කාන්තාවන් හැම දෙනෙක්ම පාහේ සුවඳ විලවුන් ගල්වනවා. ඇත්තෙන්ම අප අතට අහු වෙන අහු වෙන සුවඳ විලවුන් අපේ සිරුරේ තවරා ගන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ අප ප්‍රිය කරන, අපට සුවිශේෂී හැඟීමක් ගෙන දෙන්නට සමත් වන සුවඳ විලවුන් වර්ගයක්. ඔබටම ආවේනික වුනු කැමැත්තන් මත තෝරා ගන්නා සුවඳ විලවුන් වර්ගය අනුව ඔබ ගැන අනාවැකි පැවසිය හැකි බව සොයා ගෙන තිබෙනවා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ ඔබ ප්‍රිය කරන, ඔබ භාවිතා කරන සුවඳ විලවුන් වර්ගය අනුව ඔබ ගැන අනාවැකියක් පවසන්නයි.


fb-like-beg


1 පැඟිරි සුවඳ නායකයන්ට

පැඟිරි සුවඳට ප්‍රිය කරන අය තුල ස්වභාවයෙන්ම නායකත්ව ලක්ෂණ පිහිටනවා. කණ්ඩායමක් මෙහෙයවන්න ඔවුන්ට උපන් හැකියාවක් තිබෙනවා. මේ පුද්ගලයන් තුල ටිකක් විතර මුරණ්ඩු ගති ලක්ෂණ තියෙනවා. තමාට හෝ තමාගේ පවුලේ අයට කාගෙන් හෝ අසාධාරණයක් වෙනවා නම් ඉක්මනින්ම ඊට විරුද්ධව නැගී සිටිනවා. ඔවුන් සාමාන්‍යයෙන් බය නැහැ. ශක්තිමත් මනසක්, උසස් අරමුණු මේ පුද්ගලයන් තුලින් විද්‍යාමාන වෙනවා. සමහරු මේ අයට වැඩිය කැමති නැත්තේ මොවුන් තුල තරහ යන සහ අනුන්ව බලෙන් පාලනය කිරීමට පෙළඹෙන ගති ලක්ෂණ පිහිටන නිසයි. මේ නිසා තමන් වටා ඉන්න හැමෝවම හැම තිස්සෙම පාලනය කරන්නට නොයා, යම් සීමාවක් ඇතුව එය කල යුතු වෙනවා.

2 රෝස සුවඳ සංවේදී පුද්ගලයන්ට

රෝස සුවඳට ප්‍රිය කරන අය අනිත් අයගේ ප්‍රශ්න වලට බොහොම ඉක්මනින් සංවේදී වෙන බවයි කියවෙන්නේ. ඒ වගේම ඔවුන් යම් තීරණයක් ගන්නකොට හොඳට හිතලා මතලා තමයි තීරණ ගන්නේ. කලබලේ දේවල් කරන පුරුද්දක් මොවුන් ළඟ නැහැ. හරිම පරිස්සම්කාරියි. හැම පුද්ගලයෙකුටම වගේ තමන් ගත්තු තීරණ ගැන යම් යම් පසුතවීම් තිබුනත්, රෝස සුවඳට ප්‍රිය කරන පුද්ගලයන් තුල එවැනි පසුතවීම් නැති තරම්. ඒ ඔවුන් තීරණ ගන්නේ හොඳට හිතා මතා නිසයි.

3  ලැවෙන්ඩර් සුවඳ මිත්‍රශීලි අයට

  ලැවෙන්ඩර් සුවඳ සහිත සුවඳ විලවුන් භාවිතා කරන්නට ප්‍රිය කරන පුද්ගලයන් හරිම මිත්‍රශීලි බවත්, ඔවුන්ට මිතුරන් රැසක් සිටින බවත් අනාවරණය වෙලා තියෙනවා. ඔවුන්ට කණ්ඩායම් වැඩ වල නිරත වෙන්න හරිම පහසුයි. කාට අමතක වුනත්, මේ අයට තමන්ගේ මිතුරන්ගේ උපන්දින අමතක වෙන්නේ නැහැ. මිතුරන් වෙනුවෙන් පුදුම කිරීම්, හමුවීම් පවත්වන්න මේ අය මුල් තැන ගන්නවා.

4 වැනිලා සුවඳ විනෝදජනක අයට

වැනිලා සුවඳට ප්‍රිය කරන අය හරිම විනෝදජනකයි. ඔවුන් තුල කිසිදු සංසුන් ස්වභාවයක් නොමැති වීම විශේෂත්වයක්. ඔවුන් ගොඩක් ශක්තිමත්, ක්‍රියාශීලි පිරිසක්. උත්සව අවස්තාවන් වැනි විනෝදජනක අවස්ථා වලට බොහොම උනන්දුවෙන් සහභාගී වෙනවා. සති අන්තයේදී නිවසට වෙලා ඉන්න කැමැත්තක් නැහැ. අලුත් මිතුරන් හඳුනා ගන්න, නර්තනයේ යෙදෙන්න, සමාජශීලි වෙන්න ඔවුන් හරිම කැමතියි.

5 සුදු හඳුන් සුවඳ වේගයෙන් දියුණු වන්නන්ට

සුදු හඳුන් සුවඳට ප්‍රිය කරන්නන් හරිම විශේෂයි. ඔවුන් තුල දියුණු වීමට සහ සාර්ථක වීමට දැඩි ආශාවක් මෙන්ම කැපවීමකුත් පවතිනවා. ඔවුන්ගේ ජිවිත තුල ඉහල ඉලක්ක තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ වැරදි අඩුපාඩු ඉක්මනින්ම හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගන්නට කටයුතු යොදනවා. නමුත් වෙන කෙනෙක් ඔවුන්ගේ වැරද්දක් කියන්න ආවොත් මේ අය ගොඩක් කලබල වෙනවා.

6 පලතුරු සුවඳ නොසංසුන් පුද්ගලයන්ට

පලතුරු සුවඳට ප්‍රිය කරන අය තුල පුංචි දේටත් ඉක්මනින් කලබල වීම, කෝප වීම, හැඟීම් වහ වහ වෙනස් කිරීම වැනි ලක්ෂණ පවතිනවා. ඔවුන්ගේ මේ නොසංසුන්කාරී හදිසි වෙනස් වීම් ඔවුන් වටා සිටින අයට නම් කරදරයක් ලෙසයි දැනෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ පුද්ගලයන් සමාජයෙන් කොන් විය හැකියි. මේ නිසා මෙම අඩුපාඩු මඟ හරවා ගැනීමට කටයුතු කල යුතුයි.

7 කොකනට් සුවඳ විලාසිතා වලට බර අයට

කොකනට් සුවඳට ප්‍රිය කරන්නන් මිල අධික ඇඳුම් ආයිත්තම් සහ ආභරණ වලින් සැරසෙන්න ගොඩක් උනන්දු බව කියවෙනවා. තැනට සුදුසු ලෙස ඔවුන් කරනා මනා විලාසිතාවන් නිසා සැමගේ අවධානය, කැමැත්ත දිනා ගන්න මේ අයට පුළුවන්.  

 

SHARE