ප අපේ හිස කෙස් වලට බොහෝ සත්කාරයන් සිදු කරනවා. නමුත් ඒ සත්කාරයන් වලින් බලාපොරොත්තු වන නිවැරදි ප්‍රතිලාභය ලබන්නට නම් ඒ සත්කාරය ඔබේ හිස කෙස් වල ස්වභාවයට ගැලපෙන්න ඕනේ. තෙල් සහිත හිස කෙස් වලට සුදුසු සත්කාරයක් සාමාන්‍ය හිස කෙස් වලට සිදු කලාට ඉන් නිවැරදි ප්‍රතිඵල ලබන්නට බැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබේ හිස කෙස් වලට විවිධ විලාසිතා සිදු කිරීමේදීත් හිස කෙස් වල ස්වභාවය හඳුනාගෙන සිටීම වැදගත් වෙනවා. නැති නම්, ඔබ වෙහෙස වී දමන හිස කෙස් විලාසිතාව කෙටි කාලයකින් අවුල් වී යන්නට පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා හිස කෙස් වල ස්වභාවයන් ගැන කතා කරන්නට.


fb-like-beg

 


රළු හිසකෙස්

  • රළු හිස කෙස් ගොඩක් ඝනයි. ඒවා පහසුවෙන් කැඩී යන්නේ නැහැ. රළු හිස කෙස් වල රළු බව අඩු කර ගන්නට රෝලර් බ්‍රෂ් එකක ආධාරයෙන් නිතර පීරන්න.
  • රළු හිස කෙස් වලට මෝස්‌තර දැමීම තරමක් අපහසුයි. රළු කෙස් වලට දමන හිස කෙස් විලාසිතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා  රළු හිස කෙස් සහිත යුවතියකට ගැලපෙන්නේ කර්ල්ස්, ප්ලීට්ස්, රෝල්ස් වගේ විලාසිතා තමයි.
  • ස්ට්‍රේට් කිරීම හා වර්ණ යෙදීම වැනි රසායනිකයන් යොදා කරන විලාසිතාවන් වලින් රළු කෙස් වලට වන හානිය ඉතා අඩු වීම මෙහි ඇති හොඳ පැත්තයි.

සිනිඳු හිස කෙස්

  • සිනිඳු හිස කෙස් නම් ගොඩක් දුර්වලයි. ඒ වගේම ඉක්මනින් කැඩී යන සුලුයි. මෙවැනි හිස කෙස් සඳහා විලාසිතා යෙදීමේදී ගොඩක් පරිස්සම් විය යුතුයි. ඒකට හේතුව වන්නේ බැක් කොම්බ් කිරීම, සිහින් පනා වලින් පීරීම, රබර් පටි භාවිතා කිරීම වගේ විලාසිතා වලදී සිනිඳු හිස කෙස් ඉක්මනින් කැඩී යන නිසයි. සිනිඳු හිස කෙස් සහිත යුවතියක් විලාසිතා කිරීමේදී ඉතා සරල කොණ්ඩා මෝස්තරයක් දැමීම තමයි නුවණට හුරු.
  • ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය යොදා කරන විලාසිතා වලදී සිනිඳු හිස කෙස් වලට හානි සිදු විමේ ඉඩකඩ වැඩියි. මේ නිසා එවැනි විලාසිතා කිරීමේදීපරිස්සම් විය යුතුයි. ඒ වගේම ෂැම්පු භාවිතයේදීත් රසායනික ද්‍රව්‍ය රහිත මෘදු ෂැම්පු සහ කන්ඩිෂනර් යෙදිමෙන් සිනිඳු හිස කෙස් ආරක්ෂා කර ගත හැකියි.

සාමාන්‍ය හිස කෙස්

  • නිතර අවුල් නොවීම සාමාන්‍ය හිස කෙස් වල විශේෂ ලක්ෂණයක් වෙනවා. මේ නිසා සාමාන්‍ය හිස කෙස් වලින් නම් ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන්.
  • සාමාන්‍ය හිස කෙස් තරමක් මෘදුයි. සාමාන්‍ය හිස කෙස් වල අසාමාන්‍ය වියළි බවක් හෝ අසාමාන්‍ය තෙල් සහිත ස්වභාවයක් පිහිටන්නේ නැහැ.
  • සාමාන්‍ය හිස කෙස් සඳහාත් රසායනික ද්‍රව්‍ය සහිත විලාසිතා, ආලේපන හෝ ෂැම්පු එතරම් සුදුසු වන්නේ නැහැ. රසායනික ද්‍රව්‍ය සහිත ආලේපන භාවිතයෙන් කෙස් වල දිලිසෙන ස්වභාවය සහ මෘදු බව නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙස් ස්ට්‍රේට් කිරීම, පර්ම් කිරීම, අධික උෂ්ණත්වයන්ට නිරාවරණය කිරීම සහ වර්ණක යෙදීමද එතරම් සුදුසු නොවේ. එවැනි දෑ කිරීමෙන් හිස කෙස් වලට වියලි ස්වභාවයක් අත් වීමට වැඩි අවදානමක් පවතිනවා.

රැළි/බොකුටු හිස කෙස්

  • බොකුටු කෙස් ඉක්මනින් අවුල් වී ගැට ගැසෙන සුළුයි. බොකුටු හිස කෙස් පීරීමේදී කැඩී යාමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා බොකුටු හිස කෙස් සහිත යුවතියක් හිස කෙස් පීරිමේදී දැති ලොකු පනාවකින් පීරීම වඩාත් සුදුසුයි.
  • ඒ වගේම හිස කෙස් නිතර පීරීමෙන් බොකුටු ස්වභාවය මඳක් අඩු කර ගන්නත් පුළුවන්.
  • බොකුටු කෙස් සඳහා විලාසිතා කිරීමේදී අවුල් ස්වභාවය නිසා තරමක් අපහසුතා වලට මුහුණ දීමට සිදු වුවත් කෙස් වලට ජෙල්, මූස්, බේබි ඔයිල් ගල්වා  අවශ්‍ය මෝස්තරය පහසුවෙන් සකසා ගන්න පුළුවන්.

වියළි හිස කෙස්

  • වියළි කෙස් වලින් ඕනෑම මෝස්තරයක් දැමීම ඉතා පහසුයි. නමුත් මෝස්‌තර දැමූ පසු කෙස් වලින් වියළි ස්වභාවයක් දිස් වීම ගැටළුවක් වෙනවා. මෙම තත්වය සමනය කිරීම සඳහා හෙයාර් ජෙල්, බේබි ඔයිල් හෝ මූස් යෙදීම අත්‍යවශ්‍ය වේ.
  • කෙසේ වෙතත්, වියළි කෙස් සඳහා යොදන ආලේපන ප්‍රමිතියෙන් උසස් ආලේපන විය යුතුය.

 

SHARE