීමට උත්සාහ කිරීමෙන් ඔබේ සම එල්ලා වැටීමකට ලක් වෙනවා. කාර්යබහුල බව නිසා ආහාර වේල් මඟ හැරිමෙනුත් අත් වන්නේ මේ ප්‍රතිඵලයමයි. හදිසි බර අඩු වීමකදී පියයුරු වල හැඩය සම්පුර්ණයෙන්ම වෙනස් විය හැකියි.

බ්‍රා එකක් නොපැළඳ සිටීම

තවත් සමහරු තමන්ගේ පහසුව තකා බ්‍රා එකක් පළඳින්නේ නැහැ. බොහෝ කාන්තාවන් නිවසේදී බ්‍රා එකක් පළඳින්නේ නැහැ. රැකියාවට ගොස් නිවසට පැමිණි විගස ඔවුන් සැහැල්ලු ඇඳුමකට මාරු වෙනවා. නමුත් මේ පුරුද්ද නිසා ඔබේ පියයුරු වල තද බව සහ නියමිත හැඩය අහිමි වෙනවා. කාන්තාවක් සැහැල්ලු ඇඳුමකට මාරු විය යුත්තේ නින්දට යන මොහොතේදිය. අවදිව සිටින අවස්ථාවන් වල බ්‍රා එකක් පැළඳ සිටීම ගොඩක් වැදගත් වෙනවා.

පියයුරු වලට කරාබු පැළඳීම

ඇතැම් කාන්තාවන් විලාසිතාවක් ලෙස පියයුරු වලට කරාබු පළඳිනවා. නමුත් එය ඉතා අහිතකර ක්‍රියාවක්. පියයුරු වල ඇති රුධිර නාළිකා වලට හානි පමුණුවන්න මේ විලාසිතාවට පුළුවන්. එමෙන්ම විෂබීජ ආසාදනය වීම්, තුවාල ඇති වීම් වගේ අහිතකර ප්‍රතිඵලත් අත් වෙනවා.   

 

  

SHARE