කාන්තා, පිරිමි කියා භේදයක් නැතිව සෑම කෙනෙකුටම තියෙන හිතට වද දෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ කියල කියන්නේ. කුරුලෑ සුවකරගන්න ඔය දෙපාර්ශවය කොතරම් වෙහෙසක් දරනවාද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් වැඩි වැල් වටාරම් නැතිව මේ කියන්නට යන්නේ කුරුලෑ සුවකරගන්න ඔබට නිවසේදීම පිළියෙළ කරගෙන භාවිතා කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකර්ම කිහිපයක් ගැන.

fb-like-beg



Green tea

ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සහ ඔවුන්ගේ වර්ධනය සීමා කරවන ගුණයක් ඇති ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා කුරුලෑ සුව කරවීමට green tea වලටත් හැකියාව තිබෙනවා. ශීත කරන ලද green teaවලින් මුහුණ සෝදන්න. එසේත් නැත්නම් කුරුලෑ බහුවල ඇති ප්‍රදේශයේ green tea බෑගයක් මද වෙලාවක් තබාගෙන සිටින්න.


මී පැණි

මී පැණිවල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා. මී පැණි ස්වල්පයක් කුරුලෑ ඇති ප්‍රදේශයේ ආලේප කර මද වේලාවකින් සෝදා හරින්න එසේත් නැතිනම් ධාන්‍ය (oatmeal) කෝප්පයක් සමඟ සමඟ මී පැණි කෝප්ප බාගයක් මුසු කර face mask එකක් ලෙස භාවිතා කර මිනිත්තු 30කත පසු මුහුණ පිරිසිදු කරන්න.


මිංචි කොළ

සමේ විවරව ඇති කූපයන් වසා දමන්නට මිංචි කොළවලට පුළුවන්. ඒ නිසා සිදුවන්නේ කුරුලෑ ඇතිවීම වැළකීමයි. ඉතාම සිහින්ව කපා ගත මිංචි කොළ මේස හැඳි දෙකක ප්‍රමාණයකට යෝගට් සහ oats මේස හැඳි දෙකකට මිශ්‍ර කර මිනිත්තු 10ක් පමණ මුහුණ මත තබා සෝදා හරින්න.


ඇස්ප්‍රීන්

කුරුලෑ නිසා සමේ ඇතිවන දැවිල්ලට සහනය ලබා දීමට ඇස්ප්‍රීන්වලට හැකියාව තිබෙනවා. ඊට අමතරව සෑදී ඇති කුරුලෑ වියලීමද ඇස්ප්‍රීන් මගින් සිදුවනවා. ඔබ කළ යුත්තේ කුඩු කරගත් ඇස්ප්‍රීන් පෙති දෙකක් ජලය සමඟ මිශ්‍ර කර තලපයක් සේ සාදා අදාළ ප්‍රදේශයේ ආලේප කර මද වේලාවකින් සෝදා හැරීමයි. එසේත් නැතිනම් ඇස්ප්‍රීන් පෙති දෙකක් වතුර වීදුරුවකට දමා හොඳින් දිය කර මුහුණ සේදීමද කළ හැකියි.


ලෙමන්

සම පැහැපත් කරවීමේ ගුණය නිසා කුරුලෑ නිසා ඇතිවන කැළැල් මකා දැමීමට ලෙමන්වලට පුළුවන්. ඊට අමතරව කුරුලෑ ඇතිවීම පාලනය කරන්නටත් ලෙමන්වලට හැකියාව තිබෙන්නේ ඒවායේ ඇති විෂබීජ නාශක ගුණය නිසා. පුළුන් කැබැල්ලක් ලෙමන් යුෂ ස්වල්පයකින් පොඟවා මුහුණේ ආලේප කර මද වෙලාවක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න


කෝමාරිකා

කුරුලෑ නිසා ඇතිවන වේදනාවට සහ දැවිලි ස්වභාවයට සහනය කෝමාරිකා මඟින් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි විෂබීජ නාශක ගුණයක්ද ඇති නිසා කුරුලෑ ඇතිවීම අඩු කිරීමටත් කොමාරිකාවලට පුළුවන්. කෝමාරිකා ජෙලි එක රැගෙන මුහුණේ ආලේප කර ඇල් ජලයෙන් සෝදා හැරීමයි ඔබ කළ යුත්තේ.


ඔමේගා – 3

ඔමේගා 3 කරල් කුරුලෑවලට පමණක් නොව ශරීර සෞඛ්‍යයට ද ගුණ දෙනවා. දිනකට මෙම එක් කරලක් ගැනීමට ඔබට පිළිවන්.

 

SHARE