යසට යාමත් සමඟ සම රැලි වැටෙන එක ස්වභාවික සිද්ධියක්. ඒත් සුන්දර රූපයක් හිමි වෙලා තිබිලා, කාලයත් එක්ක සම රැලි වැටෙනකොට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීමත් සමඟ විතරක්ම නෙවෙයි, ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලට රැලි වැටෙනවා. ඒත් වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාවේ ඇති වූ දියුණුවත් සමඟ සමේ ඇති වන රැලි වැටීම් ඉවත් කළ හැකි වෛද්‍ය ප්‍රතිකාර බිහි වී තිබෙනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


වයස්ගතවීමත් සමඟ සම රැලි වැටෙන්නේ ඇයි ?

  • සමේ ශක්තිය, නම්‍යතාවය සහ තරුණබව ආරක්ෂා කරන ප්‍රෝටීන් වර්ගය හඳුන් වන්නේ කොලජන් කියලයි.
  • කොලජන් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට උදව් වෙනවා.
  • වයස්ගතවීමත් සමඟ චර්මය, අපිචර්මය, ඉලාස්ටින් තට්ටුව සහ කොලජන් තට්ටුව තුනී වෙන්නට පටන් ගන්නවා. මේ සමඟ සම රැලි වැටෙන්නට පටන් ගන්නවා.
  • සම රැලි වැටෙන ප්‍රධාන අවස්ථා තුනක් තිබෙනවා. ඒ සාමාන්‍ය රැලි, මධ්‍යස්ථ රැලි සහ ගැඹුරු රැලි ලෙසයි.

වයස්ගතවීම හැර සම රැලි වැටීමට බලපාන වෙනත් හේතු

♦ ජානමය බලපෑම්

ඇතැම් අයගේ සම තරුණ වයසේදීම රැලි වැටෙන්නට පටන් ගන්නවා. මෙයට හේතු වන්නේ ජානමය බලපෑමකි.

උදා : Progeria රෝගය
මෙම රෝගය වැළඳුනු පුද්ගලයන්ට වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් තිබෙනවා. මෙය ඉතා දුර්ලභ ගනයේ රෝගයක්. මේ රෝගීන් අඩු වයසින් මිය යනවා.

♦ හිරු එලිය

නිරන්තරයෙන් හිරු එලියට නිරාවරණය වන අයගේ සම අන් අයට සාපේක්ෂව ඉක්මනින් රැලි වැටෙනවා.

♦ මානසික ආතතිය

දිගුකාලීනව මානසික ආතතියට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස සම රැලි වැටීම සහ වියපත් පෙනුමක් ලැබීම සිදු වෙනවා.

♦ අධික බර

ශරීරයේ බර වැඩි වී, අඩු වීමත් සමඟ සම එල්ලා වැටෙන්නට පටන් ගන්නවා.

♦ දුම්පානය සහ මත්පැන් භාවිතය

දුම්වැටි වල ඇති රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා ඉතා ඉක්මනින් සම රැලි වැටෙන්නට පටන් ගන්නවා. දුම් පානය කරන්නනේ කට වටේ ඇති සම ඉක්මනින්ම රැලි වැටෙන්නට පටන් ගන්නවා.


සමේ රැලි ඉවත් කරන ක්‍රම

♦ විටමින් A ලබා ගැනීම

විටමින් A අඩු වීමෙ නිසා සම රළු වී, පතුරු ස්වභාවයක් ඇති වේ. තොල් පැලෙනවා. මේ නිසා විටමින් A පිටතින් ලබා ගැනීම මඟින් සමේ රැලි වැටීම අඩු කර ගන්න පුළුවන්.

♦ Alpha Hydroxy Acids

හයිඩොලික් සහ ලැටික් අම්ල අඩංගු මෙම ඇසිඩ් වර්ගයත් සමේ රැලි වැටීම් අඩු කර ගන්න උදව් වෙනවා.

♦ Antioxidants

Antioxidants වල විටමින් A, C, D සහ බීටා කැරොටීන් අඩංගු වෙනවා. විටමින් මඟින් සමේ රැලි වැටීම ආරක්ෂා කරන අතර හිරු එළියෙන් සමට වන හානිද අවම කරවනවා.

♦ Glycolic Acid Peels

මේ මඟින් රැලි ගැසී ඇති උඩු සම ඉතා සියුම්ව ඉවත් කරනු ලබයි. මෙය සාර්ථක වන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ රැලි පිහිටන විටදීය.

♦ Microdermabrasion

මෙහිදී සිදු වන්නේ විදුලි ධාරාවක් මඟින් සමේ දුර්වල වෙමින් යන කොලජන් තට්ටුව සහ ඉලාස්ටින් තට්ටුව නැවත යථා තත්වයට ගෙන ඒමයි.

♦ Dermabrasion

මෙය ශල්‍යකර්මයකි. මෙය බොහෝ විට සාර්ථක වුවත්, ඉඳහිට කැළැල් ඇති වීම සහ සම අවපහ ගැන්වීම වැනි අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

♦ ලේසර් ප්‍රතිකාරය

මෙහිදී ලේසර් කිරණ භාවිතයෙන් රැලි වැටුණු සම යථා තත්වයට පත් කරන්න පුළුවන්.

♦ ප්ලාස්ටික් සැත්කම්

මේ ක්ෂුද්‍ර සැත්කම් මඟින් සමේ රැලි ඉවත් කර යථා තත්වයට පත් කර ගන්න පුළුවන්.


රැලි වැටීමෙන් සම ආරක්ෂා කර ගැනීමට එදිනෙදා ජීවිතයේදී ඔබට කළ හැකි දේ.

  • හිරු කිරණ වලට නිරාවරණය වීම අවම කිරීම.
  • විටමින් ලබා ගැනීම.
  • සමබල ආහාර වේලක් ලබා ගැනීම.
  • ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම.
  • මානසික ආතතීන් ඇති වූ විට භාවනාව, උපදේශනය වැනි ක්‍රම වලින් එය සමනය කර ගැනීම.
  • දිනකට ජලය ලීටර් 3ක් පමණ පානය කර ගැනීම.
  • එළවලු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම.
  • පැය අටකවත් නින්දක් ලබා ගැනීම.
SHARE