සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් පියයුරු පිලිබඳ විස්තර කරන විට ‘කුඩා පියයුරු’ සහ ‘විශාල පියයුරු’ ලෙස වර්ග කර දැක්වීම තමයි මෙතුවක් කල් සිදු වූවේ.

fb-like-beg


එහෙත් ලෝක ප්‍රකට කාන්තා යට ඇඳුම් නිෂ්පාදකයෙකු වන Third Love සමාගම විසින් ඔවුන්ගේ තිසරපට නිදදවීම වෙනුවෙන් කළ සමීක්ෂණයකින් බහුලව දක්නට ලැබෙන කාන්තා පියයුරු හැඩයන් වර්ග 7ක් හඳුනාගෙන තිබෙනවා. ප්‍රමාණය අනුව පමණක් නොව මේ හැඩයන්ට අනුව තිසරපට තෝරාගන්නවානම් පියයුරු වඩා සුන්දරව දිස් වන බවයි එම සමාගම පවසා සිටින්නේ.

මෙතැන් සිට ඔබ කියවන්නට යන්නේ එසේ හඳුනා ගනු ලැබූ පියයුරු හැඩයන් වර්ග 7 පිළිබඳව සහ එම හැඩයන්ට වඩාත්ම ගැලපෙන තිසරපට මොනවාද යන්න පිළිබඳවයි.


රවුම් හැඩයේ පියයුරු

ඔබ රවුම්, එක සමාන ප්‍රමාණයකින් යුත් පියයුරු හිමි කාන්තාවක් නම් ඔබට කැමති ඕනෑම ආකාරයේ තිසරපටයක් ඇඳිය හැකියි.


දෙපසට විහිදුණු (east – west) පියයුරු

ඔබේ තනපුඩු සිරුරේ දෙපසට මුහුණලා පිහිටා ඇත්නම් ඔබට ඇත්තේ east – west හැඩයේ පියයුරුයි. ටී ෂර්ට් වර්ගයේ තිසර පටයක් ඔබට වඩාත් සුදුසුයි.


දෙපසට විහිදුණු පිරිපුන් (side set) පියයුරු.

ඔබේ පියයුරු පිරිපුන්, ඒ නමුත් පියයුරු අතර සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් ඇත්නම් ඔබ side set හැඩයේ පියයුරුවලට උරුමකම් කියන්නියක්. Third Love ආයතනය පවසන පරිදි ඔබට වඩාත්ම ගැලපෙන්නේ plunge වර්ගයේ තිසරපටයක්. එමගින් ඔබේ පියයුරු එකිනෙකට ලංකර ඒවාට සුන්දර හැඩයක් ලබා දෙනවා.


කඳුළු බිඳු (tear drops) හැඩයේ පියයුරු

පියයුරුවල ඉහල කොටසට වඩා පහල කොටස රවුම් හැඩයක් ගන්නා විට එවන් පියයුරු හැඳින්වෙන්නේ කඳුළු බිඳු හැඩයේ පියයුරු නමින්. ඔබට ඇත්තේ මෙවන් පියයුරු නම් ඔබටත් ඕනෑම ආකාරයේ තිසරපටයක් ඇඳිය හැකියි.


සිහින් (slender) පියයුරු

උඩ කොටස සිහින් එහෙත් පහළ ප්‍රදේශය විශාල ආකාරයේ පියයුරු මෙනමින් හඳුන්වනවා. එතරම් පුළුල් නොවන මේවා දිගින් තමා වැඩිවන්නේ. මේ ආකාරයේ පියයුරු හිමි ඔබට සුදුසු පුරවන ලද (padded) plunge වර්ගයේ තිසරපටයක්.


අසමමිතික (asymmetric) හැඩයේ පියයුරු.

සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවකගේ එක් පියයුරකට වඩා අනෙක් පියයුර තරමක් විශාල වනවා. එහෙත් එම වෙනස කැපී පෙනෙන සුළු එකක් නම් එවන් පියයුරු අසමමිතික හැඩයේ පියයුරු ලෙසයි හඳුන්වන්නේ. මෙය කලාතුරකින් දැකිය හැකි පිහිටීමක්.ඔබටත් ඇත්තේ මෙවන් ආකාරයේ පියයුරු නම් පුරවන ලද තිසරපටයක එක් පසෙක පිරවුම ඉවත් කර ඇඳිය හැකියි.


සීනු (bell) හැඩයේ පියයුරු

මෙය පෙර කිව් සිහින් පියයුරු හැඩයටම තරමක් සමානයි. එහෙත් ඊට වඩා පියයුරුවල පහල කොටස පුළුල් හා විශාල නම් ඒවාට සීනු හැඩයේ පියයුරු කියා කීමට පුළුවන්. මෙම හැඩයේ පියයුරුවලට වඩා හොඳින් ගැලපෙන්නේ balconette වර්ගයේ තිසරපටයක්.

මින්පසු තිසරපට මිලට ගැනීමට වෙළෙඳසැලකට යාමේදී ඔබට මේ කරුණු ඉතාම ප්‍රයෝජනවත් වන බව නිසැකයි.

කියවන්න,

ඇඳුමට ගැලපෙන තිසරපට (Bra) තෝරාගනිමු

SHARE