පි මීට පෙර ලිපියකින් ඔබේ දෑත් වල පිහිටීම අනුව ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අවබෝධයක් ලබා ගන්නා ආකාරය ගැන සාකච්චා කළා. අද අපි සාකච්චා කරන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය හෙළි කිරීමට සමත් වන ඔබේ දෙපයේ පිහිටීම ගැනයි. ඔබේ පාද වල ඇති වෙනස්කම් නිරීක්ෂණය කර ඔබට තිබිය හැකි රෝගී තත්වයන් ගැන දල අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.


fb-like-beg


1 රෝම රහිත දෙපා

Image Source – brightside.me

ඔබේ දෙපා දෙස හොඳින් බලන්න. පය මත හෝ මහපට ඇඟිල්ල මත රෝම පිහිටා තිබෙනවාදැයි නිරීක්ෂණය කරන්න. ඔබේ පාද රෝම වලින් තොරයි නම්, ඔබේ රුධිර සංසරණ ක්‍රියාවලියේ ගැටළුවක් තියෙන්න වැඩි ඉඩක් තිබෙනවා.


2 නියපොත්තේ උත්තල ස්වභාවය වැඩි වීම

Image Source – brightside.me

පා ඇඟිලි වල නියපොතු වල පිහිටීම දෙස හොඳින් බලන්න. ඇඟිල්ලේ සමෙන් උඩට නියපොත්ත වැඩිපුර එසවී තිබෙනවා නම් එය යකඩ ඌණතාවයක් විය හැක. මේ නිසා හැකි ඉක්මනින් ලේ පරීක්ෂාවක් කර බැලීම සුදුසුය.


3 දිගු කාලීන තුවාල

Image Source – brightside.me

ඔබේ දෙපයේත් සුව නොවන තුවාල සහ දද දිගු කාලීනව තිබෙනවා නම් එය දියවැඩියා රෝගයේ ලක්ෂණයක් විය හැක. රුධිරගත සීනි ප්‍රමාණය ඉහල ගිය විටදී ඔබේ ස්නායු ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල සුව වීමට කල් ගත වෙනවා.


4 ශීතල වූ දෙපා

Image Source – brightside.me

විශේෂ හේතුවක් නොමැතිව, ඔබේ දෙපා අසාමාන්‍ය ලෙස ශීතල වෙනවා නම් එය ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළුවක් වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය පෝෂක කොටස් රුධිර නාල හරහා දෙපයට නිසි පරිදි ගලා නොයෑම නිසා, ඒවායේ අසාදන පවා ඇති වෙන්න පුළුවන්.


5 කහ පැහැති නියපොතු

Image Source – brightside.me

දෙපයේ නියපොතු කහ පැහැති වීමට හේතු විය හැක්කේ දිලීර රෝගයකුයි. මුළු දවස පුරා වාතාශ්‍රය ඇතුලු නොවන සපත්තු පැළඳ සිටීමෙන් මෙවැනි තත්වයක් උදා වෙන්න පුළුවන්. මෙහිදී දහදිය සමඟ බැක්ටීරියා ක්‍රියා කර දිලිර ආසාදන ඇති කරනවා.

SHARE