ත අතීතයේ ශ්‍රී ලංකාවේ ජිවත් වුනු කාන්තාවන්ගේ කෙස් කළඹ ඉතා සුන්දර බව හෙළි කරන සාක්ෂි රැසක් තිබෙනවා. අතීත කවියන් කාන්තාවගේ කෙස් කළඹ සමාන ක‍ර ඇත්තේ කිතුල් රෑනකටයි. එත් අද වන විට අපේ කාන්තාවන්ගේ කෙස් කළඹ ගැන එසේ වර්ණනා කිරීමේ හැකියාවක් නැහැ. විවිධ හේතු නිසා වර්තමාන කාන්තාවගේ කෙස් ඉතාමත් දුර්වල බව අපට පෙනෙනවා. වර්තමාන කතුන්ගේ කෙස් ඉක්මනින්ම කැඩී යන සුළුයි. අකලට සුදු වීම, අකලට වැටීම, කෙස් අග පැලීම සහ වැවෙන්නට යන කාලය සාපේක්ෂව අඩු වීම අද කාන්තාවන්ට ඇති දහසක් ගැටළු වලින් කීපයක් පමණයි. ඉතින් අද අපි තීරණය කළා මේ ගැටළු සියල්ලටම පිළිතුරු දීමට සමත් වුනු නිෂ්පාදනයක් ගැන ඔබට විස්තර කරන්න.


fb-like-beg


අපේ කාන්තාවන්ගේ හිස කෙස් මෙච්චර දුර්වල ඇයි?

  • වැරදි ආහාර රටාව
  • පරිසර දුෂණයේ බලපෑම  
  • UV කිරණ වල බලපෑම
  • මානසික ආතතිය
  • මත්පැන් භාවිතයේ බලපෑම

ඔබේ ගැටළු සියල්ලටම පිළිතුරු දීමට සමත් බියුටීන් නිෂ්පාදනය

අතීතයත් එක්ක සසඳනකොට වර්තමාන ජිවන රටාව ගොඩක් තරඟකාරියි. ඉතින් වර්තමාන කාන්තාව ගෙදර දොරේ වැඩ වලට අමතරව රැකියා වලත් නිරත වෙනවා. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ කෙස් කළඹ ගැන අවධානයක් යොමු කරන්න කාලයක් නැති තරම්. වර්තමාන කාන්තාවගේ මේ ගැටළුව හොඳින් වටහා ගත්තු අපේ රටේ පිහිටි විශාලතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරය වන ඇස්ට්‍රෝන් සමාගම දිගු කාලීනව පරීක්ෂණ රැසක නිරත වෙලා, අවසානයේදී කදිම පෝෂණ අතිරේකයක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි බියුටීන් නිෂ්පාදනය. බියුටීන් නිපදවලා තියෙන්නේ GMP, ISO 22000 සහ HACCP යන ජාත්‍යන්තර තත්ත්ව සහතික යටතේයි.

කාන්තාවකගේ වයස අවුරුදු 25 වූ පසු ඇගේ සිරුරේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේම වර්තමාන කාන්තාව ඇගේ ජිවන රටාව නිසාම ඉතා ඉක්මනින් මානසික ආතතියට පත් වෙනවා. ඒ හේතු වල බලපෑම නිසා වර්තමාන කාන්තාව ඉතාමත් ඉක්මනින් වියපත් වෙනවා. මෙහි ඇති සෘණාත්මක බලපෑම තමයි සැමියාගේ සහ සමාජයේ ආකර්ෂණය ඇයට අහිමි වීම. මේ ගැටළුව සඳහා ඇති හොඳම නිෂ්පාදනය තමයි බියුටීන්. අවුරුදු 16ට වැඩි ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයෙකුට බියුටීන් භාවිතා කර අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.


අපේම නිෂ්පාදනයක් වුනු බියුටීන් 100%ක්ම විශ්වාස කරන්න පුළුවන්

බියුටීන් දේශීය නිෂ්පාදනයක් නිසා කිසිදු බියක් හෝ චකිතයක් නොමැතිව මෙය භාවිතා කරන්න පුළුවන්. ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට ඔබ දවසකට එක් බියුටීන් කැප්සියුලයක් බැගින්, සති 12ක කාලයක් නොකඩවා භාවිතා කරන්න ඕනේ. බියුටීන් කැප්සියුලය නොකඩවා භාවිතා කිරීම මඟින් ඔබට නිරෝගී සහ සොඳුරු කෙස් කළඹක් හිමි කර ගන්න පුළුවන් වෙන බව අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්.


බියුටීන් වල ප්‍රතිඵලය ඔබට සොඳුරු කෙස් කළඹක් හිමි කර දීම පමණක්ම නෙවෙයි

බියුටීන් ප්‍රතිඵල ලබා දෙන්නේ ඔබේ කෙස් කළඹට විතරක්ම නෙවෙයි. ඔබේ නියපොතු සහ සම යටින් පිහිටන බාහිර පටකත් ආරක්ෂා කරන්නට බියුටීන් කටයුතු කරනවා.


බියුටීන් වල අතුරු ආබාධ නැති නිසා 100%ක් විශ්වාසයි

ඇතැම් පෝෂණ අතිරේක භාවිතය නිසා අතුරු ආබාධ ඇති වූ අවස්ථා වාර්තා වී තිබෙනවා. ඒත් බියුටීන් භාවිතා කිරීමෙන් අතුරු අබාධ ඇති නොවන බව සහතික කරන්න පුළුවන්. ඇතැම් පෝෂණ අතිරේක භාවිතා කරන්නාගේ බර වැඩි වන බව වාර්තා වී තිබුනත්, බියුටීන් නිසා බර වැඩි වෙන්නෙ නැහැ.

ඇතැම් පෝෂණ අතිරේක බෝ නොවන රෝග වෙනුවෙන් ගන්නා ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කල අවස්ථා ගැන වාර්තා වෙනවා. ඒත් බියුටීන් බෝ නොවන රෝග සඳහා ලබා ගන්නා ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කරන්නේ නැති බව සහතික කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, බියුටීන් නිසා කිසිදු දිගු කාලීන හෝ කෙටි කාලීන සංකුලතාවන් ඇති නොවන බවත් අපට සහතික කරන්න පුළුවන්.

සැ.යු. ගැබිණි කාන්තාවක් බියුටීන් භාවිතා කිරීමට අදහස් කරනවා නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් පසුව එය කරන්න.


බියුටීන්හි පෝෂණ සංඝටක රැසක් අඩංගුයි

බියුටීන් වල තිබෙන මේ පෝෂක සංඝටකයන් පිළිබඳව විද්‍යානුකුලව සිදු කල නවීන පර්යේෂණ මඟින් තහවුරු කරලා තියෙනවා.

♦ Functional keratin

හිස කෙස්, සම සහ නියපොතු ශක්තිමත් කරනවා. හිස කෙස්, සම සහ නියපොතු කාන්තියෙන් දිදුලවන්නට උපකාරී වෙනවා. සමේ රැලි වැටීම අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Coenzyme Q 10

ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වන මෙය UV කිරණ සම වලින් ආරක්ෂා කරනවා. සමේ රැලි වැටීම් අවම කර, නව පටක වර්ධනය කරවනවා.

♦ Collagen Hydrolyzed

සමේ තෙතමනය රැක ගැනීම, සිනිඳු බව සහ ඇදෙන සුළු බව වැඩි දියුණු කරනවා. සමේ රැලි වැටීම් අවම කරවනවා.

♦ Vitamin C

හිස කෙස් වර්ධනය කරනවා. එමෙන්ම නියපොතු දීප්තිමත් කරවනවා.

♦ B- Biotin

හිස කෙස් වැටීම වළක්වනවා. හිස කෙස් සහ නියපොතු වලට පෝෂණය ලබා දෙනවා.

♦ Zink

හිස කෙස් වැටීම වළක්වා, ශක්තිමත් කරවනවා. සම පැහැපත් කරවනවා.

♦ Copper

නව කෙස් වර්ධනය කරවනවා. සමේ සුසිනිඳු බව වැඩි කරවනවා.

♦ Alpha Lipoic Acid

සමේ රැලි වැටීම පාලනය කරන අතර ලප කැළැල් අවම කරවනවා.

♦ Niacinamide

සමේ රැලි වැටීම් සහ අව පැහැ ගැන්වීම් අවම කර තෙතමනය රැක දෙනවා.


බියුටීන්හි පෝෂණ සංඝටක රැසක් අඩංගුයි

බියුටීන් පෝෂණ අතිරේකය නිෂ්පාදනය කල ඇස්ට්‍රෝන් සමාගම ආරම්භ කලේ 1956 වසරේදීයි. මෙය වසර 60කට වැඩි කාලයක් පුරාවට රටේ ප්‍රමුඛතම පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් ලෙස පැවත ආ නිසා මේ ගැන ඉහල විශ්වාසයක් තබන්න පුළුවන්.

වෙනත් පෝෂණ අතිරේකයක් භාවිතා කලොත්, ඔබ දිනකට කැප්සියුල 2 බැගින් ගත යුතු වෙනවා. නමුත් ඔබ පෝෂණ අතිරේකයක් ලෙස බියුටීන් භාවිතා කරනවා නම්, දිනකට එක් කැප්සියුලක් පමණයි ලබා ගත යුත්තේ. මෙම වාසිදායක තත්වය නිසා ඔබේ මුදල් ඉතිරි වෙනවා.

ඉහත විස්තරය කියවපු ඔබට දැන් දැනෙනවා ඇති බියුටීන් මොන තරම් ප්‍රතිඵලදායි නිෂ්පාදනයක්ද කියලා. එකම නිෂ්පාදනයකින් ඔබේ හිස කෙස්, නියපොතු සහ සම යන අංග තුනම රැක දෙනවා කියන්නේ මොන තරම් වාසිදායකද? ඉතින් මේ අවස්ථාව ඔබ අත හරින්න එපා. කාර්යබහුල බව නිසා ඔබ ඔබේ රූපය ගැන අමතක කර, සමාජයේ ඔබට ඇති ආකර්ෂණය සහ පිළිගැනීම අහිමි කර ගන්න එපා. බියුටීන් භාවිතා කර ඔබ සොඳුරු කාන්තාවක් වූවොත්, සමාජයේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම ඔබට හිමි වේවි. ඔබේ ආත්ම විශ්වාසයත් ඉහල යාවි. ඉතින් අපි ලොකු විශ්වාසයකින් යුතුව ඔබට බියුටීන් නිෂ්පාදනය නිර්දේශ කරනවා.

SHARE