පේ රටේ බොහෝ තරුණියන්ට මේ වෙද්දී සුදු වීමේ උන්මාදය තදින්ම තිබෙනවා. කියන්න කනගාටුයි සම සුදු කරගන්න ඕනෙම විදිහක හානිකර ක්‍ර්රීම් එකක් ගාන්නේ , ඕනෙම බෙහෙතක් බොන්නේ ඒවාගෙන් ඇතිවෙන අතුරු අබාධ ගැන තැකීමක් නොකරමයි. මේ හානිදායක නැමියාව නිසා බොහෝ දෙනෙක් තමාගේ සෞක්‍යය විතරක් නෙවේ උපදින දරුවන්ගේ නිරෝගීකමත් කැප කරනවා. මේ නිසා Goodhousekeeping.lk අද අපි තීරණය කළා ඒ ගැන ඔබව දැනුමත් කරන්නට.


fb-like-beg


1. ගාපු ගමන් සුදු වෙන්නේ කොහොමද ?

ඔබ දන්නවා ගොඩක් සුදු වෙනවා කියන නිෂ්පාදන ආලේප කළ විගසම සම ගොඩක්ම සුදුපාට වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියල ඔබ මොහොතකට වත් හිතුවද ? සම සුදු කරන නිෂ්පාදන වල විරංජන කාරක හෙවත් bleeching අඩංගු වෙනවා. ඒවගේ ප්‍රධාන සංඝටකය තමයි රසදිය. ලංකාවේ පැහැපත් කිරීමේ නිෂ්පාදන වල අධික ප්‍රමාන වලින් රසදිය අඩංගු බව ලංකා පාරිභෝගික අධිකාරිය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වුනා.

ලංකාවේ සම්මතයට අනුව ආලේපන කිලෝ එකකට රසදිය මිලිග්‍රෑම් 1 ක් පමණක් ඇතුලත් විය යුතු වුනත් කනගාටුවට කාරණය වුනේ ඇතැම් නිෂ්පාදන වල එම අගය මිලිග්‍රෑම් 51,000 පමණ බව හෙළිවුණා. පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පවසන ආකාරයට ලෝකයේ වැඩියෙන්ම රසදිය අඩංගු සුදු වීමේ නිෂ්පාදන තිබෙන්නේ ලංකාවේ කියන කාරනාව ගොඩක් කණගාටුදායකයි.

2. රසදිය ඇතිකරන සෞඛ්‍ය ගැටළු

චර්මරෝග විශේසඥ වෛද්‍ය ශ්‍රියානි සමරසේකර මහත්මිය පවසන ආකාරයට මේ රසදිය අඩංගු නිෂ්පාදන ආලේප කිරීමේ ලොකුම හානිය වෙන්නේ වකුගඩු වලටයි. රසදිය යනු පිළිකා කාරකයක් වන අතර සම හරහා ගොස් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ තැම්පත් වේ. ශරීරයේ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය පවා හීන කරවන අතර කල් යාමේදී සමේ අසාත්මිකතා හට ගනී

3. ඔබ පමණක් නොවේ ඔබේ දරුවන්ද හානියට ලක් වේ

තරුණියන් මේවා ආලේප කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ අපගෙන් උපදින දරුවන්ගේ සෞඛ්‍ය පවා රසදිය මගින් තර්ජනයට ලක් කරන නිසයි. කුඩා දරුවන්ගේ බුද්ධිය වර්ධනය අවම වීම , රෝග හට ගැනීම බහුලව දක්නට ලැබේ.

4. ගැහැනියකගේ වටිනාකම තීරණය කරන සාධක

සමේ සුදු හෝ කළු පැහැය මත නොව ගැහැනියක් සම්පූර්ණ වෙන්නේ ඇයගේ ආකල්ප, පෞර්ෂත්වය සහ හැකියාවන් මතය. කාන්තා ඔබ පෞර්ශමත් ලෙස හිතන විට , ඔබේ උපතින් ලද ශරීර වර්ණය පිළිගැනීම එක්ක ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඝර්ම කලාපික රටක උපන් අප කොහොමත් තද හිරු රශ්මිය නිසා සම අවපැහැ වීමට ලක් වෙනවා. ඉතින් ලැබුන වර්ණය සුන්දර බව ඔබ මතක තබා ගන්න ඕනේ.

5. සුදු වෙන්න නෙවෙයි පැහැපත් වෙන්න උත්සහ කරන්න

උපතින් ලද සමේ වර්ණය ඒ විදිහටම තිබෙද්දී සම ලස්සන කර ගන්න උත්සහ දරන්න. අවුවේ යන එක අඩු කරන්න. යන හැම විටම තොප්පියක් දැමීම, කුඩයක් ගෙනයාම කරන්න. SPF අගය 30 ක් වගේ සන් ස්ක්‍රීන් ක්‍රීම් එකක් පිහිනීම වැනි දේවල තද අවුවේ යෙදෙද්දී අනිවාර්යයෙන්ම පැය දෙකකට වරක් ආලේප කරන්න.

සම හොඳින් පිරිසිඳු කරන්න. මාස 3 කට වරක් වත් ක්ලීන් අප් එකක් කර ගන්න. කුරුලෑ , ලප . කැළැල් තියනවා නම් සම පිලිබඳ වෛද්‍ය වරයෙක් හමු වෙන්න. හිතු මතේ එක එක්කෙනා කියන දේවල් ගාන්න යන්න එපා. ඔබේ සම වගේම ඔබේ සෞඛ්‍යත් ඔබේම වගකීමක්.

අනාගත පරපුර බිහි කිරීමේ වගකීම කාන්තා අපේ උරමත වැටිලා තිබෙනවා. එහෙනම් අපි අත්තනෝමතිකව සුදුවෙන විකාර අදහස් දුරුකරමු. අපිට ලැබුන සම ගැන ආඩම්බර වෙමු. අපේ උගත්කම් , හැකියා වර්ධනය කරගන්නට මහන්සි වෙමු.

SHARE